ජනපතිගේ ඉල්ලීමට ප්‍රතිචාර අනවසරයෙන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ළඟදීම වීසා

වීසා නොමැතිව ඉතාලියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසකට එළැඹෙන සැප්තැම්බර් මාසය අවසාන වීමට පෙර වීසා ලබා දීමේ වැඩපිළිවෙළක් ඉතාලි රජය ආරම්භ කොට ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ප්‍රථම ඉතාලියේ කළ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මේ අවස්ථාව ශ්‍රී ලාංනිකයින්ට හිමි වී තිබේ. මීට පෙර ශ්‍රී ලාංකිකයින්ට නීතියානුකූල වීසා බලපත්‍ර ලබා දී තිබුණේ වසර 2002 දීය. වසර 2002 සිට මේ දක්වා ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ 40,000 ක් දෙනා මෙවර ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පෙළගස්වන බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෝ පොරොන්දු වූහ.

ඉතාලියේ මිලානෝ සහ රෝමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවල ප්‍රබලයෝ ඊයේ (30) උදේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ ප්‍රතිඥාව ලබා දුන්හ.

කොටි ත්‍රස්තවාදීන් විසින් රට බෙදා වෙන් කිරීමේ අරමුණින් වසර තිහක් තිස්සේ සිදුකළ බිහිසුණු විනාශකාරී යුද්ධය සාර්ථකව නිමා කළ ජනාධිපතිතුමාට සිය කෘතඥතාවය පළ කිරීමට ද මේ පිරිස මෙහි දී අමතක නොකළහ.

මිලානෝ නුවර සිට රෝම නුවර දක්වා කිලෝමීටර් 800 ක් දුරගෙවා වීසා නොමැති ශ්‍රී ලාංකිකයෝ රැගෙන විත් ඔවුන්ට අවශ්‍ය නිසි අවසරපත් ලබා දීමට තමන් විසින් විශාල කැපවීමකින් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා හමු වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලානෝ ශාඛාවේ භාණ්ඩාගාරික ලොයිඩ් ගුණසේකර මහතා කීය.

විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම , ඉතාලි තානාපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරු මේ වැඩපිළිවෙළ සාර්ථක කැරැ ගැනීමට විශාල වැඩකොටසක් කළ බව සිහිපත් කළ ගුණසේකර මහතා ඇමැති මෛත්‍රීපාල සිරිසේන , ඩලස් අලහප්පෙරුම , දයාශ්‍රීත තිසේරා , සරත් කුමාර ගුණරත්න , ආචාර්ය මර්වින් සිල්වා , සහ පළාත් සභා මන්ත්‍රී ;මරිල් පෙරේරා මහත්වරු තම සංවිධානයේ කටයුතුවලට දැඩි කැපවීමකින් සුහදශීලිව කටයුතු කළ බවද සඳහන් කෙළේ ය.

මීට අමතරව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අපි වෙනුවෙන් අපි අරමුදලට වැඩිම මුදලක් පිරිනැමූ පිරිස ලෙස මෙහිදී ජනාධිපතිතුමාගේ් ප්‍රසංසාවට ලක් වූහ.

ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිලානෝ ශාඛාවේ ලේකම් අශෝක හෙට්ටිආරච්චි , රෝම ශාඛාවේ සභාපති කුමාරසිංහ ගමගේ සහ රෝම ශාඛාවේ භාණ්ඩාගාරික මිත්‍රානන්ද රත්නායක යන මහත්වරු සහභාගී වූහ.

read more “ජනපතිගේ ඉල්ලීමට ප්‍රතිචාර අනවසරයෙන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ළඟදීම වීසා”

පාකිස්තානයට ලබාදුන් නෞකා නාශක මිසයිල නීති විරෝධී අයුරින් වෙනස් කරලා අමෙරිකාව චෝදනා කරන බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

ඉන්දියාවට නව තර්ජනයක් ද ඇතිකරමින් ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකිවන පරිදි එක්සත් ජනපදයේ නිෂ්පාදිත නෞකා නාශක මිසයිල නීතිවිරෝධී අයුරින් වෙනස් කැර ඇතැයි එක්සත් ජනපද රජය පාකිස්තානයට චෝදනා කැර තිබේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙරේදා වාර්තා කළේ ය.

නිර්නාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කොංග්‍රස් මන්ත්‍රීන් උපුටමින් මෙ බව ප්‍රකාශ කරන පුවත්පත, එම චෝදනාව ප්‍රසිද්ධියට පත් නොකළ රාජ්‍ය තාන්ත්‍රික විරෝධතාවක් ලෙස පාකිස්තාන අගමැති යූසුන් රාසා ගිලානිට යොමුකැර ඇත්තේ ඉකුත් ජුනි මස බව සඳහන් කැර තිබේ.

1980 ගණන්වල නිරවි යුද සමයේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් පරිපාලනය යටතේ ආරක්ෂක අවියක් ලෙස භාවිතය සඳහා පාකිස්තානයට ලබා දුන් ‘හාපූන්’ නෞකා නාශක මිසයිලය සම්බන්ධයෙන් අදාළ චෝදනාව නැගී තිබේ.

එක්සත් ජනපද හමුදා හා බුද්ධි අංශ නිලධාරින් පවසන්නේ ‘අවි අපනයන පාලන පනත’ උල්ලංඝනය වන පරිද්දෙන් පාකිස්තානය මෙම මිසයිල වෙනස් කැර ඇති බවට ඔවුන් සැක පහළ කරන බවය.

මෙම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන පාකිස්තානය, චූදිත මිසයිලය ඔවුන්ගේ ම නිෂ්පාදනයක් බව කියා තිබේ. එහෙත් පාකිස්තානය නව ප්‍රහාරාත්මක අවියක් ලෙස ඉකුත් අප්‍රේල් 23 දා සැක කටයුතු මිසයිලයක් අත්හදා බලන ලද බව එක්සත් ජනපද බුද්ධි අංශ සොයාගෙන ඇත.

ටයිම්ස් පුවත්පත පවසන්නේ මෙය ඉන්දියාවට එරෙහි ව පාකිස්තාන යුද අවි ගබඩාවට අලුතින් එක්කැරෙන්නක් බව ය. පාකිස්තානය විසින් සංවර්ධිත ගොඩබිම් මිසයිල පද්ධතිය පරිපූර්ණත්වයට පත් කෙරෙමින් පාකිස්තාන නාවික හමුදාවට ගොඩබිම් ප්‍රහාර එල්ල කළ හැකිවන අයුරින් මෙම මිසයිල නිමවා ඇති බව ද එහි සඳහන් ය.

පාකිස්තානය හා ඉන්දියාව අතර යුද අවි තරගයක් ඇතිවීම වලකාලීමට එක්සත් ජනපදය දරන ප්‍රයත්නය ඉන් ව්‍යර්ථ වනු ඇති බව ද පුවත්පත පවසයි.

එක්සත් ජනපදය පවසන පරිදි යුද අවි ව්‍යාප්තිය හා භාවිතය සම්බන්ධයෙන් ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඒ පිළිබඳව අවධානය යොමු වූ වහාම ආක්‍රමණශීලි අයුරින් ක්‍රියාත්මක වනු ඇත.

මීට අතිරේකව අමෙරිකානු නීතිය තවදුරටත් උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගොඩබිම් මෙහෙයුම් සඳහා ලබාදුන් පී – 3 සී ගුවන්යානා ද වෙනස්කම්වලට භාජනය කැර ඇතැයි ද පාකිස්තානයට චෝදනා එල්ල වී තිබේ.

read more “පාකිස්තානයට ලබාදුන් නෞකා නාශක මිසයිල නීති විරෝධී අයුරින් වෙනස් කරලා අමෙරිකාව චෝදනා කරන බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි”

ජනපති - අගමැති ආරක්ෂක වෙස් ගෙන මුදල් වංචා කළ අයෙක් ඇප පිට

ජනාධිපති ආරක්ෂක අංශය සහ අගමැති ආරක්ෂක අංශයේ වෙස් ගෙන පුද්ගලයන් 35 දෙනකුගෙන් රුපියල් දශ ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන පුද්ගලයකු රුපියල් හාර ලක්ෂ දස දහසක මුදල් සහ ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කළාය.

මෙසේ ඇප මත මුදා හරින ලද්දේ කුරුණෑගල කොස්දෙණිය අරඹතිස්වැව පදිංචි ජී. නාරද ලක්ෂ්මන් වනිගරාජා නැමැත්තෙකි.

රජය ක්‍රියාත්මක කරන දිළිදු සහන වැඩපිළිවෙළ යටතේ තමාට පුද්ගලයන් ඩුබායි රටට යැවිය හැකි බව පවසා මොහු පුද්ගලයන් 35 දෙනකුගෙන් මුදල් වංචා කැර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙකී වංචා කරන විට සැකකරු පදිංචිව සිට ඇත්තේ දිවුලපිටිය පොලිස් වසමට අයත් හොරම්පැල්ල අරංගොඩ ප්‍රදේශයේය.

සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කැර තිබෙන පැමිණිල්ල අනුව මෙකී වංචා සිදුකිරීම සඳහා සැකකරු තමා ජනාධිපති ආරක්ෂක අංශය සහ අගමැති ආරක්ෂක අංශයේ බවට සඳහන් කරමින් සකසා තිබූ ව්‍යාජ හැඳුනුම්පත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

මීට අමතරව සැකකරු විවාහ හතරක් සිදු කැර ගෙන තිබෙන බවට කරුණු හෙළිවී ඇතැයි මේ නඩුවේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් ගොඩ්ප්‍රි කුරේ, චනුක කුරේ යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

නඩුවේ වැඩිදුර විභාගය ලබන සැස්තැම්බර් මස 17 වැනි දිනට කල් තැබිණි.

read more “ජනපති - අගමැති ආරක්ෂක වෙස් ගෙන මුදල් වංචා කළ අයෙක් ඇප පිට”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය නිසියාකාරව යොදවනවා ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය

I M F ණය මුදල ලැබීමෙන් පසු රටේ ආර්ථිකය කෙසේ ද යන්නත්, ඉදිරියට ආර්ථිකය නිසියාකාරව මෙහෙයවා ගැනීම පිළිබඳවත් , ඇතැම් අර්බුද හා ඒවාට ඇති විසැඳුම් ගැනත් , දකුණේ මැතිවරණය ගැනත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ‘දිනමිණ’ ට මෙලෙස අදහස් දක්වයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශාල ණයක් රටට ලැබුණා. මේ මුදල ලැබීමත් සමඟ ඇති වී ඇති තත්ත්වය ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද ?

අපේ රට වෙනුවෙන් අමෙරිකන් ඩොලර් බිලියන 2.6 ක ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් වෙන් කර අවසන්. එහි මුල් ගෙවීමත් දැනට කරල තියෙන්නෙ, දෙවැනි ගෙවීමත් දැන් කරන්න ළඟයි. ඒ නිසා මේ ගැන වාද – විවාද කිරීම අවශ්‍ය නෑ. ඒක තමයි යථාර්ථය. දැන් අපි බලන්න ඕන මේකෙන් ලැබෙන ප්‍රතිඵල දිහා. පළමු වන ප්‍රතිඵලය ඉතාම පැහැදිලිව සංඛ්‍යා ලේඛන ඇතිව අපට පෙන්වා දෙන්න පුළුවන්.

ඒ මේ කාලය තුළ අපේ විදේශ සංචිතය ඇ. ඩො. බිලියන 3.2 දක්වා ගිහින් තියෙනවා. තවමත් අපට ලැබිල තියෙන්නෙ මුළු ණය මුදලෙන් ඇ. ඩො. 300ක් විතර. එහෙම නම් සංචිතයේ ඉතිරි ප්‍රමාණය ආර්ථික ගනුදෙනු ඔස්සේ මේ රටට ගලාඑන විදේශ විනිමය ඒ තත්ත්වය ඇති වෙන්න මූල්‍ය අරමුදලෙන් අපට දෙන ලද සහතිකය ඉතාමත් ම වැදගත් වුණා.

අපේ ආර්ථික කළමනාකරණය පිළිබඳව ලැබුණු සහතිකයක් ලෙසත් මෙය සලකන්න පුළුවනි. අපත් සමඟ ම වගේ් මෙවැනි ණය මුදලක් ඉල්ලා සිටි බංග්ලාදේශයට මුදල් ලැබුණේ ගිය සුමානෙ. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ආර්ථික ක්ෂේත්‍රයෙන් අපට උදවු කරන්න ධ් ර් ජ් එකටත් එතරම් අසීරු නොවුණ බවයි. දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න ඇති වුණා .

ඒත් කිසි රටක් අපට එරෙහිව ඡන්දය දුන්නේ නෑ. කලින් මධ්‍යස්ථ වුන ඡපානය , ඉතාලිය වගේ් රටවල් අපිත් එක්ක ඡන්දය දෙද්දි යුරෝපා හවුලේ සමහර රටවල් ඡන්දය දීමෙන් වැළැකුණා. යෝජනාව සම්මත වුණා. මේකෙන් පෙනෙන්නෙ ලෝකයේ ඉහළ ම මූල්‍ය කළමනාකරණ හා විමර්ශනය කරන ආයතනය වන ධ් ර් ජ් එකෙන් තාක්ෂණික වශයෙන් ඉහළම මට්ටමේ සහතිකයක් අපට ලැබුණ බවයි.

මේ ඔස්සේ ලංකාව තුළ ආයෝජනය කරන අයත් වැඩි වෙලා තියෙන බව පෙනෙනවා. ආයෝජන කිරීම සඳහා අපේ රටේ ඇති වාතාවරණය විමසා බැලූ ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්’ නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනය අපේ ස්ථාවරභාවය පිළිබඳ දෙන ලද ලකුණු ඕ සිට ඕ ++ දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ අලුත්ම තත්ත්වය. මේ ආදී සෑම විමර්ශනයකින් ම පෙනෙන්නෙ තත්ත්වය හොඳ අතට හැරී ඇති බවයි.

මේ විදිහට අපේ රටට අලුතින් මුුදල් ගලාඑන මාර්ග හඳුනාගන්න පුළුවන් ද ?

ප්‍රධානතම අර්බුද සමය තුළ අපේ බැඳුම්කර ආදියේ අයෝජන කර තිබූ විදේශිකයන් ඒ මුදල් ආපසු රැගෙන ගියා. දැන් ආපහු සල්ලි අරන් එනවා. අර්බුදකාරී වාතාවරණය යටතේ ඇ. ඩො . මිලියන 600 ක් විතර රටින් පිටට ගියා. ලෝක නීතියට අනුව මුදල් දාපු අය ආපසු ඉල්ලුවාම අපි ඒ මුදල් දෙන්න ඕන. එහෙම මුදල් ආපසු ගත්ත අය දැන් යළිත් එනවා. ඔවුන් විතරක් නෙමෙයි අලුත් අයත් එනවා. ඒ නිසා ධ් ර් ජ් එකෙන් ලැබුණු පළමු වාරිකය තරම් ප්‍රමාණයක් ඇ. ඩො. 300 ක් එක් දවසකින් ලංකාවට ආවා. දවසින් දවස අපේ විදේශ විනිමය තත්ත්වය හොඳ අතට හැරෙනවා.

මේ ණය මුදල විවේචනය කරන සමහරු කියන්නේ මේ මුදල් පාවිච්චි කරන්න බැහැ. ඒවා නිකම්ම හිර කරල තියෙන්නෙ කියලා ..?

ඕක හරිම බොළඳ තර්කයක්නෙ . ඒක මම කියපු කරුණු වලිනුත් පෙනෙනවා. මේ වගේ මුදලක් නොලැබුණා නම් අපට වෙන්නෙ මාස 3 ක විදේශ විනිමය සංරක්ෂණය කරන්න. අපි සංචාරක ව්‍යාපාරය ආදිය හරහා උපයාගත් විනිමය යොදවන්න. නමුත් දැන් මේ මුදල් සංචිතවල ස්ථාවරව තියෙන නිසා අපට ලැබෙන මුදල් සුදුසු පරිදි පරිහරණය කරන්න පුළුවන් .

අනික ඩොලර් බිලියන 2.6 ක් අපට ලැබෙන්නෙ සියයට එකේ පොලියට. සාමාන්‍යයෙන් ලෝකයේ වෙළෙඳාම් කරන්නේ සියයට පහේ පොළියට. ඒ නිසා මේක ඉතා සහනදායි ණයක්. මේ ලැබෙන මුදල් සියයට පහේ පොළියට වෙනත් තැනක තැන්පත් කළ හැකි ද කියන එක ගැනත් අපට අවධානය යොමු කරන්න පුළුවනි. එතකොට ණය ගෙවනවා විතරක් නෙමෙයි, රටට ආදායමකුත් ගලා එනවා. එවිට ණය මුදල ලේසියෙන්ම ගෙවා දැමිය හැකි ආර්ථික ක්‍රියාදාමයක් කරා යොමුවිය හැකියි.

මේ ණය මුදල ලැබීමත් සමඟ ඇතිවිය හැකි වර්ධනයන් පිළිබඳ යමක් සඳහන් කළ හැකි ද ?

එකක් තමයි , තෙල් මිල දරන්න පුළුවන් මට්ටමක දෝලනය වෙමින් තිබීම. ඒත් එක්කම යටිතල පහසුකම් නැංවීම සඳහා අපකළ ආයෝජන ප්‍රතිඵල ලබා දෙමින් තියෙනවා. හොඳම නිදසුන නොරෙච්චෝලේ මෙගාවොට් 300 ක් ලබා දෙන පළමු පියවර සම්පූර්ණ වන විට, ඉතිරි 300 සඳහා මුදල් ලබා දෙන්න චීනය දැන් සුදානම්.

සැලසුම්ගත කාල පරිච්ඡේදයටත් වඩා ඉක්මනින් මේ වැඩ කෙරීගෙන යනවා. කොත්මලේ බලාගාරයේ වැඩත් අවසන් වෙමින් තියෙන්නෙ. මේ රටේ විදුලිබල ඉල්ලුම වාර්ෂිකව 10% කින් වැඩි වෙනවා. රටේ ආර්ථික වේගය වාර්ෂිකව 6% , 7% කින්වත් පවත්වා ගන්න නම් විදුලි බල සැපැයුමක් වාර්ෂිකව 10% ක්වත් ඉහළ දැමිය යුතුයි. මීට කලින් ඔය 10% ට යන්න බැරිවුණා. නමුත්, දැන් ඒ මට්ටමත් අභිබවා අපට ඉදිරියට යාමට හැකි වෙනවා.

විදුලිබල සේවකයන් කවුරුන් හෝ මේ වෙලාවෙ කලබල කරනවා නම් එය ජනතාවට ද්‍රෝහී වීමක්. ක්‍රමයෙන් ගොඩනඟා ගෙන එද්දී ආයෙම වළකට තල්ලු කිරීමක් තමයි ඒවයින් වෙන්නෙ. මෙහෙම කලබල කරන අය විදුලි බල මණ්ඩලය කළමනාකණය අතින් සාර්ථක ආයතනයක් බවට පත් කරනවා ට කිසිදාක කැමැති නැහැ. මොක ද එතකොට දූෂණයටත් ඉඩක් නැහැ. ඇත්තටම දැන් එහි සේවකයො අතිරික්තයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට පමණක් බඳවාගෙන තිබුණා නම් ඒ පිරිසට දැන් වගේ දෙගුණයක් පඩි ගෙවන්න වුණත් තිබුණා. ජනතාවට ලාභෙට විදුලිය දෙන්නත් තිබුණා.

සමහර රාජ්‍ය ආයතනවලට දේශපාලන හේතුන් මත සාඩින් ටින් පුරවනව වගේ මිනිස්සු පිරවීම නිසා අර්බුද ඇති වුණා.

විදුලිය ප්‍රගතියෙන් ඇත් වෙමින් තිබිය දී වරාය – ගුවන් තොටුපොළ - අධිවේගී මාර්ග ආදියත් ඉදිවෙමින් තියෙන්නෙ. රටේ මාර්ග පද්ධතියේ දැඩි විශාල දියුණුවක් ඇතිවෙලා. උතුර – නැඟෙනහිරත් ඒවා ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් තියෙනවා. යටිතල පහසුකම් ඉහළ නැංවීම අතින් හොඳ ප්‍රගතියක් දකින්න පුළුවනි. මීටත් වඩා අපට ආධාර ලබා ගන්නත් පුළුවනි. දැන් අපේ අඳුරු කාලය ගෙවිල අවසන් වෙමින් තියෙන්නෙ. මේ අප කළ ආයෝජනවල ප්‍රතිඵල අත් විඳින කාලය. විශේෂයෙන් ගතවුණු මාස 3 තුළ අපේ ආර්ථිකයේ නව නැම්මක් ඇති වුණා.

සැබෑ ප්‍රතිඵල දකින්න නම් මේ මුදල ලැබුණටම මදී. එය හරියාකාර යොදවා ගැනීමත් සිදුවිය යුතුයි නේද ?

ඔව් , කොපමණ මුදලක් ලැබුණත් එය නිසියාකාරව භාවිතාවට නොයෙදුනොත් එය ජනතාවට , රටට කරන පාඩුවක් , ඒ නිසා මේ මුදල් ලබාගෙන රටේ ආර්ථිකය හරියාකාර මෙහෙයවා ගැනීමත් ඉතාම අවශ්‍යයි. කලින් ණය මුදල් ගැනීම පවා අසීරු වෙලා තිබුණා. නමුත් දැන් අපට ලැබෙනවා මේ වෙලාවේ අති දක්ෂ කළමනාකරණයක් කරා අපි යොමු විය යුතුයි. බලන්න උතුර – නැඟෙනරහිර කටයුතු මොනතරම් හොඳින් කළමනාකරණය කරල තියෙනවද කියලා.

අවංකවම කිව්වොත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ කැපවීම ඒක කවුරුත් පිළිගන්නවා . ඒ වගේ විශේෂ අවධානයක් යොමුවිය යුතු විදුලිබල මණ්ඩලය , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව , දුම්රිය , ලංගම , ආදී ආයතනවල මීට වඩා කළමනාකරණය දියුණු විය යුතුයි. කැපවීමත් අවශ්‍යයයි. වචනවලින් ඔබ්බට , ගණනය කළ හැකි සංඛ්‍යාත්මක ලාභයක් දක්වා ඒවා යා යුතුයි. දූෂණයට - සොරකමට ඉඩ නොතැබිය යුතුයි, දැඩි පරිපාලන තීරණ ගත යුතු නම් ඒවා ගන්න ඕන.

පසුගියදා ජනාධිපතිතුමා පැහැදිලිවම අවධාරණය කළේ රේගුව , දේශීය ආදායම් සහ සුරා බදු කියන සම්ප්‍රදායික ආදායම් මාර්ග 3 ශක්තිමත් කොට රටට ලැබෙන මුදල් ප්‍රමාණය දිය යුතුයි කියලා. ඊට අවශ්‍ය යම් පියවර ද ගෙන තිබෙනවා. මේ නිසා පාලනයක් තිබීම අවශ්‍යයයි. පාඩු ලබන ආයතතන හැමදාමත් පාඩු සහිතව ගෙනියන්න බැහැ. ඒවා ගොඩනැඟීම කළ යුතුයි. නැත්නම් ඒවා පවත්වා ගෙන යාමට වැය වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල්. මේ ආයතන බොහොමයක විශාල සේවක අතිරික්තයක් ඉන්නවා. නමුත් , දැන් ටිකෙන් ටික මේවා හොඳ අතට හැරෙමින් තියෙනවා.

ප්‍රවාහන ඇමැතිතුමා දුම්රිය ලංගම වැනි ආයතන ගොඩගන්න පුදුමාකාර කැපවීමක් කරනවා. පසුගිය කාලයේ පෞද්ගලික බසයකට සේවකයො තුන් දෙනයි නම් ලංගම බසයට සේවකයො 15ක් විතර වෙන්න ලංගම විශාල සේවක පිරිසක් හිටියා. තුන් දෙනාට පඩි ගෙවන්න පුළුවන් මුදලක් උපයලා පහළොවක පඩි දෙන්න කොහොම ද ප්‍රශ්න ඇති’ වෙනවා.

ලංගමට දුම්රියට මුළුමනින්ම මූලික ප්‍රාග්ධනය ආයෝජනය කරන්නෙ රජය බව අපි අමතක නොකළ යුතුයි. වාර්ෂිකව රජය ලංගමට බස් සිය ගණනින් ගෙන්වනවා. දුම්රිය මැදිරි ගෙන්වනවා. මේ නිසා පෞද්ගලික අංශය හා රජය අතර විශාල පරතරයක් තියෙනවා. හැබැයි එහෙම තිබියදීත් මීට වඩා ප්‍රගමනයක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා.

රට ගොඩනැඟීම සඳහා විශාල ප්‍රයත්නයක් දරමින් සිටින අතර , රටේ යම් යම් අර්බුදත් මතු වි පෙනෙනවා. ඒවා කාලයක් තිස්සේ වර්ධනය වු වා විය හැකියි. නිදසුනක් අධ්‍යාපන කේෂ්ත්‍රයේ අර්බුද මේවා ගැන ඔබේ දැක්ම කෙබඳු ද ?

අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාම යල් පැනපු එකක්. දැන් මේ පුංචි පුංචි අර්බුද දිනපතා පුවත්පත් වල පළ වෙනවා. මේකෙ යටින් තියෙන හරය තමයි පවතින දේ හා යථාර්ථය අතර ගැටීම. මෙතෙක් කල් බලාගෙන සිටියත් තවත් කල් මේ අර්බුදකාරී අධ්‍යාපනය හා වර්තමාන අවශ්‍යතාවට ඒකට යන්න බැහැ. කොතැනදී හරි වෙනසක් කරන්න වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ අඩු පාඩු නිසා රැකියා කරන්න බැරි විශාල පිරිසක් වාර්ෂිකව සමාජයට තල්ලු වෙනවා.

පාසල් අධ්‍යාපනයෙන් නිසි වෘත්තීය දැනුමක් ලැබෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා උසස් පෙළට 250,000 ක් විතර ලියද්දි, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ 17,000ක් විතර. මව්පියො දස වධ විඳලා 10,000 ක් විතර ළමයි පිටරට ඉගෙන ගන්න යවනවා. සෝමාලියාව හැර ඕනෑම රටකට ළමයි යවනවා. මේ ඔක්කොම එකතු කළත් 30,000 ක් විතර. ඉතුරු 220,000 ම නිසි සුදුසුකමක් ලබා ගන්න විදිහක් නැතිව එළියෙ.

ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ විශාල අර්බුද විසඳන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රාජ්‍ය අංශය ගොඩනඟන්න අසීරුයි. නියම දැනුම සහිත පිරිසක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිකළ යුතු වන්නේ ඒකයි. මේ කාරණය පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කළ යුතු මාතෘකාවක්.

අනෙක මේ කාරණයේ දී දේශපාලනඥයාත් අසරණ වෙනවා. මොකද ඔහු දැඩි ස්ථාවරයක සිටියොත් ඡන්ද නැති වෙනවා. ඒ නිසා සමහර දේශපාලනඥයන් තමන්ගේ ප්‍රදේශවල අයගෙන් ඇතැම් ආයතන පුරවනවා. ඒක ප්‍රශ්නයක් . මං මේක වෙන විදිහකට පැහැදිලි කරන්නම්. කොළොන්නාව කියන්නේ තෙල් නගරයක් , ඒත් , ඛනිජ තෙල් සංස්ථාව ඒ ප්‍රදේශයෙ පිට්ටනියක් , ඉස්කෝලයක් වත් හදල තියෙනවා ද? හැබැයි ලෝකයේ තෙල් නිපදවන ජෙඩා , රියා වගේ නගරවල සම්පූර්ණ සේවාවන් , ශුභ සාධන කටයුතු ආදී හැමදේම කරන්නේ ඒ තෙල් සමාගම්. ඔවුන් නගර නිර්මාණය කරනවා. අලංකරණ කටයුතු කරනවා. මැලේසියාවේ පෙට්‍රොනාස් ටවර් කියන්නේ එරට තෙල් ආයතනයේ විශාල ආයෝජනයක්. නමුත් අපට වෙලා තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව තමන්ගේ මුදල් කොළොන්නාවට ආයෝජනය කරනවා වෙනුවට තව තවත් රැකියා දීපු එකේ බර දරාගන්න.

දකුණු පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ජනතාව මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වා වි කියල ඔබ හිතනවා ද?

ඌවෙදි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව අපි කිව්වා. ඒ විදියට ම ලැබුණා. දකුªණෙදිත් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. අපි කතා කළ අර්බුදයෙන් ගොඩ එන්නට නම් ඒක විසැඳුමක් තමයි.

ප්‍රාදේශීය සංවර්ධනය , පළාත් සභාවල ප්‍රධාන අරමුණ පළාත් බදව ප්‍රාදේශීයව දියුණුවක් ඇති කරන එක. හොඳට දියුණු කරන්න පුළුවන් සම්පත් බහුලම පළාත දකුණ. ඛනිජ සම්පත් , ජෛව විවිධත්වය , සංචාරක කර්මාන්ත ය , නොයෙක් ප්‍රවාහන පහසුකම් ආදිය නිසා දකුණ විශේෂයි’ නව වරාය , ගුවන්තොටුපළ ඉදිවෙමින් තියෙනවා.

අනාගතය සම්බන්ධයෙන් ආදර්ශවත් ප්‍රාදේශීය සංවර්ධනයක් දකුණෙන් ඇති කළ හැකියි. ඒ කියන්නෙ ප්‍රාදේශීය සංවර්ධන මොඩලයක්. අනෙක දකුණේ ජනතාවට වර්තමාන ලෝකයක් සමඟ බද්ධවීමට ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ ඡන්දෙදි දකුණේ ජනතාවට තීරණය කරන්න තියෙන්නේ. මේ නව සංවර්ධන සැළැස්මට තමන් අනුගත වනවාද කියන කාරණයයි.

රජය දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් දකුණට යොමු කරලයි තියෙන්නේ. වරාය , ගුවන් තොටුපළ , අධිවේගී මාර්ග , පමණකුත් නෙවෙයි, අධ්‍යාපන , සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතියෙනුත් ඒ බව පැහැදිලියි. මේ නිසා දකුණ ප්‍රාදේශීය සංවර්ධන මොඩලය බවට පත් කිරීමට තමන්ට ලැබුණු අනගි අවස්ථාව දකුණේ බුද්ධිමත් ජනතාව අත්හරින්නේ නැහැ.

read more “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය නිසියාකාරව යොදවනවා ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය”

හිඟුරක්ගොඩ ප්‍රා. සභා විපක්‍ෂ නායක ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී

හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ඩී. ආර්. උඩවත්ත මහතා ඊයේ (28) හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීමේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගෙනයන රජයේ සංවර්ධන ක්‍රියාවලියට සහාය දැක්වීමක් වශයෙන් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ අසුන් ගත්තේය. එම දේශපාලන මාරුව සිදුකිරීමට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේ කීය.

මෙරට වෙලාගෙන තිබූ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ ජනාධිපතිතුමා දැන් රට සංවර්ධනය කිරීමේ කාර්යය අරඹා ඇති හෙයින් ඊට සහාය ලබාදීම අප සැමගේ යුතුකමක්. එජාපයේ නිසි නායකත්වයක් නැති නිසා පක්‍ෂය හෝදා පාළුවට යාම නැවැත්විය නොහැකියි. ඉදිරියේ දී තව තවත් එජාපයේ කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වෙමින් ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළට සහාය දෙනවා සිකුරු යයි ද ඒ මහතා කීය.

read more “හිඟුරක්ගොඩ ප්‍රා. සභා විපක්‍ෂ නායක ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනී”

එල්ටීටීඊ සංවිධානයේ රැඳවියන් පුනරුත්ථාපනයට කෝටි 200ක් ජාත්‍යන්තර අවතැන්වුවන්ගේ සංවිධානය සමඟ ගිවිසුමක්

එල්.ටී.ටී.ඊ සංවිධානය අතහැර රජයට භාර වූ සහ ආරක්‍ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් පිරිස පුනරුත්ථාපනයට ජාත්‍යන්තර අවතැන්වුවන්ගේ සංවිධානය (ධ්ර්‍ණර්) හරහා රුපියල් කෝටි 150ත් 200ත් අතර මුදලක් ලබා ගැනීමට රජය සූදානම් වේ.

ඒ අනුව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ජාත්‍යන්තර අවතැන්වුවන් ගේ සංවිධානය අතර ගිවිසුම මේ සතියේ දී කොළඹ දී අස්සන් තැබේ.

කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කළ පසු, උතුරු - නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය ගන්නා යහපත් උත්සාහයට විශාල රුකුලක් මෙමගින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

මෙම ගිවිසුමට අනුව ඉතා ඉක්මනින් මෙරටට ලබා ගැනීමට ඉලක්ක කර ඇති මුදල ප්‍රදානය කිරීමට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි බටහිර රටවල් ද, ජපානය, ඉන්දියාව වැනි ආසියානු රටවල් ද මූලික එකඟතාවය පළකොට ඇතැයි අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය කියා සිටියි.

එල්.ටී.ටී.ඊ සංවිධානය අතහැර හා ආරක්‍ෂක හමුදාවන්ට භාරවූ පිරිස පුනරුත්ථාපනය කිරීම් යටතේ ඔවුන්ට පරිගණක හා තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීම, වඩු, මේසන්, ඇඳුම් මැසීම, විද්‍යුත් පාඨමාලා හැදෑරීමට ඉඩ ලබාදීම සිදු කිරීමට නියමිත ය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ පැවැති පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ කටයුතු ඉකුත් දා සිට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ විෂය පථයට විශේෂ ගැසට් නිවේදනයකින් ලබා දී තිබේ. උතුරු - නැඟෙනහිර පළාතේ මානව සම්පත නිසි ලෙස රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම මේ මුදල් යොදාගෙන සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

read more “එල්ටීටීඊ සංවිධානයේ රැඳවියන් පුනරුත්ථාපනයට කෝටි 200ක් ජාත්‍යන්තර අවතැන්වුවන්ගේ සංවිධානය සමඟ ගිවිසුමක්”

ජාතිවාදී දේශපාලනය එපා අපි එක පවුලක සොහොයුරන් ජනපති අක්කරෙයිපත්තුවේ දී කියයි

ත්‍රස්තවාදය නිම කළ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් බෙදී වෙන් වී ජාතිවාදී දේශපාලනයේ යෙදීම සුදුසු නැතැයි ද අපි සියලු දෙනා එක පවුලක සහෝදරයන් බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේ ය.

මේ රටේ ජනතාව අතර දැන් කිසිදු බේදයක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා යළිත් කිසිදු බේදයක් ඇති වන්නට ඉඩ නොමැති බවත් පැවැසීය.

රටට ආදරය කරන සියලු දෙනා ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් බවත්, තමන්ට මෙන් ම අනෙක් සැම දෙනාටමත් පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් වැදගත් විය යුත්තේ මවුබිම බවත් ජනපතිවරයා සඳහන් කෙළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ජාතික කොංග්‍රසයේ 5 වැනි සම්මේලනය අක්කරෙයිපත්තුව මහජන ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවට එක්වෙමිනි.

රුදුරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගෙන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැඟෙනහිර ජනතාවගේ උපහාරය පුද කිරීමේ උළෙල ද පෙරේදා (29) පැවැත්විණි. ජල සම්පාදන හා ජලාපවහන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය මේ උපහාර උළෙල සංවිධානය කළ අතර එම කොංග්‍රසයේ පස්වැනි වාර්ෂික සමුළුවක් මීට සමගාමීව පැවැත්විණි.

2005 වසරේ දී එවකට අගමැතිවරයාව සිටිය දී අක්කරෙයිපත්තුවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික කොංග්‍රස් නායකයාට සහ මුස්ලිම් ජනතාවට දුන් ප්‍රතිඥාව අකුරටම ඉටු කරමින් මේ වාර්ෂික සමුළුව සහ උපහාර උළෙලට සහභාගී විය.

ත්‍රස්තවාදය නිම කොට රටට සාමය උදා කිරීම සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි දේශයක් ගොඩනැගීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම ආදී වශයෙන් එදා මුස්ලිම් ජනතාවගෙන් නැගුණු ඉල්ලීම් ඉටුකළ ජනාධිපතිවරයාගේ සපැමිණීම ඒ ජනතාව විශේෂ ගෞරවාදරයෙන් සැළකූ කරුණක් වූ අතර ජනාධිපතිවරයා රැගත් යානය ඉහළ අහසේ දිස් වූ මොහොත් සිට උත්සව භූ®මියෙන් පිටව යනතුරුම එකම ප්‍රීති ඝෝෂාවකින් අක්කරෙයිපත්තුව වැසී ගියේ ය.

තමන් කරන සෑම දෙයකට ම විරුද්ධව විපක්ෂය අසත්‍ය ප්‍රචාර කරමින් සිටින බව සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවා විශ්වාස නොකරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

තමා රටේ නායකයා මෙන් ම ජනතාවගේ මිත්‍රයා ඥාතියා ද වන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමා ජනතාව කෙරෙහි විශ්වාසය තබන අයුරින් ජනතාව ද තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව අවධාරණය කෙළේය.

ජාතික කොංග්‍රසයේ නායක, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති ඒ. එම්. අතාවුල්ලා, සමාජ සේවා සහ සමාජ සුබ සාධන ඇමැති ඩග්ලස් දේවානන්දා, නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, කම්කරු ඇමැති මර්වින් සිල්වා, ජාතික කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක දොස්තර උදුමා ලෙබ්බේ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ
read more “ජාතිවාදී දේශපාලනය එපා අපි එක පවුලක සොහොයුරන් ජනපති අක්කරෙයිපත්තුවේ දී කියයි”

රනිල් නායකකම රැකගන්න කරු බිල්ලට දීමට යයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය කරු ජයසූරිය මහතාට පවරා ඇඟ බේරා ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග මගින් දැන ගැනීමට තිබේ.

මේ සඳහා රනිල් වාදීන්ගේ කැමැත්තත් කැරැළිකාර කණ්ඩායමේ කැමැත්තත් ලබා ගැනීමට පහසු වනු ඇතැයි වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ඔහුට පෙන්වා දී ඇත.

නියත වශයෙන් එජාපය ජනාධිපතිවරණය පරාජය වන නිසා වික්‍රමසිංහ මහතාට තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමේ අවස්ථාව උදාවන බව සමීපතමයන් වික්‍රමසිංහ මහතාට උපදෙස් දී ඇති බවද දැන ගැනීමට තිබේ.

එහිදී තමා තවමත් පිරිහී නැති බවට තර්ක කර ඇති වික්‍රමසිංහ මහතා අවසානයේ සමීපතම උපදේශකයන්ගේ බහට එකඟ වී ඇති බවද දැන ගැනීමට ඇත.

එස්. බී. දිසානායක මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ යැයි කරන ප්‍රචාරයද රනිල් හිතවාදීන්ගේ තවත් උපායක් බවද දැන ගැනීමට තිබේ.

කරු ජයසූරිය මහතා අපේක්ෂකත්වය බාරගත හොත් එස්. බී. ලවා කරුගේ කකුළෙන් ඇද කරු දේශපාලන සරණාගතයකු කිරීමේ සැලැස්මක්ද මේ සමඟ ක්‍රියාත්මක කරන ලෙස වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවට කරුණු අනාවරණය වේ.

කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ එජාප පාක්ෂිකයන්ට ගැටලුවක් වී තිබේ.

read more “රනිල් නායකකම රැකගන්න කරු බිල්ලට දීමට යයි”

අධ්‍යාපන පරිපාලන සේවය-1 පුරප්පාඩු සියල්ල ලබන මස පුරවනවා

අධ්‍යාපන පරිපාලන සේවයේ ධ් පංතියේ පුරප්පාඩු සියල්ලම මේ වසරේ සැප්තැම්බර් මස අගවන විට සම්පූර්ණයෙන් පිරවීමට පියවර ගන්නා බව‘ අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේදී පැවති විදුහල්පති සේවයේ ධ් පංතියට උසස් කිරීමේ ලිපි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1996 වසරෙන් පසුව මේ වන තෙක් වසර 13 තිස්සේ ප්‍රමාද වී තිබූ මෙම උසස්වීම් ලබාදීම සඳහා තමා අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත්විට නොයෙකුත් අවස්ථාවල උත්සාහ දැරූ බවයි.

අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරමින් මීට වසර දෙකකට පෙර මෙම පත්වීම් ලබාදීමට දැරූ උත්සාහයන් කිහිප වතාවක්ම රාජ්‍ය සේවා කොමිෂම මගින් අවලංගු කළ බව ද අමාත්‍යතුමා පැවසීය. නමුත් රාජ්‍ය සේවා කොමිෂම අහෝසි වී පළමු මාස දෙක තුළ මෙම පත්වීම් ලබාදීමට හැකියාව ලැබූ බව අධ්‍යාපන අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

read more “අධ්‍යාපන පරිපාලන සේවය-1 පුරප්පාඩු සියල්ල ලබන මස පුරවනවා”

මොබයිල් ෆෝන් මල් කැඩිල්ල

මැදිවිය ඉක්මවූ පිරිමියෙක් තරුණ කාන්තාවක් සමඟ විවාහ විය. මේ අතර ඔහුට මිතුරකුගෙන් දැනගන්නට ලැබෙන්නේ මුහුදු බෙල්ලන් කෑමෙන් නැවත තරුණභාවය ලබාගත හැකි බවකි.

එතැන් සිට ඔහු මුහුදු බෙල්ලන් කෑමේ ආසාවෙන් පෙළෙන්නට විය. එහෙත් මුහුදු පතුළේ කිමිදී අවදානම්, අඳුරු ගල්පර අතර පිහිනමින් බෙල්ලන් කැඩීමට තරම් කාය ශක්තියක් ඔහුට නැත.

මෙවිට තරුණ බිරිය ඔහුගේ සහායට ඉදිරිපත් වූවා ය. දෙදෙනා ගේ ම කැමැත්ත පරිදි කිමිදුම්කරුවකු සේවයට යොදා ගැනිණි. කිමිදුම්කරුවා තරුණය. ජවසම්පන්න ය. වියපත් සැමියා හා තරුණ බිරිය විවේක සුවයෙන් පසුවෙද්දී කිමිදුම්කරුවා ඔවුන් වෙනුවෙන් මුහුදු පතුලේ කිමිදෙයි.

අවදානම් ගල්පර අතර පිහිනමින් බෙල්ලන් කඩා ගෙනැවිත් දෙයි.

පළමු දිනෙයේම කිමිදුම්කරුවා විවාහක යුවළගේ සිත් දිනාගනී. දින කිහිපයක් ගතවූ තැන; තරුණ බිරිය ද කිමිදුම්කරුවා සමඟ බෙල්ලන් කැඩීමට යෑමට ගත්තා ය.

වැඩිකල් නො ගොස් මේ තරුණ යුවළ අතර හාදකමක් හට ගත්තේ ය. වියපත් මිනිහා තරුණභාවය ගැන සිහින මවමින් බෝට්ටුවේ හෝ වෙරළේ සිටියදී ඔහුගේ බිරිය හා කිමිදුම්කරුවා අඳුරු ගල්පර අතර කාලය ගත කළහ.

වියපත් මිනිසාගේ තරුණ භාවය පිළිබඳ විචිත්‍ර කල්පනාව රඳා පැවතුණේ කිමිදුම්කරුවා මත ය. එසේ ම තම සැමියා සතුව නැති තරුණ භාවය සැබවින් ම ස්පර්ශ කිරීමට තරුණ බිරියට අවස්ථාව ලැබෙන්නේ ද කිමිදුම්කරුවා වෙතින් ය.

විවාහක යුවළ තරුණ භාවය වෙනුවෙන් කිමිදුම්කරුවා මත යැපෙන්නට ගනිත්ම ඒ දෙදෙනා අභිබවා ආධිපත්‍යය පතුරුවන්නට කිමිදුම්කරුවා සමත් වෙයි. ඒ සොඳුරු ආධිපත්‍යයකි.

කතාවේ අවසානය ඛේදාන්තයකි. මගේ මතකය නිවැරදි නම් මේ චරිත ත්‍රිත්වය එන්නේ එමිල් සෝලා ගේ කෙටිකතාවක ය.

ඒ කිමිදුම්කරුවා අද ජංගම දුරකතනයක් බවට පත්ව ලොව පුරා සෑම තැනෙකම කිමිදෙමින් සැරිසරමින් සිටී. පෙම්වතාට හෝ පෙම්වතියට සැබවින් ම යා නොහැකි ඕනෑම තැනෙකට ඔවුන් වෙනුවෙන් යන්නේ ජංගම දුරකථනයයි.

වියපත් මිනිහාගේ තරුණ භාවය පිළිබඳ ආශාව කිමිදුම්කරුවා විසින් පිනවනු ලැබූ ආකාරයෙන් ම අද පෙම්වතුන් ගේ විචිත්‍ර කල්පනා ජංගම දුරකථනය විසින් පිනවනු ලැබේ.

අතීතයේදී උද්‍යාන, මුහුදු වෙරළ, වැටකෙයියා පඳුරු හෝ සිනමා ශාලා යනාදිය පෙම්වතුන් - පෙම්වතියන් හමුවූ තැන් ය. අද ඒ තැන් පාළුවට ගොසින් ය. පෙම්වතිය කහටගස්දිගිලියේ තම නිවසේ මුළුතැන්ගෙයි සිට ලූනු සුද්ද කරමින් සිටී.

ඇගේ පෙම්වතා ඒ වනවිට සිටින්නේ හපුතලේ දුම්රිය ස්ථානයේ ය. එහෙත් දුර නොතකා මේ දෙදෙනා ඔවුනොවුන් හමුවෙති. මනෝමය ප්‍රේම ලෝකයක සැරිසරති. භෞතික ස්පර්ශ ලෝකයේ ඇති කිසිම බාධාවක්, තහංචියක් මේ මනෝමය ලෝකයට අදාළ නැත.

අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් පමණි. ජංගම දුරකථන දෙකකින් ගොඩනැඟෙන රොමෑන්තික ලෝකයේ ඔවුන්ට සිත් සේ හැසිරිය හැකි ය. සිත් සේ වින්දනය ලබාගත හැකිය. ඩිජිටල් යුගයේ මානව ප්‍රේමය ද වෙනස් වෙමින් තිබේ.

සෑහෙන වෙලාවක සිට ජංගම දුරකථනය මුවට තුරුලු කොට ගෙන සිටින යුවතියකි. ඈ පරිසරයෙන් හුදෙකලාව සිටින්නීය.

අවට සිදුවන කිසිවක් ගැන ඇයට අවදානයක් නැත. එහෙත් යුවතියගේ දෙකොපුල් විටෙක රතු වෙයි. තොල් පොපියයි. ඇසිපිය නටයි. ඈ විටෙක කිකිණි හඬින් සිනා නඟයි. තවත් විටෙක ධ්‍යානයක සමවැදී සිටින ආකාරයක් පෙන්වයි.

මේ ප්‍රතිචාර හා ඉරියව් ඇගේ සිරුරෙන් පළ කෙරුණේ ඇය අවට පරිසරයෙන් ලැබුණු දෙයක් නිසා නොව ජංගම දුරකථනයෙන් එහා කෙළවරේ සිට ඇයගේ කන වැකුණු වදන් නිසා ය. ජංගම දුරකථන ප්‍රේම කතා බොහෝ දෙනෙකුට උන් හිටි තැන් පවා අමතක කරවන්නේ ය.

හරියටම වියපත් මිනිසා හා ඔහුගේ තරුණ බිරිය අභිබවා කිමිඳුම්කරුවා ආධිපත්‍යය පැතිරුවා සේම ය. මේ අනුව පෙම්බස් දෙඩීම ද ඩිජිටල් යුගයෙහි මිලක් ගෙවිය යුතු ක්‍රියාවක් බවට පත්ව ඇත. ජංගම දුරකථනය විසන්ධි වුවහොත් පෙම්වතාට පෙම්වතිය සොයාගත නොහැකි ය.

එවිට වින්දනීය මනෝමය ප්‍රේම ලෝකය ද බිඳ වැටේ. ඒ කඩා වැටීම ජීවිතයට හෙණ පහරක් සේ දැනෙයි. ඇයි? එය අද ජීවිතයේ ඓන්ද්‍රීය කොටසක් ව ඇති නිසා ය.

එකම නිවසේ සාලයේ යාබද ආසන දෙකක වාඩි වී සිටින විවාහක යුවළක් පවා ජංගම දුරකථනයෙන් එකිනෙකා අමතන වෙළෙඳ දැන්වීමක් මේ දිනවල රූපවාහිනියෙන් දැකගත හැකි ය.

ස්වභාවික පියවි හඬින් උනුනුන් මුහුණ බලාගෙන පෙම්බස් දෙඩීමට වඩා ජංගම දුරකථනයෙන් ඒ බව කීම වඩාත් ආනන්ද ජනක බැව් එයින් කියැවේ. මෙයත් එක්තරා ලෙඩකි.

සීමාව ඉක්මවූ විට කුමන දෙයක් වුවත් ලෙඩක් වෙයි. ඒ හරියට ම කුලියට ගත් කිමිදුම්කරුවා අර විවාහක යුවළගේ ජීවිතය පාලනය කරන තීරකයා බවට පත් වීම හා සමාන ය.

ඇතැම්විට එසේ සඳහන් කිරීම නිවැරැදි නොවන්නටත් ඉඩ තිබේ. ඩිජිටල් ලෝකයේ සතුට යනු භෞතික ස්පර්ශය ඉක්මවූ අතිශය චමත්කාරජනක, මනෝමය ලෝකයකි.

ඒ අනුව පෙම්වතුන්ට තවදුරටත් කායිකව හමුවීමට වඩා ජංගම දුරකථනයෙන් කතා කිරීම වින්දනාත්මක ය. ඒ ඩිජිටල් ලෝකයේ කිසිම නීතියක් - සීමාවක් - තහංචියක් වලංගු නොවේ. රජ කරන්නේ විචිත්‍ර කල්පනාවන් ම පමණි.

පෙම්වතුන් යුවළක් අතර විචිත්‍ර කල්පනා වින්දනීය ලෙස හුවමාරු කිරීමට ජංගම දුරකථනය හැර අන් දෙයක් මිහිපිට තිබේද?

read more “මොබයිල් ෆෝන් මල් කැඩිල්ල”

මෙහෙ ඇවිත් අනම් මනම් කියන්න එපා සජිත්, රනිල්ට කියයි

අතට ගන්නා එකම සටන් පාඨයක්වත් දිගට ගෙන යන්නට බැරිවිය. ජනතාවගේ සිත් වශී කරවන සටන් පාඨ ඒ අතර නොවූ නිසාය. දැන් සටන දිගට ගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ මංගලගේ ඒකපුද්ගල දේශපාලන බලවේගයයි. මෙම බලවේගය එ.ජා.ප.යත් ජ.වි.පෙ.ත් එකතු කිරීමේ

මහා කපුකම අතට ගෙන ඇත්තේ මහා කපු මංගල සමරවීරයි.

මංගල කපුවා අලි හොඬය සහ සීනුව එකතු කරන්නට හදන්නේ ලොකු සටනකට නොව බලයේ සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන්නටය. බලවේගය නිර්මාණය කරන්නට ගන්නා සියලු උත්සාහයන් අසාර්ථක වන්නේ ජනතා බලවේගය මංගල සතුව නැති නිසාය.

කොහොම වුණත් දැන් අලුත්ම සටන් පාඨය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. හදිසියේ මේ අදහස පහළවූයේ ඇයි දැයි යන්න ඕනෑම දරුවකුට වැටහේ. විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව සිටියේ එක්සත් ජාතික පක්ෂය පමණි. විධායක ජනාධිපති තනතුරේ නිර්මාණකරුවා ද එජාපය වෙයි.

මංගල සමරවීර ද විධායක ජනාධිපති තනතුරට විරුද්ධය. ජනතා විමුක්ති පෙරමුණ මුල සිටම විරුද්ධය. එහෙත් ජ.වි.පෙ. එම තනතුරට තරග කළේය. පැරදුණේය. එජාපයත් එසේමය. රනිල් ඉල්ලුවේය. පැරදුණේය.

දැන් නම් ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපති තනතුර තබා මරණාධාර සමිතියේ සභාපති තනතුරවත් ලබාගන්නට හැකිවන්නේ ඉතාමත් අමාරුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා එදා සිටම විධායක ජනාධිපති පදවියට විරුද්ධ නැතත් ඔහුට ද ඉදිරියේදී චාන්ස් එකක් නැත. ඒ නිසා දැන් මේ අයියලා එකතුවී සියලු උප්පරවැට්ටි යොදන්නේ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය සහ කුහකකම තුරුල් කරගෙන කුපාඩි දේශපාලනයක් කිරීමටය.

විධායක ජනාධිපති ධූරය එක එක හාල්පාරුවන්ට අවශ්‍ය විදියට අහෝසි කරන්නට ආණ්ඩුව සූදානම් නැත. තුනෙන් දෙකේ් බලයක් හිමිවූ විගස ඒ ගැන සලකා බැලිය හැකිය. විධායක ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර හයක් නොව සදාකාලිකව සිටියත් ජනතාව එයට විරුද්ධ නැත. එම තනතුරේ ජේ.ආර්. සිටියේය. ප්‍රේමදාස සිටියේය.

ඊළඟට චන්ද්‍රිකා ආවේය. ඒ සියලුදෙනා නොකළ මහා විස්මිත කාර්යභාරයක් ඉටු කරන්නට මහින්ද රාජපක්ෂට හැකිවිය. රටට තවත් වැඩකරන්නට තිබේ. මන්ත්‍රී කාලයෙත් මහින්ද වැඩ කළේය. ඇමැති කාලයෙත් එසේමය. කම්කරු ඇමැති ලෙස වැඩක් කරමින් සිටියදී ධීවර ඇමැතිකමට මාරු කළත් වැඩ කළේය. අගමැති හැටියට ද එසේමය.

මේ ශ්‍රී ලංකා ධරණි තලයේ බිහිවූ කිසිම නායකයකු නොකළ විශ්වකර්ම වැඩ කොටසක් කළේ විධායක ජනාධිපති රාජ්‍ය නායක, සේනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

මවුබිමට එවන් සේවයක් කළ මහින්ද රාජපක්ෂගේ ගමන් මඟ නතර කරන්නට මංගල, රනිල්, සෝමවංශ වැනි දේශපාලන නන්නත්තාරකාරයන් දඟලන දැඟලිල්ලට මේ රටේ ඉඩක් නැත. මංගලට ඇත්තේ සදා නොමැකෙන දේශපාලන වෛරයකි. වෛරයෙන් කරන දේශපාලනයෙන් විනාශ වන්නේ මංගලමය.

ලස්සනට ගොඩනඟන රටක් තව තවත් ලස්සන කරන්නට මංගල කළ යුත්තේ පූර්ණ සහාය ලබාදී ජනතා ප්‍රසාදය ලබාගෙන යළිත් දේශපාලන ධාරාවට එකතුවීමය. එසේ නොවුණහොත් දේශපාලන කුණු බක්කිය පිය උරුමයෙන් ලැබීමය. එය වළක්වන්නට හැකි ජගතකු මිහිපිට බිහිනොවනු ඇත.

ඇලික් අලුවිහාරේ මහතාගේ තෙමස් පින්කම වෙනුවෙන් මාතලේ නිවෙසේ පැවැති දානයට මීට දෙසතියකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය. දානයට සහභාගි වී පැමිණියාට පසු කදිම සිද්ධියක් ගැන මාණික්‍යට වාර්තා වෙයි.

අලුවිහාරේ පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ “මීට පස්සෙ අලුවිහාරේ පවුලේ සියලුම ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාට” බවයි.

රාජපක්ෂ මහතා දානමය පින්කම් ගෙදරින් පිටවූ විගසම එම ප්‍රතිඥාව හෙවත් ප්‍රකාශය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඉදිරියේ වීම ද විශේෂ සිද්ධියකි.

1949 සිටම මාතලේ අලුවිහාරේ පවුල පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයෝ වෙති. එවැනි පවුලකට දැන් රනිල් වික්‍රමසිංහ මහතා එපා වී ඇති බව වික්‍රමසිංහ මහතාට සැලවී හමාරය. ඒ ගැන රනිල්ට මල පැන ඇති බව සමන් අතාවුදට සහ කලවැදි චින්තකට කළ ප්‍රකාශයකින් පැහැදිලි වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාට දැන් දකුණු පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සිදුවී තිබේ. මේ රටේ සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදාය වන්නේ බලයේ සිටින ආණ්ඩුවක් පරාජය කිරීමට විපක්ෂය හැමදාමත් සැදී පැහැදී සිටීමය. එහෙත් සියලු ඡන්දවලින් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණ කවදාවත් ගෝචර නැත. හැමදාමත් ඇලජික්ය.

එහෙත් වික්‍රමසිංහ මැතිවරණ කටයුතු සඳහා මාතරට ගියහොත් ඔහුට හූවෙන් සංග්‍රහ කිරීමට ජස්ටින් ගලප්පත්තිගේ ගෝලයෝ සූදානම්ව සිටිති.

හම්බන්තොටට අවුත් අනම් මනම් විකාර නොකරන ලෙසට සජිත් පේ‍්‍රමදාස මහතා රනිල්ට තදින්ම අවවාද කර තිබේ.

“මේ පැත්තේ ඡන්ද මම බලා ගන්නම්” යයි සජිත් කියා ඇත. නාම යෝජනාවලට අස්සන් කිරීමේ අවස්ථාවට සහ නාම යෝජනා මණ්ඩලවලට ද සජිත් සිරිකොතට ගියේ නැත.

මේ අතර මාතර සිටින දේශපාලන කුරුමිට්ටා පසුගියදා විජ්ජාකාරයකුගේ චරිතය රඟපෑවේය. රෝහල්වල ලෙඩ්ඩු බලන්නට යන මොහොතට පෙර රෝහලේ ගේට්ටු ළඟත්, සති පොළේත්, බස් නැවතුමේත් දින පොළේත් විජ්ජා කාරයෝ අපූරු විජ්ජා පෙන්වති. කම්මැලිකම යන්නට ජනතාවත් මේවා බලා ගෙන සිටින්නේ පුංචි පහේ් ජොලියක් සඳහාය.

සමහර විජ්ජා කාරයෝ කළුගල් ගිල බඩට ගිය පසු බඩට තට්ටු කර ජනතාවට පෙන්වති. තවත් අය ටියුබ් ලයිට් හපා කති. සමහර පොල් ගෙඩිය අතින් හෝ කකුලෙන් ලෙලි ගසා අතින් බිඳ පෙන්වති. මේ සියල්ල කරන්නේ මිනිසුන් ගෙන් කීයක් හරි ලබාගෙන ඹ්වත් වීමටය.

මාතර අඟුටුමිටි බුද්ධික පතිරණ ද පසුගිය දා පොඩි විජ්ජාවක් පෙන්නුවේ සිය පාක්ෂිකයන්ටය. එය විජ්ජාවකට වඩා ගොන් පාට් එකක් බව එය බලා සිටි යූඇන්පී කාරයෝ දහඅට දෙනා කියති.

බුද්ධික ඉදිකට්ටකින් ඇඟිලි දෙකම විද ගත්තේය. ලේ පිට විය. ඒ ලේ පෙන්වා බුද්ධික කීවේ තමා කවදාවත් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවයි. මෙසේ ලේ සමඟ බුද්ධික මල්ලි යකා නැටුවේ අයියා කෙනකු ලෙස හැසිරෙමිනි. බුද්ධිකගේ අයියා පාට් එක හෙවත් ගොන් පාට් එක රූපවාහිනියෙන් දුටු ඇත්තෝ සත්‍ය තත්ත්වය නොදනිති.

මොහු පසුගිය සති කිහිපය තුළ ආණ්ඩුවට එක්වන්නට ෆුල් ට්‍රයි කළේය. ඔහු සාගල සමඟ ද තරහය. දකුණු පළාත් සභා ඡන්දයට සකසා ඇති සන්ධාන ලැයිස්තුවේ හිස් තැනක් නැති නිසා යූඇන්පීයට වී වැඩක් බලා ගන්නා ලෙස ආණ්ඩුවේ ඉහළ බලධාරියෙක් බුද්ධික ගෙන් ගැලවෙන්නට බැරි තැන කියා සිටියේය.

සිය මාමණ්ඩියගේ අනුහසින් ආණ්ඩුවට එක් වෙන්නට දැඟලු හැටි දැන් මාතර එජා පාක්ෂිකයන්ට ද ආරංචි වී තිබේ. මෙම දැඟලිල්ල හා ට්‍රයි එක වැරදුන විට බුද්ධික කළේ ලේ පෙන්වා ගොන් පාට් දැමීමය.

මෙම සිද්ධිය ගැන බුද්ධිකගේ මාමා තරයේ අවවාද කර තිබේ.

“උඹට ඕනැම පක්ෂයකට යන්න ඉඩ තියෙනවා. එහෙත් රට මුදා ගත් ජනාධිපතිතුමාගේ සිත රිදෙන එක වචනයක් වත් කීවොත් උඹේ අඟුටුමිටි කම පොළොවටම සමතලා කරනවා” මාමා කීවේය.

බුද්ධික ඕනෑවට වඩා දඟලන්නට ආවොත් ඔහු ගැන තවත් තොරතුරු මාණික්‍ය සතුව ඇති බව කිව යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට මං-ගල නග්ගන්න එපා යයි දකුණු පළාත් සභා එජාප ඡන්ද අපේක්ෂකයෝ රනිල්ට තරයේ දැනුම් දී තිබේ. වෛරය සහ ඊර්ෂ්‍යාව පිරි මහ ගන්නට දේශපාලනය කරන මං-ගල වැනි අයගෙන් එක්සත් ජාතික පක්ෂයට යහපතක් නොවන බව එජාප අපේක්ෂකයෝ පවසති.

“ආණ්ඩුවේ සිටි මං-ගල එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මඩ ප්‍රහාර එල්ල කළා. ජයලත් ජයවර්ධනට දුරකථන සංවාදවලින් මඩ ගැහුවා. නායකතුමනි, බටලන්ද වධකාගාරය පදනම් කරගෙන ඔහු කළ කී දෑ දන්නවා නේද? ඔබතුමාටත් එක්සත් ජාතික පක්ෂයටත් මංගල කළ දේවල් ඔබතුමාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

හෙට අනිද්දා එදා කළ කී දෑ ජාතික රූපවාහිනියෙන් අයි.ටී.එන් එකෙන් ආපහු පෙන්වන විට ඔබතුමාට තරු විසිවේවි” යයි දකුණෙන් එජාප අපේක්ෂකයෝ රනිල් වික්‍රමසිංහ නායකතුමාට සිහිපත් කර දුන්හ.

”ඒ නිසා වැරදිලාවත් මං-ගල වේදිකාවට ගන්න එපා යයි ඔවුහු තරයේ කියා සිටියහ. විදේශ විනිමය වංචා චෝදනා ලබා විදෙස් ගමන් බලපත්‍රය පවා අධිකරණයේ භාරයට ගෙන රට පැන යාම තහනම් කර සිටින රවි අනුන්ගේ රෙදි හෝදන්නට පෙර තමන් රෙදි ඇඳගෙන තිබේදැයි විමසිලිමත් විය යුතු බව දකුණේ එජාප අපේක්ෂකයෝ රනිල්ට දැනුම් දී ඇත.

මෙම දැනුම් දීමත් සමඟම දකුණේ වේදිකාවට නංවා කතා කරන්නට අලුත් ගිරවුන් දෙදෙනකු තිස්ස අත්තනායක විසින් පුහුණු කරගෙන යන බව දැනගන්නට තිබේ.

මේ අතර මුල්‍ය වංචා චෝදනාවලට මැදිවී සිටින චින්තකට දඬුවමක් ලබා නොදෙන්නේ ඇයිදැයි ඔහු සේවය කරන ආයතනයේ සේවකයෝ ප්‍රශ්න කරති. එම සේවකයන් කෝපවී සිටින්නේ චින්තකට එරෙහිව පියවරක් ගැනීමට මේ තරම් ප්‍රමාදවීම ගැනය.

පත්තර ලොක්කකුගේ බෑනා කෙනකු රවටා ගෙන සිය පැවැත්ම තහවුරු කර ගැනීමේ බලවත් උත්සාහයක චින්තක යෙදී සිටින බවද වාර්තා වෙයි. චින්තකට අනුග්‍රහය දක්වන මෙම බෑනාට තානාපති සේවයේ රැකියාවක් ලබා ගැනීමට චින්තක උදව් කර ඇති බව සේවකයෝ පවසති.

බෑනා ගැන විස්තර ද මාණික්‍යට ලැබී තිබේ. චින්තකට එරෙහිව පියවරක් නොගන්නේ නම් මින් ඉදිරියට එම පුවත්පත් ආයතනයේ සේවකයන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගැනීම නොකළ යුතු බව සේවකයෝ මාණික්‍යට පැවසූහ.

දේශපාලන තීරු ලිපි දෙකක් ඉරිදා ලංකාදීපයේ එන සතියේ සිට පළ කිරීම ගැන රනිල්ට මල පැන තිබේ. ඉන් එක් ලිපියක් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවට චින්තක සහ ජයතුංග රනිල්ට පැමිණිලි කර තිබේ.

මෙය සිදුවන්නේ රණතුංග නැමැත්තකුගේ උවමනාව පිට පළවන්නක් බව චින්තක රනිල් ගේ කනේ තබා ඇත. කර්තෘවරයා මේ ලිපිය පළ කරන්නේ කුමන පදනමක් මතදැයි චින්තක රනිල්ගෙන් විමසා ඇත.

”මේ ගැන ඔබතුමා රංජිත් විජයවර්ධන මහතාගෙන් විමසන්නේ නැත්තේ ඇයි”දැයි චින්තක රනිල්ගෙන් ප්‍රශ්න කර ඇත.

මෙයින් කෝපයට පත්වූ රනිල් “ඔය දෙන්නගේ ගනුදෙනු ගැන මං දන්නවා. මම රංජිත්ට සහ රුවන්ට කතා කරලා හොඳ දෙන්නෙක් එතැනට දමන්නම්” යැයි කීවේය.

කෝකටත් අපි පුවත්පත් සාකච්ඡාවක් තියලා සියලු තොරතුරු හෙළි කරමු.” යැයි චින්තක සතුටු කළේය.

ආණ්ඩුවට එරෙහිව තවත් සම්මුඛ සාකච්ඡාවක් අවශ්‍ය දැයි මෙහිදී ජයතුංග විමසීය.

රණවිරුවෝ අපේ දෙවිවරු වෙති. ඔවුහු රට මුදා ගත්හ. ඊළඟට අප කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ණවත් කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ගැනය. ක්‍රිකට් ඔස්සේ විශාල මුදලක් ඔවුහු උපයා දෙති. මුදල් කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයෝ රජයටත් ජනාධිපතිතුමාටත් සම්පතකි.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන් උපයන මුදල් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් අයට ඒ හැටි ලොකු නැති බව පෙනේ. ක්‍රිකට් ඉහළම නිලධාරියා ගේ බෑනා කෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාව දන් ගෙඩිය හමුවේ තබන්නට සැරෙසන බව පෙනේ.

මෙම බෑනාගේ තනතුර ලිපිකරුවකුට සමාන වුවද ඔහු ලොක්කාගේ බලය උපයෝගී කරගෙන සිය ආධිපත්‍යය තහවුරු කිරීමට කටයුතු කරන බවද වාර්තා වෙයි. මොහු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක් වැය කොට කාර්යාල කාමරයක් සාදන බවද සැලයි. මෙම කාමරය හැදීම ගැන තවත් විශේෂ කතාවක් ඇසෙයි.

කාමරය නිර්මාණය කරන්නේ අහවල් මිසිස්ලු. කාමරය හැදුවාම මිසිස් එහි තනතුරකට යනවාලු.

මේ බෑනා එජාපයෙත් ප්‍රබලයෙකි. බස්නාහිර පළාත් සභාවට ඉල්ලා ගෙන කෑ මේ බෑනා දැන් ක්‍රිකට් මණ්ඩලයේ මුදල් කනවාලු.

මොහු කතා කරන්නේ ක්‍රිකට් භාෂාවෙන් නොව පරුෂ වචනයෙන්ලු. මෙම පරුෂ වචන හෙවත් කුණු හරුපවලට ඔහු හුරුවී සිටින්නේ තවත් හුටපටයක් නිසාලු. පසුගිය කාලයේ ඔහු විදේශ රැකියා කාර්යාලයක් පවත්වා ගෙන ගියේය.

ගෘහ සේවිකාවන් රට යැවීමට මුදල් ලබා ගත්තත් රට යවා නැත. ඒ අය මුදල් ඉල්ලන්නට ආවිට මේ ක්‍රිකට්කාරයා කතා කරන්නේ පරුෂ වචනවලිනි. කුණු හරුපවලිනි.

දකුණු පළාතේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැදීමට දැනටමත් මොහු සියයට 10 ක් ඉල්ලූ බව කියති. මොහුගේ සහෝදරයකු ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇතුළත් කරගෙන රුපියල් ලක්ෂ තුනක වැටුපක් ලබාදීමට සූදානම් බවද දැනගන්නට තිබේ.

ගාල්ලේ වජිර දැන් නිහඬය. යුද්ධය දිනුවොත් බුද්ධාගම අත්හරින බව ඔහු එදා කීවේය. බුද්ධාගම අත්හරිනවා පමණක් නොව වෙනත් ආගමකට යන බව ද ඔහු කීවේය. යුද්ධය දිනාවි කියා වජිර කිසිදා සිතුවේ නැත. කට පැරදුනේ ඒ නිසාය. නොදන්නා මඟුල් ගැන කතා නොකරන දේශපාලනය පමණක් කරනවා නම් කොයිතරම් නම්බුකාරද? වජිර ආගම ගැන කතා කළාට ඔහු ආගම දන්නේ නැත.

පොඩි කාලයේ පටන්ම වජිර බණපද දන්නේ නැත. බුද්ධාගමේ ගාථාද වැඩිය. ඒවා ඔහුට මතක හිටින්නේ ද නැත. බුද්ධාගම තිත්ත වුණේ ඒ නිසා විය හැකිය. දැන් වජිර අදහන්නේ මොන ආගමදැයි අපි නොදනිමු. දැන් වජිරට ගාල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ නායකත්වය අහිමි වී සිටී.

”නොවැඩුණ මගේ මනසට නොදැනෙන අරුම බුදු බණ”

එහෙම නේද වජිර.

තවදුරටත් වජිර මෙසේ කියන්නේය.

”නොදනිමු. මම සතර බණ පද – උගත්තෙමු හරහා ගුණ නැණ - රැකුම දෙමි වැටුණ කොටිනට - නොහැර යන්නට මගේ ආගම.”

read more “මෙහෙ ඇවිත් අනම් මනම් කියන්න එපා සජිත්, රනිල්ට කියයි”

පානීය ජල ගැටළු සපුරාලීමට පියවර

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණ තත්ත්වය‍ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පවුල් 72,987කට අයත් පුද්ගලයන් 263,987කට ජල ගැටළු මතුව ඇති අතර එම ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් 6,370,759ක් වෙන් කර ඇති බව ජාතික ආපදා සහන‍ සේවා මධ්‍යස්ථානය පවසයි.
විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල, මොණරාගල, පො‍ළොන්නරුව හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ජලය සපයා ගැනීමේ ගැටළු මතුවී තිබේ.

මේ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 20,869කගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් 3,224,052ක් වෙන්කර ඇත.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 22,458කට අයත් පුද්ගලයන් 62,162 දෙනෙකුට ද, මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 14,442කට අයත් පුද්ගලයන් 60,656 දෙනෙකුට ද මෙම තත්ත්වය බලපා ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මීට අමතරව මඩකලපුවේ පවුල් 11,478කට අයත් පුද්ගලයන්ට ද, හම්බන්තොට පවුල් 1134කට ද, පුත්තලමේ පවුල් 2316කට සහ කුරුණෑගල පවුල් 290කට මෙම අවශ්‍යතාව උද්ගතව තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේදී වර්ෂා තත්ත්වය ඇතිවුවහොත් මෙම තත්ත්වය ‍බොහෝ දුරට මගහැරී යනු ඇතැයි එම මධ්‍යස්ථානය විශ්වාස කරයි.
read more “පානීය ජල ගැටළු සපුරාලීමට පියවර”

තෙමහල් නිවෙසක වහලය මත එස්ටීඑෆ් - පාතාලය වෙඩි හුවමාරුවක මාලිගාවත්තේ පාතාලය දෙදරුම් කයි තෙමහල් නිවෙසක වහලය මත එස්ටීඑෆ් - පාතාලය වෙඩි හුවමාරුවක පාත

පාතාල කල්ලි නායක ‘පාජි’ ඇතුළු පාතාලයන් හා විශේෂ කාර්ය බළකාය අතර ඊයේ (28) අලුයම 3.30 ට පමණ මාළිගාවත්ත ජුම්මා මජීඩ් පාරේ තෙමහල් නිවසක වහලයේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ‘පාජි’, ‘ආමි ටෝජි’ හා සාදි නැමැති පාතාල ප්‍රබලයෝ මරුමුවට පත් වූහ.

‘පාජි’ ට අයත් මේ සුවිසල් මහල් නිවෙසේ සකසා තිබූ භූගත අධි සුඛෝපභෝගී කාමරයක් ද විශේෂ කාර්ය බළකාය විසින් සොයාගනු ලැබ ඇත.

මෙසේ ඝාතනයට ලක්වූ “පාජි” ඇතුළු තිදෙනා මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධ රැසක් සිදු කරමින් සාමාන්‍ය වැසියන් බියට පත්කර මාළිගාවත්ත හා තදාසන්න ප්‍රදේශ පුරා අණසක පතුරා ගෙන සිටි අය බව පොලිස් පරීක්‍ෂණ මගින් හෙළිව ඇත.

විනාඩි 15 ක් පමණ කාලයක් පැවැති වෙඩි හුවමාරුව බටහිර චිත්‍රපටයක දර්ශනයක් ලෙස අලුයම අවට සිටි අයට දර්ශනය වී තිබෙන අතර මිය ගිය අය සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්, සී ඉසෙඩ් වර්ගයේ නවීනතම පිස්තෝලයක්, ටියුප් 82 වර්ගයේ අත් බෝම්බ පහක්, ජංගම දුරකථන දෙකක් හා ජීව උණ්ඩ සහ මැගසින් ද විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කලක් සැඟවී සිට නැවත මේ ප්‍රදේශයට පැමිණ සාහසික ක්‍රියාවක් සිදුකිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව ට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ට ලද තොරතුරු මත එදිනම අලුයම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට එම බළකා ප්‍රහාරක හා බුද්ධි නිලධාරීන් ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව සිදුකළ මෙහෙයුමේ දී පාජි නැමැති මාළිගාවත්තේ ප්‍රබල පාතාල නායකයාට අයත් තට්ටු තුනකින් යුතු සුවිසල් නිවෙස සෝදිසියේ දී එහි වහලය මතට නැගගත් පාතාල ප්‍රබලයෝ විශේෂ කාර්ය බළකායට වෙඩි ප්‍රහාර එල්ල කැර ඇත.

ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී ‘පාජි’ හා තවත් ප්‍රබලයකු සිද්ධිය වූ ස්ථානයේ දීම මරණයට පත්ව ඇති අතර අනෙකා වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා සඳහන් කෙළේ ය.

පසුව කළ සෝදිසියේ දී පාජි ට අයත් තෙමහල් නිවසේ මුළුතැන් ගෙයි පැන්ට්‍රි කබඩය තුළින් ඇතුල් විය හැකි භූගත කාමරයක් ද සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකිවී ඇත. එම කාමරය වායු සමනය කැර, ගුදිරි (මෙට්ට) දමා සකසා තිබුණු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙසේ මිය ගිය ‘පාජි’ විවිධ ස්ථානවල දී සිදුව ඇති මිනීමැරුම් 30 කට හා කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසකට ඍජුවම සම්බන්ධ බවට හෙළිව තිබෙන අතර මොවුන් තිදෙනා අධිකරණයේ විභාග වන නඩු ගණනාවක ට අවශ්‍ය කැර සිටි වරෙන්තුකරුවන් බව පොලිසිය පවසයි.

මාළිගාවත්ත ප්‍රදේශයේ නිවාස වලට පැන තමන්ට රිසි අයුරින් කටයුතු කරමින් සැඟව සිටි ‘පාජි’ මාළිගාවත්තේ පාතාල නායකයා ලෙස නම් දරා සිටි අතර ඔහුට පෙර මුලින්ම මේ කණ්ඩායමේ නායකයා වූයේ ආනමාලු ඉමිතියාස් නැමැත්තා ය.

එහි මුල්ම පාතාල නායකයා ලෙස ‘අබුක්කාන්’ ප්‍රදේශය බිය වද්දාගෙන සිටි අතර ඊළඟ නායකයා වූයේ පොට්ට නවුෆර් ය. මෙසේ එකි නෙකා ගෙන් නායකත්වය හිමිකර ගත් ‘පාජි’ හා ඔහුගේ කණ්ඩායමේ අති ප්‍රබලයන් වූ ටෝජි හා සාදි යන තිදෙනා ගේ මරණ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ ඊයේ (28) පෙරවරුවේ පැවැති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා මළ සිරුරු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන ලදී.

මොවුන් ගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මාළිගාවත්ත පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මෙසේ මිය ගිය අය පිළිබඳ බිය හේතුවෙන් ප්‍රදේශවාසීන් තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව නොමැති බව පවසන පොලිසිය ඔවුන් මිය ගිය පසු අපරාධකරුවන් විසින් සිදුකළ විවිධ අපරාධ පිළිබඳ තවදුරටත් හෙළිවෙමින් ඇතැයි පොලිසිය සඳහන් කරයි. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකාය මේ වැටලීම සිදුකර තිබේ.





read more “තෙමහල් නිවෙසක වහලය මත එස්ටීඑෆ් - පාතාලය වෙඩි හුවමාරුවක මාලිගාවත්තේ පාතාලය දෙදරුම් කයි තෙමහල් නිවෙසක වහලය මත එස්ටීඑෆ් - පාතාලය වෙඩි හුවමාරුවක පාත”

දේශීය ඊ- අන්තර්ගත නිර්මාණකරුවන්ට ජාතික සම්මාන

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීය ඊ -අන්තර්ගත නිර්මාණකරුවන් ඇගයීමට ලක් කර ජාතික සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
ඒ අනුව පොදුජන සමාජයට වැඩදායක තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් (ICT content) සහ තොරතුරු තාක්ෂණ යෙදවුම් (ICT Application) නිර්මාණය කර ඇති අයට හා ආයතනවලට මෙම ‘ඊ -සමාජ විශිෂ්ඨතා’ සම්මාන සඳහා අයදුම් කළ හැකි බව මෙම නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.

නිර්මාණශීලි තොරතුරු තාක්ෂණ යෙදවුම් ප්‍රචලිත කිරීම හා එවැනි යෙදවුම් නිර්මාණය කළ පුද්ගලයන් හා ආයතන ජාතික වශයෙන් ඇගයීමට ලක් කිරීම ‘ඊ-ස්වාභිමානී’ සම්මාණ උළෙලේ අරමුණයි.

ක්ෂේත්‍ර අටක් ඔස්සේ මෙම තරගාවලිය සඳහා අයදුම් කළ හැකි බව ඊ - සමාජ වැඩසටහන් ප්‍රධානී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය ප්‍රකාශ කළාය.

ඊ-රජය හා ආයතන, ඊ-සෞඛ්‍ය හා පරිසරය, ඊ- අධ්‍යපනය හා ඉගැනුම්, ඊ- විනෝදාත්මක අංග හා ක්‍රීඩා, ඊ-සංස්කෘතික හා ජාතික උරුමයන්, ඊ- විද්‍යා හා තාක්ෂණ, ඊ- ව්‍යාපාර හා වාණිජ, ඊ -අන්තර්ග්‍රහන හා සහභාගිත්වයන් එම ක්ෂේත්‍ර වේ.

මෙම අයදුම්පත් භාරගැනීම ලබන මස 15 වනදායින් අවසන් වේ.

මෙම තරගාවලිය පිළිබඳ විස්තර දැනටමත් පුවත්පත්වල පළ කර තිබෙන අතර වැඩි විස්තර http://nca.nenasala.lk අන්තර්ජාල ලිපිනයෙන් ද ලබා ගත හැකිය.
read more “දේශීය ඊ- අන්තර්ගත නිර්මාණකරුවන්ට ජාතික සම්මාන”

පාදුක්ක පොලිසිය දඩ මුදල් ලෙස ලක්ෂ 10ක් රජයට උපයා දෙයි

පාදුක්ක , පොලිසිය ඉකුත් ජූලි මාසය වෙනුවෙන් දඩ මුදල් වශයෙන් රුපියල් නව ලක්ෂ අසූ හය දහසක (රු. 9,86,000ක) මුදලක් රජයට උපයා දී තිබේ.

මේ මුදල් ගෝඩා . කසිප්පු , රජයේ අරක්කු හා ගංජා ලඟ තබා ගැනීම හා අනවසර මත්පැන් නිෂ්පාදන උපකරණ ළඟ ගබා ගැනීම ආදී හේතු මත , අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් හෝමාගම හා අවිස්සාවේල්ල අධිකරණ වෙත යොමු කළ නඩුවලින් උපයා ගත් මුදල් බව පාදුක්ක පොලිසිය කියයි.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. රොහාන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම මත සියලු නිලධාරීන් විසින් කරනු ලැබූ වැටලීම් වලින් මේ මුදල උපයාගෙන ඇත.
read more “පාදුක්ක පොලිසිය දඩ මුදල් ලෙස ලක්ෂ 10ක් රජයට උපයා දෙයි”

අවසන් ඡන්ද ප්‍රතිඵලය සැප්තැම්බර් මැදදී : ඇෆ්ගනිස්තාන ජනපතිවරණයේ වැඩි වාසි හිටපු ජනපති ‘කර්සායි’ට

ජනාධිපති කර්සායි සහ විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා අතර තියුණු තරගයක් පැවති ඉකුත් 20 දා එරට පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල එකිනෙක දැන් නිකුත් වෙමින් පවතී.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් කවුරු ඉදිරියෙන් සිටිනු ඇත්දැයි මහජනතාව සැක පළ කරමින් සිටී. කෙසේ වෙතත් දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල වලට අනුව කර්සායිට වැඩි වාසි අත්වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර ඇත්තේ 30 % - 35 % තරම් අඩු ප්‍රතිශතයක් නිසා ඡන්දයේ වලංගු භාවය පිළිබඳවත් විවිධ මත පළ වේ.

ඉකුත් අඟහරුවාදා ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී පැය කිහිපයක් ගතවීමත් සමඟ පුපුරා ගිය අධිබල කාර් බෝම්බයකින් පුද්ගලයන් 40 ක් මිය ගියේය.

තලෙයිබානුවන් මෙම බෝම්බය එල්ල කළ බවට විශ්වාස කෙරේ.

ජනාධිපතිවරණය කඩාකප්පල් කරන බවට ඔවුන් ප්‍රතිඥා දී තිබිණ.

ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලැබූ මිලියන 17 න් තලෙයිබාන් තර්ජන නොතකා මිලියන 5 ක් හෝ ඡන්ද පොළට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තහවුරු වෙමින් පවතින බව යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

උග්‍ර සටන් පැවති බග්ලාන්, ලොගා, පක්ටියා, සාබුල්, නෙම්ලන්ඩ් වැනි ප්‍රදේශවල ඡන්ද දායකයන් පවා ඡන්දය දී තිබීමෙන් මෙය තහවුරු වන බව ඔවුන්ගේ මතයයි.

දින දහයක් තුළ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම නිසා කර්සායිට ඔහුගේ බටහිර ජාතික සගයන් සමග එකතු වී අබ්දුල්ලා සමග ගිවිසුමකට පැවිණීමට ඉඩ කඩ සැලසෙනු ඇති බව විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

මෙම ජනාධිපතිවරණ දූෂණ සහ අක්‍රමිකතා වලින් ගහණ වූවක් බවටද චෝදනා එල්ල වී තිබේ. අවසන් ඡන්ද ප්‍රතිඵලය සැප්තැම්බර් මැදදී නිකුත් වීමට නියමිතය.
read more “අවසන් ඡන්ද ප්‍රතිඵලය සැප්තැම්බර් මැදදී : ඇෆ්ගනිස්තාන ජනපතිවරණයේ වැඩි වාසි හිටපු ජනපති ‘කර්සායි’ට”

කොටින්ට සහාය දුන් SP කුරේට එක් සැලැස්මකට ලක්ෂ 50 ක් දීලා

කොටි සංවිධානයේ අපරාධවලට සහයෝගය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතාට එක් සැළැස්මක් සඳහා කොටි සංවිධානය රුපියල් ලක්ෂ 30 – 50 අතර ප්‍රමාණයක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.

ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම තොරතුරු හෙළි වී ඇත. ත්‍රස්තවාදීන්ට සහයෝගය දීමට අමතරව ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරීවරයා වෙන් කරන ලද වාහන මෙරටට ගෙන් වීමේ ජාවාරමද කරගෙන ගොස් ඇත.

ඔහුට අයත් යැයි පරික්ෂාවට ලක් කෙරෙන වාහන තීරු බදු රහිතව මෙරටට ගෙන්වා හොර රහසේ ලියාපදිංචි කළ ඒ වා බව හෙළි වී ඇත.

එම ජාවාරම සඳහා තවත් සැළකිය යුතු පිරිසකගේ සහයෝගය ලැබී ඇති බවට සැක කෙරේ.

සැකකරුවගෙන් ලබාගත්් තොරතුරු මත තවත් පිරිසක් අද හෙට අත්අඩංගුවට ගැනෙනු ඇත.

එම පොලිස් අධිකාරිවරයා පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස බැඳී ඇත්තේ විවාහකයකු බව සඟවා ගෙන බව හෙළි වී ඇත.

එපමණක් නොව මොහුගේ සේවා කාලය තුළ දී කළ ඇතැම් වැරැදි වලට අවස්ථා කිහිපයකදීම හිටපු පොලිස්පතිවරුන් විසින් මොහුගේ සේවය අත්හිටවන ලෙස පොලිස් කොමිසමට ලියා ඇතත් එම ඉල්ලීම ක්‍රියාත්මක වී නැත.

ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කළ බලවේගය කවුද යන්න සෙවීමටද පරික්ෂණ අංශවල අවධානය යොමු වී තිබේ.
read more “කොටින්ට සහාය දුන් SP කුරේට එක් සැලැස්මකට ලක්ෂ 50 ක් දීලා”

මංගල කපාගෙන රනිල් එයි

මංගල සමරවීර මහතාට වඩා තමාට වැඩිපුර තැනක් දී සෑම රැස්වීමක් ම වාර්තා කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ මාධ්‍ය කණ්ඩායමට තරයේ උපදෙස් දී තිබේ.

නිදහසේ වේදිකාවේ රැස්වීම්වලින් මංගල සමරවීර මහතා තමාට වඩා දීර්ඝ වේලාවක් කතා කළත්, ඔහුගේ කථා කෙටි කර මාධ්‍යයේ පලකරන ලෙස එජාපයට හිතවත් මාධ්‍යවේදීන්ට දැනුම් දෙන්නැයි ද වික්‍රමසිංහ මහතා පවසා ඇත.

මංගල සමරවීර මහතාගේ කතා මෙසේ කප්පාදු කරන්නැයි වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ, දෙදෙනාගෙන් වඩා දක්ෂයා මෙන් ම වඩා වැදගත් කතාව කරන්නේ කවුදැයි යන්න ජනතාවට එළිදරව්වීම වැළැක්වීමට ය.

පසුගිය වකවානුවේ නිදහසේ වේදිකා රැස්වීම්වල දී සමරවීර මහතා කළ දීර්ඝ කථා පුවත්පත්වල එලෙසින් ම පළවීම මෙවැනි තීන්දුවක් ගැනීමට හේතුවී ඇතැයි කියති.
read more “මංගල කපාගෙන රනිල් එයි”

පාතාලයේ ප්‍රබලයන් 3ක් ගිනි අවි සමඟ අල්ලයි


බස්නාහිර හා දකුණේ පළාත් රැසක කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදුකළ පාතාලකල්ලි ප්‍රබලයන් තිදෙනෙකු ගිනි අවි තුනක් සමඟ පෙරේදා (26) කළුතර කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ ගිනි අවි අතර විදේශයක නිෂ්පාදනය කළ ස්වයංක්‍රීය රිවෝල්වර දෙකක් හා කෙටි තුවක්කුවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පවසයි.

මොවුන් සිදුකළ කොල්ලකෑම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිව ඇති අතර පසුගිය කාලයේ දකුණේ සිදු වූ මිනී මැරුම් කීපයකට ද මොවුන් හවුල් බවට පොලිසිය සැක කරයි.

ඔවුන් සතු ගිනි අවි අපරාධ සිදු කිරීම සඳහා ලබාගෙන ඇත්තේ කෙසේ ද යන්නත් සැකකරුවන්ට කොල්ලකෑම් සඳහා සහය වූ බව කියන තවත් පාතාල කල්ලි සාමාජිකයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහාත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බව එම විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේ ය.
read more “පාතාලයේ ප්‍රබලයන් 3ක් ගිනි අවි සමඟ අල්ලයි”

නිල වාහනයෙන් පාඩුවක් වුණා නම් ගෙවීමට සූදානම් -ඇමැති පියසිරි විජේනායක


තම නිල වාහනය පරිහරණය කිරීමෙන් රජයට යම් පාඩුවක් සිදුවූයේ නම් එය තමාගේ පෞද්ගලික මුදලින් ආපසු ගෙවීමට තීරණ කළ බව සංස්කෘතික කටයුතු ඇමැති පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කරයි.

මහජන ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයකු ලෙස රජයේ මුදල් රෙගුලාසි හා විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමට තමා බැඳී සිටින බවද ඒ මහතා අවධාරණය කරයි.

සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තම නිල රථයට වැය කළ මුදල පිළිබඳ වහාම පරීක්ෂා කර බලන ලෙසට අමැතිවරයා ලිපියක් මඟින් දන්වා ඇත.

අමාත්‍යාංශය විසින් තමාට නිල වාහන ලබාදෙන තෙක් තාවකාලික පදනම මත පරිහරණයට යෙදවූ එ ර්‍ථ ට් ක 0386 අංක දරන ජීප් රථයට වැය කළ මුදල පිළිබඳව පාර්ලිමේන්තුවේදීත්, ඉන් බැහැරදීත් බරපතල ලෙස සාකච්ඡාවට භාජනය වූ බව පවසන විජේනායක මහතා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන ස්වකීය වාහන අවශ්‍යතාවන් සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී වැය කළයුතු මුදලට වඩා වැඩි මුදලක් තමාට සැපයූ වාහනයට ගෙවා ඇත්නම් වහාම පරීක්ෂා කර දන්වන ලෙස ඒ මහතා ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටී.
read more “නිල වාහනයෙන් පාඩුවක් වුණා නම් ගෙවීමට සූදානම් -ඇමැති පියසිරි විජේනායක”

ඇල්පිටිය ප්‍රා. සභාවේ එජාප මන්ත්‍රී සාගර තිලක ඇතුළු පිරිසක් සන්ධානයට

එක්සත් ජාතික පක්ෂයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සාගර තිලක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වෙයි.

පසුගියදා මත්තක උස්බිම් ජනපදයේදී දකුණු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමේ නායක හිටපු ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සාගර තිලක මහතා ඇතුළු එජාප ක්‍රියාකාරීන් රැසක් සන්ධානයට එක්වූහ.

ඉදිරි පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවත් පළාත් සභා මැතිවරණ කාලයේ ජනාධිපතිතුමා හමුවී එතුමන්ගේ ආශීර්වාදය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

රුහුණු සංචාරක අධිකාරියේ සභාපති කේ. එම්. හේමසිරි, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ජනක් ප්‍රියන්ත ඉලේසිංහ, දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති කපිල ටිරෝන් ද සිල්වා යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
read more “ඇල්පිටිය ප්‍රා. සභාවේ එජාප මන්ත්‍රී සාගර තිලක ඇතුළු පිරිසක් සන්ධානයට”

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ කොටි සැකකරුවන් පිරිසක් අතුරුදන් පොලිස් බුද්ධි අංශ හෙළිකර ගනී

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පොලීසියට අවශ්‍ය කරන ප්‍රධාන කොටි සැකකරුවන් සැලකිය යුතු පිරිසක් අතුරුදන් වී ඇති බව පොලිස් බුද්ධි අංශ හෙළිකර ගෙන තිබේ. උතුරු මානුෂීය මෙහෙයුම සිදුවන කාලයේ සාමාන්‍ය වැසියන් අතර පැමිණ ඇති එම සැකකරුවන් ඉන්පසු යම්කිසි ක්‍රමයකින් පළාගොස් ඇත. ඔවුන්ට එසේ පළා යාමට යම්කිසි පිරිසකගේ උදව් ලැබී ඇතැයි සැක කෙරේ.

විවිධ වූ අපරාධ සම්බන්ධව ඇතැම් බුද්ධි අංශ කණ්ඩායම් මඟින් අත්අඩංගුවට ගන්නා කොටි ත්‍රස්තවාදී අපරාධකරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරු මත ඒවාට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් සිටි ස්ථානවලින් පළාගොස් ඇති බව හෙළි වී ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් කීය.
read more “ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ කොටි සැකකරුවන් පිරිසක් අතුරුදන් පොලිස් බුද්ධි අංශ හෙළිකර ගනී”

බටලන්ද වධකාගාරයේ නඩුව ඩග්ලස් පීරිස් ඇතුළු 5කට වසර 5ක සිර දඬුවම්

පසුගිය 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ගම්පහ මහාධිකරණය ඊයේ (26) බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කෙළේ ය.

ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා විසින් මේ විත්තිකරුවන්ට නියම කරන ලද එම සිර දඬුවම නියම කළ දිනයේ (26) සිටම ක්‍රියාත්මක කිරීමට ද නියෝග කෙරිණි.

විත්තිකරුවන්ට එරෙහිව තිබූ තවත් චෝදනා 6 කින් ඔවුන් නිදහස් කළ මහාධිකරණ විනිසුරු වික්‍රමාරච්චි මහතා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් නිල ඇඳුමට මුවා වි නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව කීය.

මේ නඩුවෙන් පොලිසියේ හිටපු නිලධාරින් වූ ඩග්ලස් පීරිස් , ගාමිණි රත්නායක , ඉහල පණ්ඩිත ගෙදර ජයරත්න , මහදුරගේ් රණතුංග , රන්ජිත් ජයසේකර යන විත්තිකරුවෝ නඩු විභාගය අවසානයේ ඉදිරිපත් කර තිබූ එක් චෝදනාවකට වරදකරුවන් වී සිර දඬුවම් ලැබීය.

විත්තිකරුවන්ට දඬුවම් නියම කළ විනිසුරු වික්‍රමාරච්චි මහතා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු බවත් උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැකි බවත් අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහාධිකරණ විනිසුරුවරයා අභියාචනාධිකරණය නියෝග නොකළේ නම් මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදු නොවන්නට ඉඩ තිබුණා. රටේ භීෂණයට එරෙහිව භීෂණයක් ක්‍රියාත්මක වී තිබූ නිසා දෙමව්පියන් පැමිණිල්ලක් කිරීමට නොහැකි ව තිබුණි. අවසානයේ දී දරුවා අහිමි වීමේ නඩු විභාගයටත් පෙර දෙමව්පියන් මෙලොවෙන් සමු ගෙන තිබුණා.

රටක කැළෑ නීතිය ක්‍රියාත්මක විය යුතු නැත. අධිකරණය රටේ සැමට එක සමාන විය යුතුයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කස්සප වික්‍රමසේකර මහතා කරුණු දක්වමින් මේ චූදිතයන්ට ලබා දෙන දඬුවම මඟින් යළිත් භීෂණ තත්ත්වයක් මේ රට තුළ ඇති වීම වැළැක්වීමට පූර්වාදර්ශයක් ද විය යුතු බව කීය.

ඔවුන් පොලිස් නිලධාරීන් නිසා විවිධ උසස් වීම් වරප්‍රසාද අහිමි විය හැකියි’ නමුත් දරුවකු අහිමි වී ගිය දෙමව්පියකුට එම දරුවා ආපසු නොලැබේ. එයට කව්ද වගකියන්නේ යයි ද රජයේ නීතිඥ වික්‍රමසේකර මහතා තවදුරටත් කීය.

විත්තිකරුවන් චෝදනාවට වරදකරුවන් යැයි තීරණය කිරීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන් විත්තිකරුවන්ට ලිහිල් දඩුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙල්ගොඩ කඳුබොඩ අඹසෙවන නිවසේ පදිංචිව සිටි උදය චන්ද්‍ර ලියනගේ හා රතනචන්ද්‍ර ලියනගේ යන සොහොයුරන් දෙදෙනා 1989 ජූලි 07 දින පැහැරගෙන ගොස් මරා දැමීම මෙම නඩුවට විෂය විය.

පැහැරගෙන යාම , අයුතු ලෙස සිරකර තැබීම ඒ සඳහා නීති විරෝධී රැස්වීම , මරණය සිදු කිරීම යන කරුණු වලට අදාළ චෝදනා හයකින් විත්තිකරුවන් නිදහස් කෙරිණි. එහෙත් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාම යන චෝදනාවට මොවුන් වරදකරුවන් කෙරිණි.

පැහැරගෙන ගොස් සිටි මේ සහෝදරයින් ගෙන් රතනචන්ද්‍ර ලියනගේ මහතා පසුව මරා දමා තිබුණි. බේරි ආ උදයචන්ද්‍ර ලියනගේ නඩු විභාගයේ දී සාක්කි දුන්නේ ය.

මෙම තරුණයින්ගේ පැහැරගෙන යාම පිළිබඳ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝප්‍රස් පෙත්සමක් සළකා බලා කළ නියෝගයක් මත සිදුකළ පරීක්ෂණය අවසානයේ නීතිපතිවරයා මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවැරීය.

මෙම නඩුව ප්‍රථමයෙන් ගම්පහ මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ . නපූර් මහතා ඉදිරියේ විභාග කෙරිණි. ඉන් පසුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ ත් අවසාන වශයෙන් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.

රජයේ නීතිඥ චානක විජේසිංහ මහතාත් රජයේ නීතිඥ දුලිප් ජයකොඩි මහතාත් ඉන් පසු රජයේ නීතීඥ දිස්නා වර්ණකුල මහත්මිය මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ අතර අවසානයේ රජයේ අධිනීතීඥ කස්සප වික්‍රමසේකර මහතා පෙනී සිටියේ ය.

පළමු වන විත්තිකාර ඩග්ලස් පීරිස් මහතා වෙනුවෙන් නීතීඥ ප්‍රසන්නලාල් අල්විස් මහතා සමග රනිල් කාරියප්පෙරුම සහ චාමර වන්නිසේකර යන මහත්වරුන් ද 2 , 3 , 4,5 විත්තිකරුවන් වෙනුවෙන් තඝඥ නිශ්ශංක නානායක්කාර මහතා සමග සංජය සෙනෙවිරත්න මහතා නඩු විභාගයේ දී පෙනී සිටියහ.
read more “බටලන්ද වධකාගාරයේ නඩුව ඩග්ලස් පීරිස් ඇතුළු 5කට වසර 5ක සිර දඬුවම්”

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ජනතාවගෙන් බලය ඉල්ලා පෙන්වන්න ජනමාධ්‍ය ඇමැතිගෙන් ජවිපෙට අභියෝගයක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් හැකි නම් ජනතාවගෙන් බලය ඉල්ලන්න යැයි ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරයි.

හැකි නම් අපේක්ෂකයකු ඉදිරිපත් කොට ජනතාව අතරට ගොස් මේ මතය වෙනුවෙන් ඡන්ද ලබාගෙන පෙන්වන්න යැයි ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවැති (27) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එදා ආණ්ඩුව අපහසුතාවට පත් කරමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ජනතා විමුක්ති පෙරමුණ අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සදාචාරය පිළිබඳ කථා කිරීම පුදුමයට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කෙළේ ය.

වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපතිධූරයේ බලතල යොදා ගෙන රටට හානි කර කිසිදු පියවරක්ගෙන නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගත් ජනාධිපතිවරයාට කෘත ගුණ සැලකීමට රටේ ජනතාව පුල පුල බලා සිටින බවත් කීවේ ය.

ජනාධිපතිවරණයේ දී එළඹුණු එකඟතා පිළිබඳ කථා නොකරන ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධූරයේ එල්ලී සිටින්නේ ඉදිරි මැතිවරණවලදී සිදු වන පරාජය නිසා බවත් ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා සමඟ තරග කරන්නට බිය පිරිස විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම පිළිබඳ කථා කරන බව කී ඇමැතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නොව හැකි නම් ප්‍රාදේශීය සභා වෙනුවට ගම් සභා ක්‍රියාත්මක කිරීමට එකඟ වන්න යැයි ඉල්ලා සිටියේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට ළඟා වී සිිටින මොහොතේ එතුමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට ඉඩ දිය යුතු බවත් හෙතෙම පැවැසීය.
read more “විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ජනතාවගෙන් බලය ඉල්ලා පෙන්වන්න ජනමාධ්‍ය ඇමැතිගෙන් ජවිපෙට අභියෝගයක්”

ඌව පළාත ශ්‍රී ලංකාවේ හොඳම පළාත කරනවා නව මහ ඇමැති වැඩ අරඹමින් කියයි

ආර්ථික සංවර්ධනයෙන්් පිරි ලංකාවේ හොඳම පළාත් සභාව ලෙසට ඌව පළාත් සභාව පත් කිරීම තම එකම බලාපොරොත්තුව යැයි එහි නව මහ ඇමැති ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

බදුල්ල පළාත් සභා සංකීර්ණ භූමියේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (26) රාජකාරී කටයුතු අරඹමින් රාජපක්ෂ මහතා එසේ කීය. චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් සිදුකොට රාජකාරී කටයුතු ඇරැඹිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව මහ ඇමැතිවරයා, අද අපිට ලැබුණු මේ මැති ඇමැතිකම් අයිති අපිට නොවෙයි. ඒවා අයිති ඌවේ වීරෝදාර ජනතාවටයි.

එදා 1818 ඌවේ කැරැල්ලට නායකත්වය දුන්, ජීවය දුන් වීරෝදාර පරපුරේ ජනතාව අපි ගැන විශ්වාසය තබා අපිට මෙවර ජය ලබා දුන්නා. දැන් අපේ වගකීම හා යුතුකම වන්නේ ජනතා විශ්වාසය පළුදු නොකර හැකිතරම් ඌවේ ජනතාවට සේවය කිරීමයි. අපිට ආඩම්බරයෙන් කථා කළ හැකි වර්තමානයක් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීන් උරුම කර දුන්නා. අපි මේ ආඩම්බර, අභිමානවත් වර්තමානය අනාගත පරපුරටත් උරුම කරදිය යුතුයි.

ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව්, සෞඛ්‍ය, ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මෙහිදී කථා කළහ.

කතරගම කිරිවෙහෙර, මුතියංගණ, මහියංගණ විහාරාධිපති වහන්සේ ඇතුළු මහ සඟරුවනද මේ අවස්ථාවට වැඩමකොට ආශිර්වාද පිරි නැමූහ.

චමල් රාජපක්ෂ මහතා හා එම මහත්මිය, වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, ජාතිය ගොඩනැඟීමේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, හිටපු මහ ඇමැති ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, ඌව පළාත් ආණ්ඩුකාර ලේකම් හා එම කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගරාධිපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්්ව සිටියහ.
read more “ඌව පළාත ශ්‍රී ලංකාවේ හොඳම පළාත කරනවා නව මහ ඇමැති වැඩ අරඹමින් කියයි”

රනිල්ට බැන්නොත් හඩ්සන්ගේ කට කපනවා දියණියට නිර්නාමික දුරකථන ඇමැතුමක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බැන්නොත් තාත්තා ගේ කට කපා පවුලේ සියලු දෙනා මරා දමන බවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ දියණියට දුරකථනයෙන් බැණ මරණීය තර්ජනය කිරීම පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට පියවර ගත්් බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා වෙත මේ බව දන්වා සිටි පොලිසිය කොළඹ 7 ටොරින්ටන් උද්‍යානයේ පදිංචි සාගරිකා මාධවි කළුආරච්චි මහත්මිය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කරන බව දන්වා සිටියේය.

සිය නිවසේ දුරකථන අංකයට පසුගිය මැයි මාසයේ දිනක දී දහවල් කාලයේ කතා කළ නාඳුනන පුද්ගලයෙකු තමාට මෙසේ තර්ජනය කළ බව කළුආරච්චි මහත්මිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

අංක 2691514 දරන දුරකථනයෙන් මේ තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ලැබී ඇති බවත් එසේ කතා කළ පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාට බැන්නොත් තාත්තා ගේ කට කපන බවත් පවුලේ ඔක්කොම මරන බවත් පසුව තමාට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවත් කියන පැමිණිලිකාරිය කුමන හේතුවක් නිසා එම පුද්ගලයා තමාට බැන තර්ජනය කර කරදර කළාදැයි කියා කියන්නට නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

මෙය වරදක් බව දන්වා සිටි පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවත් පැමිණිලිකාරියට බැන තර්ජනය කිරීම සඳහා යොදා ගත් අංක 2691514 දරන දුරකථනයේ ලියාපදිංචි අයිතිකරු ඇතුළු එහි ඇමැතුම් තොරතුරු ලබා ගැනීමට නියෝගයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ පැමිණිල්ලට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත. අදාළ දුරකථනය පිළිබඳ තොරතුරු වාර්තාවක් කුරුඳුවත්ත පොලිසියට ලබා දෙන ලෙසට දුරකථන සමාගමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විමර්ශනයේ ප්‍රගතිය ලබන දෙසැම්බර් 18 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසට තවදුරටත් පොලිසියට නියම කෙළේය.
read more “රනිල්ට බැන්නොත් හඩ්සන්ගේ කට කපනවා දියණියට නිර්නාමික දුරකථන ඇමැතුමක්”

මැතිව්ස් වෙනුවට කපුගෙදර ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ගැටුම අද ඇරැඹේ

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාරගේ කණ්ඩායමට ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණය පමණක් නොවේ.

2003 වසරේදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිල වශයෙන් හඳුන්වා දීමෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව අංක 1 ස්ථානයෙන් පහළට වැටිණි.

ඒ ඔවුන් එංගලන්තයට එරෙහි ‘අළු බඳුන’ ටෙස්ට් තරග මාලාව පරාජය වූ බැවිණි. මේ සමඟ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය සඳහා තරගය ආරම්භ වී තිබේ.

ලකුණු 122 ක් ලබාගෙන දකුණු අප්‍රිකාව දැන් පෙරමුණ ගෙන සිටින අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව ලකුණු 119 බැගින් ලබා ගෙන දෙවැනි ස්ථානයේ සමසමව පසුවෙති.

අද ඇරැඹෙන තරගය ජය ගෙන ශ්‍රී ලංකාව තරගමාලාව 2 – 0 කින් ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ තනි අයිතිය ශ්‍රී ලංකාව සතු වනු ඇත.

අද ඇරැඹෙන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් හෝ තරගය ජය පැරදුමින් තොරව අවසන් වුවහොත් ඉන්දියාවට දෙවැනි ස්ථානය හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර නවසීලන්තය හත්වැනි ස්ථානයේ පසුවිය.

ශ්‍රේණිගත කිරීම්වලින් කණ්ඩායමක ස්ථිරභාවය පිළිබිඹු වන බැවින් එම ශ්‍රේණිගත කිරීම් ඉතා වැදගත් බව සංගක්කාර පවසයි.

ස්ථිර දක්‍ෂතාවයකින් ක්‍රීඩා කරමින් තරග ජය ගැනීම ප්‍රධාන කරුණක් බවත් එය ඉෂ්ට කර ගැනීමට අපට හැකි වී තිබෙන බවත් ඔහු කියයි.

නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ජය ගැනීම නිසා දෙවැනි තරගයේ ජයද ස්ථිර යැයි අධි විශ්වාසයෙන් කටයුතු නොකරන ලෙස එම තරගයේදී ලකුණු 114 ක් ලබා ගත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන තම කණඩායමට අනතුරු අඟවයි. ”ඔවුන් ප්‍රබල ප්‍රතිවාදීන්. ඔවුන් තරගය බැරෑරුම් ලෙස සලකා ක්‍රීඩා කරනවා” ජයවර්ධන කියා සිටියේය.

”අපේ තෘප්තියෙන් අප වල්මත් විය යුතු නැහැ. පසුගිය වසර දෙක තුනේදී අප හොඳින් කල දේවල් ඒ විදිහටම කර ගෙන යා යුතුයි. අපි පසුගිය වකවානුවේ නියම ලෙසින් ක්‍රිකට් ක්‍රීඩා කර තියෙනවා.

අප එය දිගටම කරගන යා යුතුයි. කඩුලු සබඳතා ගොඩනගා ගැනීම, පීඩනය ඇති කිරීම මෙන්ම ක්‍රීඩාවේ උදය, දහවල හා සවස තරග වාර අප ජයගත යුතුයි. ඒ ගැන අපි අපේ අවධානය යොමු කළොත් ප්‍රතිඵල අපේ පැත්තට ඒවි.”

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ මස්පිඩු ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට චාමර කපුගෙදර අද ඇරැඹෙන තරගයේ ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

ඊට අමතරව යම් වෙනසක් සිදුවන්නේ නම් එය අජන්ත මෙන්ඩිස් හා රංගන හේරත් යන දඟපන්දු යවන්නන් අතර සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ගාල්ලේ තරගයේදී උදරාබාධ වැළඳුණු තම ක්‍රීඩකයන් සියලුදෙනා දැන් හොඳින් සුවය ලබා ඇතැයිද අද ඇරැඹෙන තරගය සඳහා සම්පූර්ණයෙන් ශක්තිමත් කණ්ඩායමක් යොදවන බවත් නවසීලන්ත කණ්ඩායමේ කළමනාකරු ඩේව් කුරී පැවැසීය.

නායක ඩැනියල් වෙටෝරි හට ටෙස්ට් කඩුලු 300 සම්පූර්ණ කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 2 ක් පමණි. ඔහු ගාල්ලේ තරගයේදී කඩුලු 5 ක් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දැක් වූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ලබන වසරේ ශ්‍රී ලංකාවට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබාදී ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණක් බවත් එය මෙතෙක් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කළ අසාධාරණයක් බවත් ප්‍රකාශ කර සිටියේය.
read more “මැතිව්ස් වෙනුවට කපුගෙදර ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ගැටුම අද ඇරැඹේ”

සන්ධානය හෙට දකුණට නම් දෙයි

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙට (27) නාමයෝජනා බාර දෙයි.

දකුණු පළාත් සභාවට අයත් ගාල්ල, මාතර හම්බන්තොට දිස්ත්‍රික් තුනේ තේරීම් භාර නිලධාරීවන් වෙත එක්සත් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාරදීමේ කටයුතු හෙට දිනයේ සිදු කෙරෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් එස්. එච්. ආරියසේන මහතා පැවැසීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එ. ජ. නි. සන්ධානයේ සාමාජික පක්ෂවලින් ඉදිරිපත් වූ ජනපි‍්‍රය අපේක්ෂකයන් දකුණු පළාත් සභාව සඳහා මෙවර ඉදිරිපත් කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා මැතිවරන කටයුතු සඳහා මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම්වරයා පැවැසීය.

මේ අතර එළඹෙන දකුණු පළාත් මැතිවරණය සඳහා හම්බන්තොට ගාල්ල, මාතර දිස්ත්‍රික්ක තුනටම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයට හිටපු පළාත් සභා මන්ත්‍රී අතුල පි‍්‍රයන්ත බෙල්ලන මහතා ද මාතර දිස්ත්‍රික්කය සඳහා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් වීරවංශ මහතාද හම්බන්තොට දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දිස්ත්‍රික් සංවිධායකවරයකු වූ එච්. බී. ධර්මසේන කොඩිතුවක්කු මහතාද තරග වදිති.
read more “සන්ධානය හෙට දකුණට නම් දෙයි”

ඊශ්‍රායල් යුද ගුවන් යානා රෆා නගරයට පහර දෙති

ඊශ්‍රායල යුද ගුවන් යානා අඟහරුවාදා අලුයම රෆා නගරයට ප්‍රහාර එල්ල කළ බව පලස්තීන ආරක්ෂක නිලධාරිහූ පවසති. මෙයට ප්‍රතිචාර දක්වමින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට මෝටාර් ප්‍රහාර එල්ල කර ඇත.

මෙය ඉකුත් අගෝස්තු 10 වන දිනෙන් අනතුරුව ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයෙකි. මේ ප්‍රහාරය ඉලක්ක ගතකර ඇත්තේ ඊජිප්තු දේශ සීමාවේ පිහිටා ඇති උමං මාර්ගයි.

ඊශ්‍රායලයට එල්ල කරන සෑම රොකට් සහ ෂෙල් ප්‍රහාරයකට එරෙහිව ඊශ්‍රායල හමුදාව ප්‍රතිචාර දක්වනු ඇති බව එරට අගමැති බෙන්ජමින් නෙතානියාහු සති කිහිපයක් සිට අනතුරු අඟවා තිබිණි.

ඊශ්‍රායල ප්‍රහාර හේතු කොටගෙන පලස්තීන ජාතිකයෙක් මියගිය අතර, පලස්තීන රොකට් ප්‍රහාර නිසා ඊශ්‍රායල හමුදා භටයෙක් මියගිය බව වාර්තාවේ.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලය මෙහෙය වූ දින 22 ආක්‍රමණයෙන් අනතුරුව ඊශ්‍රායල වෙත රොකට් ප්‍රහාර 200 ක් එල්ල වූ බව වාර්තාවේ.

ඊශ්‍රායල ආක්‍රමණය නිසා පලස්තීනුවන් 1,400 පමණ මියගිය බවට චෝදනා එල්ල වී ඇත. මෙයින් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බව වාර්තා වේ.

මේ ප්‍රහාර නිසා ගාසා තීරයේ විශාල කොටසකට දරුණු අලාභ හානි සිදුවී ඇත.
read more “ඊශ්‍රායල් යුද ගුවන් යානා රෆා නගරයට පහර දෙති”

පොලිස් අධිකාරී කුරේ ළඟ තිබූ වාහන 15ක් අත්අඩංගුවට

කොටි ත්‍රස්තවාදීන් දකුණේ සිදුකළ අපරාධ සැලැසුම්වලට මහා පරිමාණයෙන් උදව් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ පාවිච්චි කළ වාහන 15 ක් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාහන 15 ට අයත් ලියැකියවිලිවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී එම ලියකියවිලි පරීක්ෂා කිරීම සිදු කෙරේ. අයිතිය පිළිබඳ මූලික පරීක්ෂණවලට අනුව ඒවා හොරට ලියාපදිංචි කළ ඒවා බව පෙනී යන බව නිලධාරියෙක් පැවසී ය.

ඇතැම් විට ඒවා විදේශ රටකින් තීරු බදු රහිතව හොර රහසේ කෑලි ගෙන්වා එක් කළ වාහන හෝ කොල්ල කෑ වාහන හෝ කොටි ත්‍රස්තවාදීන්ගෙන් ලැබුණ ඒවා හෝ විය හැකි බව පරීක්ෂණ අංශ සැක කරයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත එම වාහන 15 සොයා ගෙන තිබේ. ඒවා විවිධ පුද්ගලයන් විසින් පාවිච්චි කර ඇත්තේ පොලිස් අධිකාරිවරයාගේ භාරකාරත්වය යටතේ ය.

එවැනි වාහන 15ක් හිමිවීමට තරම් ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් කෝටි ගණනක මුදල් ලැබී ඇතැයි සැක කෙරේ.
දකුණේ සිදුවූ කොටි අපරාධ සැලසුම්වලට එම වාහන යොදා ගෙන ඇති බව මේ වනවිටත් මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මීට අමතරව ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයා සතු සියලු වත්කම් පරීක්ෂණ අංශවල පරීක්ෂාවට ලක් වී තිබේ. ඒ යටතේ ඔහු සහ ඔහුගේ ඥාතීන් සතු දේපොළ, බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කෙරෙමින් පවතී.

ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරීවරයා කොටි ත්‍රස්තවාදීන්ගේ ඉහළම අපරාධ සැලැසුම්වලට සහාය වී තිබේ. වසර හයක පමණ කාලයක් ඔහු කොටි ත්‍රස්තයන් සමඟ සබඳතා පවත්වාගෙන ගොස් ඇත.

එම කාලය තුළ ප්‍රභූ ඝාතන සැලැසුම් ගණනාවකට උදව් දී ඇති අතර ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා ඉලක්ක කර ප්‍රහාර සැලැසුම් තුනක් දියත් කර තිබේ. එම ඉලක්කයන් තුනම අසාර්ථක වී ඇත.

මොහුගේ දුරකතනයේ සඳහන් අංකවලට අදාළ පුද්ගලයන්ගෙන්ද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර තිබේ. එම නිලධාරින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසී ය.
read more “පොලිස් අධිකාරී කුරේ ළඟ තිබූ වාහන 15ක් අත්අඩංගුවට”

මයිකල් ජැක්සන් ගේ මරණය මිනී මැරුමක් නිව්යෝර්ක් අධිකරණය තීන්දු කරයි


සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය මිනීමැරුමක් බවට නිව්යෝර්ක් අධිකරණය විසින් තීන්දු කර තිබේ.

ජැක්සන්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා වූ කොනාඩ් මරේට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබුණි.

පසුගිය දිනවල ඔහු කළ පාපොච්චාරණවලට අනුව මේ චෝදනාව එල්ල කෙරුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මයිකල් ජැක්සන්ට ප්‍රොපිල් නමැති ඖෂධය දුන් බව වෛද්‍ය මරේ පිළිගෙන තිබේ.

මේ නිසා ඉදිරි දින කිහිපය තුළදී වෛද්‍ය කොනාඩ් මරේව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.
read more “මයිකල් ජැක්සන් ගේ මරණය මිනී මැරුමක් නිව්යෝර්ක් අධිකරණය තීන්දු කරයි”

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලොව දෙවැනි තැනට වසර 6ක් ඉදිරියෙන් සිටි ඔස්ට්‍රේලියාව පහලට වැටෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්විය.

වසර 6 ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ජයග්‍රහණ වාර්තා කරමින් පළමු ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව සිවුවැනි ස්ථානයට ඇද වැටීම නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ කැපීපෙනෙන සටහනකි.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලකුණු 197 කින් පරාජය වීමත්, ටෙස්ට් තරගාවලිය පරාජයවීමත් සමඟ ඔස්ට්‍රේලියාව පහලට වැටුණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව කණ්ඩායම් තක්සේරු කිරීම අනුව ලකුණු 119 බැගින් සම මට්ටමක දැනට පසුවේ. එහෙත් හෙට ඇරැඹෙන නවසීලන්තය සමඟ ටෙස්ට් තරගයේ ජය ලබා ගැනීමට හැකිවුවහොත් ශ්‍රේණිගත කිරීමේ තක්සේරු ලකුණු ප්‍රමාණය වැඩිකරගෙන ශ්‍රී ලංකාවට දෙවැනි තැන වඩාත් ශක්තිමත් කරගත හැකිවේ.

ඔස්ට්‍රේලියාව මේ මස මැදදී තක්සේරු ලකුණු 124 ක් ලබා ප්‍රථම ස්ථානයේ පසුවූ අතර දකුණු අප්‍රිකාව (ලකුණු 122) දෙවැනි තැනද, ශ්‍රී ලංකාව (ලකුණු 119) තෙවැනි තැනද ඉන්දියාව (ලකුණු 119) සිවුවැනි තැනද පසුවූහ. එංගලන්තය (ලකුණු 99) පස්වැනි තැන සිටියේය.

එංගලන්ත පිල අළුබදුන ක්‍රිකට් තරගාවලිය ජය ගත්තද නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව තවමත් පස් වැනි ස්ථානයේ පසුවේ. එහෙත් තක්සේරු ලකුණු ප්‍රමාණය 105 දක්වා වැඩිවී ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් පිල 2007 වසරේ සිට තරගාවලි 4 ක් ජයගෙන ඇති අතර 2 ක් ජය පරාජයෙන් තොරව නිමා කෙළේය.

එම වසරේ සිට ශ්‍රී ලංකාවේ පැවැති සෑම ටෙස්ට් තරගාවලියක්ම ජය ගැනීමද විශේෂත්වයකි.
read more “ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලොව දෙවැනි තැනට වසර 6ක් ඉදිරියෙන් සිටි ඔස්ට්‍රේලියාව පහලට වැටෙයි”

මේජර් මීඩින් ඝාතනයට සැක අයිස් මංජු අවතැන් කඳවුරක

හිටපු බුද්ධි අංශ නිලධාරියකු වූ මේජර් මීඩින් ඝාතනය සිදු කිරීමේ කොටි සැලසුමට උදව් කළැයි කියන අයිස් මංජු නමැති පාතාල නායකයා උතුරේ සිට පැමිණි අවතැන් කඳවුරුවල සිටින සාමාන්‍ය වැසියන් අතරේ සැඟවී සිටින බවට ආරක්ෂක බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

දැනට අත් අඩංගුවේ සිටින කොටි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළි වී තිබේ. එහෙත් අයිස් මංජු සිටින්නේ කුමන කඳවුරකදැයි නොදන්නා බව සැකකරු පවසා තිබේ.

අයිස් මංජු නමැති පාතාල නායකයා ත්‍රිකුණාමලයේ සිට කොළඹට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයෙකි. ඒ වකවානුවේ ඔහු කොටි ත්‍රස්තවාදීන් සමඟ එක්ව ඔවුන්ගේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කැර ඇතැයි පැවැසේ.

කොටින්ගේ ඉලක්කයක් වූ මේජර් බීඩ්න් නමැති බුද්ධි අංශ නිලධාරියා ඝාතනය කිරීමේ සැලසුමට අයිස් මංජු කොටින්ට සම්පූර්ණ සහයෝගය දී ඇති බව පරීක්‍ෂණවලදී හෙළිදරව් වී තිබුණි.
read more “මේජර් මීඩින් ඝාතනයට සැක අයිස් මංජු අවතැන් කඳවුරක”

ආරක්‍ෂක ලේකම් ඝාතනයට සඟවා තිබූ අවි රැසක් මට්ටක්කුලියෙන් සොයා ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැස් කරන ලද කිලෝ ග්‍රෑම් 5ක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු නවීන අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය තොගයක් මෝදර මට්ටක්කුලියෙන් සොයා ගනී.

ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක අභිරහස් ලෙස යකඩ කැබිනෙට්ටුවක් තුළ සඟවා තිබියදී රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ අවි සොයා ගෙන තිබේ.

මාස කිහිපයක් තිස්සේ සිදු කරන ලද බුද්ධි විමර්ශනයක ප්‍රථිපලයක් වශයෙන් සොයාගත් මේ ආයුධ ගබඩාව කොළඹ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල නායකයකු විසින් රැස්කරන ලද ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ඊයේ (24) “දිනමිණ’ට කීය.

රාජපක්‍ෂ මහතා ගමන් ගන්නා ප්‍රභූ රථ පෙළට ප්‍රහාරය එල්ල කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය සහිත යතුරුපැදියක් භාවිත කිරීමටත් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ප්‍රහාරයට ලක්වන ප්‍රභූවරයා අනතුරකට පත් නොවුවහොත් ඔහු රෝහලට රැගෙන යන වාහනයට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකාරියක ස්ථාන ගත කර මේ ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් සකස් කර තිබූ බව අනාවරණය කරගෙන තිබේ.

සොයාගත් අවි ආයුධ අතර නවීන පන්නයේ ස්වයංක්‍රීය ගිනි අවියක් ද එම අවියට අදාළ උණ්ඩ 135ක් ද පතොරම් ගැබ් 2ක් ද අත්බෝම්බ 05ක් ද සයනයිඩ් කරල් 13ක් ද ඇඳුමට සවිකළ හැකි බැටරි 05ක් ද දුරස්ථ පාලක කට්ටල 01ක් ද ජංගම දුරස්ථ පාලක උපකරණ දෙකක්ද සේවා නූල් අඩි 50ක් ද ඩෙටනේටර් එකක් ද තිබී ඇත. සොයාගත් ගිනි අවිය නවීන මිනි ඌෂි වර්ගයේ ගිනි අවියක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා තවදුරටත් කීය.

මේ ප්‍රහාරය සඳහා සැළසුම් කර ඇති යතුරුපැදිය හා මරාගෙන මැරෙන සාමාජිකයින් සොයා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව මැදිවක මහතා කීය. මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකරන අතර දී අත්බෝම්බ හා ගිනි අවි ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ද තිබූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

මේ අවි ගබඩාව පැවැති නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන පරීක්‍ෂණ කණ්ඩායම මෙම අවි කුමන දිනයකදී මෙහි රැගෙන ආවාද යන්න සොයා බැලීමට පියවර ගෙන තිබේ.
read more “ආරක්‍ෂක ලේකම් ඝාතනයට සඟවා තිබූ අවි රැසක් මට්ටක්කුලියෙන් සොයා ගනී”

උතුරේ ජනතාවට සහන පොලියට ණය

උතුරේ පදිංචි ජනතාවට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා සියයට එකක පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පියවර ගනී. කෘෂිකර්ම, සත්ව පාලන, සුළු කර්මාන්ත, අලෙවිකරණ ආදී ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා මේ ණය මුදල ලබා දෙනු ඇත.

ව්‍යාපෘති සඳහා වැයවන මුදලින් සියයට අනූවක ණය මුදලක්, උපරිමය රුපියල් ලක්ෂ දෙකකට යටත්ව ලබාදෙන බව සමෘද්ධි බැංකු මූල්‍ය අධ්‍යක්ෂ සිසිර තානායම්වත්ත මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව සහ සමෘද්ධි බැංකුව ඒකාබද්ධව උතුරු වසන්තය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ස්වයං රැකියා ණය වැඩසටහන සඳහා වන අවබෝධතා ගිවිසුම ලබන සතියේ අත්සන් කැරේ.

උතුරේ ස්ථිර පදිංචි සහ අවතැන් කඳවුරුවල සිට නැවත පදිංචි කළ ස්ථිර පදිංචිකරුවන්ට මේ ණය ක්‍රමයට ඉල්ලුම් කළ හැකි අතර සමෘද්ධි බැංකු මගින් ණය ක්‍රමය ක්‍රියාත්මක කැරේ. මේ වන විට උතුරු ප්‍රදේශයේ සමෘද්ධි බැංකු 37ක් පිහිටුවා ඇති අතර අනෙකුත් සියලුම ප්‍රදේශවල සමෘද්ධි බැංකු පිහිටුවීමට පියවර ගන්නා බව ද තානායම්වත්ත මහතා කීය.
read more “උතුරේ ජනතාවට සහන පොලියට ණය”

කොටදෙණියාවේ බැංකු කොල්ලය සැකකරුවෝ 6 දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනා ගැනෙති

පෞද්ගලික බැංකුවලට අයත් මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී කොටදෙණියාවේ සිදුකළ රුපියල් කෝටි 10 කට අධික මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හත්දෙනාගෙන් හයදෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (24) පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන් විසින් හඳුනා ගන්නා ලදී.

මෙහිදී පළමු සැකකරු කළුතර චන්දිම කපිල තුෂාර ද සිල්වා නමැති අය හඳුනා ගැනීමට සාක්කිකරුවන්ට නොහැකි විය.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන්ට හඳුනා ගැනීමට හැකිවූයේ රණසිංහ ආරච්චිගේ රවින්ද්‍ර නාලක, රවින් අරුණ වික්‍රමසිංහ, දුමින්ද ප්‍රසන්න, ප්‍රියලාල් තලගල, ප්‍රජාමූල්ල විධාන ආරච්චිගේ නුවන් තුෂාර, සුරංග සංජීව සිල්වා සහ ජයන්ත පත්මසිරි යන සැකකරුවන් හයදෙනාය.

දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන මුදල් ප්‍රවාහනය කිරීමට යොදාගත් වාහනය අදාළ ආයතනයට මුදාහරින ලෙසට නීතිඥ නිමාලි අධිකාරි මහත්මිය සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දුලින් ද වීරසූරිය මහතා කළ ඉල්ලීම පිළිගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රුපියල් ලක්ෂ 35 ක ඇපකරයක් මත එම රථය එහි පරණ අයිතිකරුට මුදාහරින ලෙස නියෝග කළාය.

සෑම නඩු දිනයකදීම වාහනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් එහි වෙනසක් නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති අයිවන් මහතා විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

කරුණු සළකා බලා සියලුම සැකකරුවන් ලබන සැප්තැම්බර් මස 07 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ස්වාර්ණාධිපති මහත්මිය නියම කළාය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය සමඟ නීතිඥ දසුන් නාගහවත්ත මහතා පෙනී සිටියේය.
read more “කොටදෙණියාවේ බැංකු කොල්ලය සැකකරුවෝ 6 දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනා ගැනෙති”

හිටපු අගවිනිසුරු පී. බී. ට එරෙහිව පක්ෂග්‍රාහී තීන්දු දෙමින් කටයුතු කළා රහසිගත දිවුරුමක් භාර දෙමින් ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා කියයි

හිටපු අගවිනිසුරුවරයා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර මහතාට එරෙහිව තීන්දු දෙමින් නඩු විභාග කැර ඇත්තේ පක්ෂග්‍රාහීව කටයුතු කරමින් බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (24) කීය.

ඒ බව හිටපු අගවිනිසුරුවරයා ඉකුත් වසරේ කළ ප්‍රසිද්ධ කතාවකින් පෙන්නුම් කැර ඇතැයිද හෙතෙම කීය.

මුදල් අමාත්‍යාංශයෙහි මූල්‍ය පාලන කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාලනය කිරීමට තමා , සූදානම් බව එම කතාවේ දී හිටපු අගවිනිසුරුවරයා සඳහන් කැර ඇතැයි මුස්තාපා මහතා කීය.

ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් රහස්‍ය දිව්රුම් ප්‍රකාශයක් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ බාර දෙන ලදී.

එකී දිව්රුම් ප්‍රකාශයෙහි පිටපත් තමන්ට අවශ්‍ය බව මැරයින් සර්විසස් නඩුවෙහි පාර්ශ්වකරුවන් අධිකරණයට දන්වා සිටියේ ය. ඒ අනුව අධිකරණයෙහි නියෝගය මත එහි පිටපත් මැරයින් සර්විසස් නඩුවෙහි මුල් පෙත්සම්කරු වන වාසුදේව නානායක්කාර මහතාගේ නීතිඥ මහතාට සහ මැදිහත් පෙත්සම්කරුවකු වන නිහාල් ශ්‍රී අමරසේකර මහතාට බාර දෙන ලදී. සෙසු පාර්ශවකරුවන්ට එය බාර දීම සම්බන්ධයෙන් ෆායිස් මුස්තාපා මහතා විරෝධය පළ කළේය.

තමන් සෘජුව හෝ වක්‍රව රජයේ කිසිදු තනතුරක් මින් ඉදිරියට බාර නොගන්නා බවට පොරොන්දු වෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය බල රහිත කරන්නැයි ඉල්ලා ජයසුන්දර මහතා ගොනු කළ මෝසම සලකා බැලූ අවස්ථාවේ දී මේ රහසිගත දිව්රුම් ප්‍රකාශය බාර දෙන ලදී.

අගවිනිසුරු අශෝක ද සිල්වා , සලීම් මර්සුප්, ජගත් බාලපටබැඳි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ මෝසම කැඳවන ලදී.

මැරයින් සර්විසස් නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට නියෝග කෙළේ රජයේ කිසිදු තනතුරක් වක්‍රව හෝ සෘජුව බාර නොගන්නා බවට සහතික වෙමින් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරණ ලෙසය. ඒ අනුව ජයසුන්දර මහතා දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කෙළේ ය. අනතුරුව පී. බී. ජයසුන්දර මහතා මේ මෝසම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තමන් මීට පෙර ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය බල රහිත කරණ ලෙසය.

රටේ සංවර්ධන කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙහි ලේකම් ධූරය නැවත බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවට ජයසුන්දර මහතා මෝසම මගින් සඳහන් කැර සිටියේ ය.

එහෙත් තමන් බාර දී ඇති දිව්රුම් ප්‍රකාශය එකී ඉල්ලීම ඉටු කිරීම සඳහා බාධාවක් බවට හෙතෙම කරුණු ඉදිරිපත් කෙළේ ය.

මෝසම විභාගයට ගැනීම (27) දාට කල් තැබිණි.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේ ය. නීතිඥ එම්. ඒ . සුමන්තිරම් මහතා මුල් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ ය.
read more “හිටපු අගවිනිසුරු පී. බී. ට එරෙහිව පක්ෂග්‍රාහී තීන්දු දෙමින් කටයුතු කළා රහසිගත දිවුරුමක් භාර දෙමින් ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා කියයි”

තේවල ගුණාත්මකබව වැඩි කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ නිපදවෙන තේ වල ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කර අන්තර්ජාතික වෙළඳ පොළට අලෙවි කිරීමට බලාපොරොත්තුවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය දී.මූ. ජයරත්න මහතා පවසයි.

පසුගිය දා හොංකොං හි පැවැති ජාත්‍යන්තර තේ සල්පිළේ දී ශ්‍රී ලංකා තේ සඳහා විශාල ඉල්ලුමක් පැවැති බවත් එම ඉල්ලුමට සරිලන තේ සැපයීම සඳහා ඉදිරීයේ දී කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ තාක්ෂණ අංශ සහ පර්යේෂණ අංශ සමඟ සාකච්ජා කරන බව අමාත්‍යවරයා සදහන් කළේය
read more “තේවල ගුණාත්මකබව වැඩි කිරීමට පියවර”

එල්ටීටීඊ ව්‍යාපාරික ජාලය ගැන කෙපීගෙන් තවත් තොරතුරු

එල්ටීටීඊ සංවිධානයේ ව්‍යාපාරික ජාලය යළි සක්‍රියවීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පෙන්වා දෙන්නේ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එල්ටීටීඊ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවී ඇති බවය.

ඒ අනුව, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බහුලව පවත්වාගෙන ගිය රටවල විදේශ අමාත්‍යාංශවලට මේ පිළිබඳ දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටී.

එම කටයුතු අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා සම්බන්ධීකරණය කෙරෙනු ඇත.

දැනට හෙළිවී ඇති තොරතුරු අනුව, අප්‍රිකානු රාජ්‍යයක් වන එරිත්‍රියාවේ එල්ටීටීඊ ව්‍යාපාරික ජාලය දැඩි ලෙස ක්‍රියාත්මකවී තිබූ බවට තොරතුරු හෙළිවී තිබේ.
read more “එල්ටීටීඊ ව්‍යාපාරික ජාලය ගැන කෙපීගෙන් තවත් තොරතුරු”

වවුනියාවේ කනත්තකින් මරාගෙන මැරෙන ඇඳුම් වවුනියාවේ කනත්තකින් මරාගෙන මැරෙන ඇඳුම්

වවුනියාවේ නෙලුක්කුලමේ කනත්තක වළ දමා තිබූ, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හතරක් වවුනියාව පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් පෙරේදා (22) සොයා ගනු ලැබිණි.

රාජ්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වවුනියාවේ නිලධාරීන් එහි ගොස් එම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ‘දිනමිණ’ ට කීය.

මෙම ඇඳුම් කට්ටල කුමන වකවානුවකදී වළ දමා තිබුණා ද යන්න සෙවීමට පොලිස් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වයි. එක් ඇඳුමක පුපුරන ද්‍රව්‍ය කිලෝ 2ත් 4 ත් අතර ප්‍රමාණයක් තිබූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

ත්‍රිකුණාමලයේ උප්පුවේලි සහ සාම්පූර් ප්‍රදේ්වලදී පොලීසිය විසින් සිදුකරන ලද මෙහෙයුම්වලදී ආර්. පී. ජී. බෝම්බ, පතරොම් තොගයක් හා පුද්ගල නාශක බෝම්බ සොයාගෙන තිබේ.

උප්පුවේලි පොලීසිය විසින් කරන ලද මෙහෙයුම්වලදී ජී. පී. එම්. ජී. පතරොම් 774 ක්, පුද්ගලනාශක බෝම්බ 02 ක්, ටී. 56 මැගසිනයක්, ටී 56 පතරොම් 779 ක්, ටී 56 අවියක් සහ ආර්. පී. ජී. බෝම්බ 04 ක් සොයාගෙන තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.

සාම්පූර් පොලීසිය විසින්් සාම්පූර් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුම්වලින් අත්බෝම්බ 3ක්, පුද්ගල නාශක බෝම්බ 02 ක් හා කථන රෙකෝඩර් යන්ත්‍රයක් සොයාගෙන තිබේ. මේ අතර ගුවන් හමුදාව විසින් තිªකුණාමලය මනිරාසකුලම් ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුම් වලින් ටී 56 අවියක්් හා අත් බෝම්බයක් සොයාගෙන තිබේ.
read more “වවුනියාවේ කනත්තකින් මරාගෙන මැරෙන ඇඳුම් වවුනියාවේ කනත්තකින් මරාගෙන මැරෙන ඇඳුම්”

එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය

සංවිධානාත්මක අපරාධ සහ ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවීම් වැඩිවත්ම, ඒවා මැඬලීමට මඟක් ලෙස එල්ලුම් ගස නැවැත ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

මෙරට සිදුවන මිනීමැරුම්, අපරාධ හා මංකොල්ලකෑම්වලට වැරදිකරුවන්් වී මරණ දඬුවම නියම වූ පුද්ගලයින් හත්සීයයකට අධික පිරිසක් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ පිරිස අතුරින් 260 දෙනෙකුම තමනට නියම වූ දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාවන් ද ප්‍රතික්ෂේප වූවන් බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි.

මීට අමතරව රටපුරා සිදුවන සංවිධානාත්මක අපරාධ අවම කර ගැනීමේ අරමුණින් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති මිලින්ද මොරගොඩ, අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෑම මාසයකට වරක් ම ඉහළ පෙළේ හමුවක් පවත්වා සිදුවූ අපරාධ පිළිබඳ විමර්ශනයක් සිදු කැරේ. මේ විශේෂ විමර්ශනයේ අරමුණ රටේ සිදුවන අපරාධ ප්‍රමාණය ක්‍රමිකව අවම කිරීමට පිළියම් සොයා බැලීමය.
read more “එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය”

රනිල් දකුණට ආවොත් එජාපය හාන්සි ආධාරකරුවන්ගෙන්ම දොස්මුර

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාතර සහ හම්බන්තොට රැස්වීම්වලට සහභාගි නොකරන ලෙස එම ප්‍රදේශවල එ.ජා.ප. පාක්ෂිකයෝ ඉල්ලා සිටියහ.

මාතර සමූපකාර ශාලාවේදී ඊයේ (23) පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වුණි. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති එම රැස්වීමට ආරාධිත මන්ත්‍රීවරු රැසක්ම සහභාගි වී සිටියහ.

රැස්වීම ආරම්භයේදීම මාධ්‍යයට හෝ වෙනත් කිසිම අයකුට රැස්වීමේ තොරතුරු දැන ගැනීමට නොලැබෙන පරිදි ආරක්ෂාව තරකර තිබුණි. පාක්ෂිකයන් මෙහිදී විශේෂයෙන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ රැස්වීම්වලට සහභාගි වුවහොත් දකුණෙන් එජාපයට ලැබෙන්නට ඇති ඡන්ද ස්වල්පයවත් නොලැබන බවයි.

එපමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම්වලදී කියන ඇතැම් මෝඩ කථා නිසා පක්ෂය තව තවත් හෑල්ලුවීමට ඉඩ ඇති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම ඉල්ලීම නිසා සාගල රත්නායක මහතා දැඩි අපහසුතාවකට පත්ව තිබුණි. අනතුරුව ඔහු ප්‍රකාශ කෙළේ එස්. බී. දිසානායක මහතා සහ වෙනත් පක්ෂයේ වගකිව යුතු පුද්ගලයෝ එම රැස්වීම්වලට සහභාගී කරවන බවයි.
read more “රනිල් දකුණට ආවොත් එජාපය හාන්සි ආධාරකරුවන්ගෙන්ම දොස්මුර”

බර අඩු කරන සැත්කමේදී දුව මිය ගියේ දොස්තරගේ වරදින් පියා පරීක්ෂණයක් ඉල්ලයි

සිරුරේ තරබාරුකම අඩුකරගැනීමට ශල්‍යකර්මයක් සිදුකරගත් 28 හැවිරිදි තරුණියක් සැත්කමෙන් පසු මියගොස් තිබේ.

රත්නපුර සමගිපුර පදිංචි ශාරිකා වීරරත්න ගුණසේකර නමැති මෙම තරුණිය කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී මෙලෙස මියගිය බව ඇයගේ පියා කීය. වෛද්‍ය වරයාගේ නොසැලිකිලිමත් බව නිසා තම දියණියගේ ජීවිතය අහිමිවීම ගැන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මියගිය තරුණියගේ පියා වන එස්. ඩබ්. ගුණසේකර මහතා සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.

දියණියගේ මරණය ගැන ඔහු මෙසේ කීවේය. 2008 වසරේදී මගේ දියණිය පෞද්ගලික රෝහලකදී ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී ඇයගේ තරබාරුකමට ප්‍රතිකාර ලබා ගත්තා.

ඇයගේ සිරුරේ බර අඩුවුණේ නැහැ. පසුව එම වෛද්‍යවරයා තීරණය කළා දුවට ශල්‍යකර්මයක් කිරීමට. 2008 දෙසැම්බර් මස 2 වන දා කළුබෝවිල රෝහලේ වෛද්‍ය සායනයට ඇය සහභාගි වුණා.

2009 අගෝස්තු 10 වැනිදා ශල්‍යකර්මය කිරීමට වෛද්‍ය පරීක්‍ෂණ සිදුකළා. 14 වැනිදා ශල්‍යකර්මය සිදුකළා. ශල්‍යකර්මයට අවශ්‍ය ගාස්තු වෙනුවෙන් වෛද්‍යවරයා රුපියල් 33,000ක් ලබා ගත්තා. සැත්කමෙන් පසු ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළුකලා. ඉන්පසුව දුව මියගියා. මගේ එකම දරුවා මට අහිමි වුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්.

මෙම ශල්‍යකර්මය රූපවාහිනී නාලිකාවකින් රූගත කර තිබෙනවා. වෛද්‍යවරයාගේ පරමාර්ථය වුණේ වාණිජමය වාසි ලබා ගැනීමටයි. දුවගේ මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
read more “බර අඩු කරන සැත්කමේදී දුව මිය ගියේ දොස්තරගේ වරදින් පියා පරීක්ෂණයක් ඉල්ලයි”

සහතික සහ කෘෂි උපකරණ බෙදාදීම හෙට

වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ මෙහෙයවීම යටතේ කෘෂි උපකරණ සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති වැඩමුළුවේ සහතික පිරිනැමීම සහ කෘෂි උපකරණ බෙදාදීම හෙට (24) පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
‍වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ගාල්ල බද්දේගම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී මෙම උත්සවය පැවැත්වේ.

කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාර මහතාගේ අනුග්‍රහය ය‍ටතේ මෙම වැඩමුළුව ක්‍රියාත්මක කර තිබේ.

කෘෂි උපකරණ අලුත්වැඩියාව, ඉසින යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ දැනුම යාවත්කාලීන කිරීම, කෘෂි ට්‍රැක්ටර් පිළිබඳ දැනුම ලබාදීම ආදී පුහුණුව මෙම වැඩමුළුව මඟින් ලබා දී ඇත.
read more “සහතික සහ කෘෂි උපකරණ බෙදාදීම හෙට”

විශිෂ්ට තත්ත්වයේ සහල් නිෂ්පාදන පාඨමා‍ලාව හෙට ඇරඹේ

දිවයින පුරා සහල් සකස් කිරී‍ෙම් නියැලී සිටින්නන් හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ට තත්ත්වයේ සහල් නිෂ්පාදනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව හෙට (24) ඇරඹේ.
අනුරාධපුර පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය විසින් පවත්වනු ලබන මෙම කෙටිකාලීන පුහුණු පාඨමා‍ලාව අගෝස්තු 28 දක්වා පැවැත්වේ.

සහල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන්ගේ සහ නවකයන්ගේ ආත්මවිශ්වාසය තහවුරු කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම පාඨමාලාව මගින් සහල් නිෂ්පාදනය පිළිබඳ අංගසම්පූර්ණ දැනුමක් ලබාදීමට අපේක්ෂිතය.

සහල් සැකසීම සඳහා වී තෝරාගැනීම, වී/ සහල් ප්‍රමිතිකරණය, වැඩිදියුණු කළ තාක්ෂණ ක්‍රම අනුව වී/සහල් පිරිසිදු කිරීම සහ වියළීම, වී/ සහල් ගබඩා කිරීමේ මූලධර්ම හා ක්‍රම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරේ.

එසේම වාණිජ මට්ටමේ වී තැම්බීමේ ක්‍රම, සහල් සකස් කිරීමේ මූලධර්ම හා ක්‍රම, කලර් සෝටර් යන්ත්‍රය මගින් සහල්වල දුර්වර්ණ ඇට ඉවත් කිරීම, සහල් නිෂ්පාදනයේ අතුරු ඵල ප්‍රයෝජනයට ගැනීම, නව සහල් මෝලක් ස්ථාපිත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව මෙන්ම සහල් මෝලක යන්ත්‍ර හා විදුලි නඩත්තු කටයුතු, සහල් මෝල්වල ඵලදායීතාව වැඩි කරන අන්දම, සහල් කර්මාන්තයේදී සිදුවන පාරිසරික ගැටළු වළකා ගැනීම, සහල් මෝලක මුල්‍ය කළමනාකරණය හා කර්මාන්තයේ දියුණුව සලසන පැහැදිලි මාර්ගෝපදේශනය යනාදී සියලු ක්ෂේත්‍ර මෙම පාඨමාලාවෙහි අන්තර්ගත වේ.
read more “විශිෂ්ට තත්ත්වයේ සහල් නිෂ්පාදන පාඨමා‍ලාව හෙට ඇරඹේ”

ඉදිරි අවුරුදු හයටත් මේ රජය පත්කර ගන්න ජනතාව කැමැතියි ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා ප්‍රවර්ධන ඇමැති, වාරියපොළ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක එස්.බී. න

1989 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ ඇමැති එස්. බී. නාවින්න මහතාගේ පාර්ලිමේන්තු දේශපාලනයට මේ වසරේදී අවුරුදු විස්සක් සම්පූර්ණ වේ. ඔහුගේ විසි වසරක දේශපාලන අත්දැකීම් සහ වර්තමාන දේශපාලන ප්‍රවණතා පිළිබඳ ඇමැති නාවින්න මහතා සමඟ දිනමිණ සිදුකළ සාකච්ඡාවකි මේ.

* ඌව පළාත් සභා මැතිවරණයෙන් රජයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුණා. දකුණේ පළාත් සභා මැතිවරණය සඳහාත් නාම යෝජනා කැඳවලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයට මුහුණදීමට නිදහස් සන්ධානයේ සූදානම මොනවගේද ?

අපිට මේ මැතිවරණවලදී තරගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බලකොටු විදිහට තිබුණ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත් ඌව පළාතේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට පුළුවන්කම තිබුණා.

එහෙම තියෙද්දී ප්‍රගතිශීලී දේශපාලනයේ තොටිල්ල විදිහට සැලකෙන දකුණු පළාතේදී අපිට 85% ජයග්‍රහණයක් ලබාගන්න එක අපහසු ඉලක්කයක් නෙමෙයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් අපි ඉතාමත් හොඳ දක්ෂ අපේක්ෂකයෝ ඉදිරිපත් කරල තියෙනවා. ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ජනපි‍්‍රයත්වය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසා අපිට ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. දකුණු පළාත් සභා මැතිවරණය විතරක් නෙමෙයි ලබන අවුරුද්දේ තිබෙන ජනාධිපතිවරණයකදී මහ මැතිවරණයකදීත් ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්.

අද ජනතාව තුළ ජනාධිපතිතුමා ගැන රජය ගැන විශාල විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ඉස්සර දේශපාලකයෙක් කීවම සමාජය තුළ තිබුණේ එච්චර හොඳ පිළිගැනීමක් නෙමෙයි. ඒත් අද වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒකටත් මූලික කාරණය වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා රටට අත්පත් කරලා දුන්න ජයග්‍රහණයයි.

අද ජනතාවට ඕනෑවෙලා තියෙන්නේ රටට ආර්ථික හා සමාජීය ජයග්‍රහණ ලබා ගැනීම. ඒ වැඩෙත් ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කියලා රටේ බහුතර ජනතාවට විශාල විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ හින්ද තවත් අවුරුදු හයකට මේ රජයටම බලය ලබාදෙන්න මේ රටේ බහුතරයක් තීරණය කරලා තියෙන්නේ. ඉදිරියේදී තියෙන ජාතික මට්ටමේ මැතිවරණයකදී මේ තත්ත්වය ඉතාමත් පැහැදිලි ලෙස දැක ගන්න ලැබේවි.

* මේ මැතිවරණ ක්‍රමය යටතේ එක පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ගන්න අමාරුයි. ඒත් ආණ්ඩුව කියනව ලබන මහ මැතිවරණයෙන් 3/2 ආසන බහුතරයක් ආණ්ඩුවට ගන්න පුළුවන් කියලා..?

මේ යන විදිහට නම් අද තුනෙන් දෙකක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. 2005 ජනාධිපතිවරණයේදී 50.1% න් පටන් ගත්ත ගමන අද වෙද්දී 72% දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ හින්දා මගේ දේශපාලන ගණන් බැලීමට අනුව නම් ලබන මහ ඡන්දෙන් 3/2 බහුතර බලයක් අපිට ගන්න පුළුවන්.

* එජාපය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සමන්විත “නිදහසේ වේදිකාව“ රැස්වීම් මාලාව කුරණෑගලදී කඩාකප්පල් වුණා. මේ ගැන විපක්ෂය ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා...?

අපිට ඔය රැස්වීම් කඩාකප්පල් කරන්න ඕනෑකමක් නැහැ. ආණ්ඩුව නිතරම විරුද්ධ මතවලට ගරු කරනවා. අපිට ඕනෑකමක් නැහැ අනුන්ගේ රැස්වීම් කඩාකප්පල් කරන්න එදා කුරුණෑගලදී සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය එළියට ඒම. ඒ වගේම රණවිරු ජයග්‍රහණ අවතක්සේරු කළ අයට අද ජනතාවගේ විරෝධය එල්ල වෙලා තියෙනවා. මේ සිද්ධියට ඒකත් තදින් බලපාන්න ඇති.

* ජනාධිපතිවරණයක් තියන්නේ නැතිව ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. ජවිපෙ කියන විදිහට ජනාධිපතිවරණයේදී ජවිපෙ හා ජනාධිපතිවරයා අතර ඇති වූ එකඟතාවයේ මූලික කොන්දේසියක් විදිහට තියෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. මේ ගැන ඔබේ අදහස මොකක්ද ?

ප්‍රතිපත්තියක් විදිහට අපි විධායක ජනාධිපති ධූරය පිළිගත්තේ නැහැ. ඒත් යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය සංවර්ධන සංග්‍රාමය අවශ්‍ය ශක්තිය විධායක ජනාධිපති ධූරය නිසා ලැබුණා. යුද්ධය මෙහෙයවද්දී ජනාධිපතිතුමාට විධායක ජනාධිපති ධූරය විශාල ශක්තියක් ලැබුණා.

ඒ නිසා විධායක ජනාධිපති ධූරය තුළ යහපත් ලක්ෂණ රාශියකුත් තියෙනවා. මේ කාරණයේදී මගේ පුද්ගලික මතය මෙයිට වැඩිය කියන්න ඕනේ නැහැ.

හැබැයි ජනතා විමුක්ති පෙරමුණට එකඟතා ගිවිසුම් ගැන කියන්න තියෙන්නේ මොන වගේ අයිතියක්ද කියන එක ප්‍රශ්නයක්. මේ අය එකඟතා ගිවිසුම් කඩලා විපක්ෂයට වෙලා ඉඳලා. හදිසියේම එකඟතා ගිවිසුම් ගැන සිහිවීම පුදුමයට කාරණයක් අද ජවිපෙ මුහුණ දීලා තියෙන සටන් පාඨ හිඟය කොයිතරම්ද කියල මේ කාරණය නිසා හොඳට පැහැදිලි වෙනවා.

* ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කරන්නේ නැතිව වෙනත් කෙනෙකු ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම් කිරීමට නියමිතයි කියල ආරංචි පැතිරෙනවා. මේ වගේ අලුත් අපේක්ෂකයකු යටතේ එජාපයේ පිබිදීමක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා මේ තත්ත්වය ආණ්ඩුවට අභියෝගයක් නෙමෙයිද ?

කොහෙත්ම අභියෝගයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මොන අඩුපාඩු දුර්වලකම් තිබුණත් එජාපයේ අද ඉන්න ජ්‍යෙෂ්ඨම අත්දැකීම් බහුලම පුද්ගලයා ඔහු. එතුමාට දේශපාලන වශයෙනුත් අද ඉන්න එජාපයේ සමහරුන්ට වඩා හොඳ බුද්ධියක් තිබෙනවා. එහෙව් රනිල්ටත් එජාපය ගොඩගන්න බැරිනම් වෙන කෙනෙක් දැම්ම කියල මහා විප්ලයක් වෙන්න විදිහක් නැහැ.

අද ජනාධිපතිතුමා ජනපි‍්‍රයත්වයේ ඉහළම ස්ථානයේ ඉන්නේ. අපි දන්න ඉතිහාසයේදී නම් මේ තරම් ජනපි‍්‍රය නායකයෙක් හිටියේ නැහැ. ඒ හින්ද ඉදිරි අවුරුදු අටේදීත් මේ රටේ නායකයා ජනාධිපතිතුමාම තමයි ඔහු ඉතිහාසයට එකතු වෙන්න වීරත්වයට පත් වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරලා ඉන්නේ. එජාපයේ අද ඉන්න එක්නෙකුටවත් මේ සුදුසුකම් වලින් දහයෙන් පංගුවක් නැහැ. ඉතින් ඒ වගේ දේශපාලන පක්ෂයකට පුළුවන්ද ජනාධිපතිවරණයට මුහුණ දීලා ජයග්‍රහණය කරන්න.

* මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළ දේශීය කර්මාන්තයට හා ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඔබේ අමාත්‍යංශයත් ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා අංශය නියෝජනය කරනවා. මේ තත්ත්වය තුළ ග්‍රාමීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වර්ධනය සඳහා මොන වගේ පියවරක්ද පසුගිය අවුරුදු තුනේදී අරගෙන තියෙන්නේ ?

ග්‍රාමීය කර්මාන්ත ඉහළ නැංවීම යුගයේ අවශ්‍යතාවයක් විදිහට පුළුවන්. ඒ සඳහා අපේ අමාත්‍යංශය වැඩපිළිවෙළෙ රාශියක් ආරම්භ කරලා තියෙනවා. ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා සඳහා අතහිත දීම මගින් දේශීය ආර්ථික ක්‍රමයේ විශාල වර්ධනයක් ඇති කරගන්න පුළුවන්.

ඒත් පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ ග්‍රාමීය කර්මාන්ත ක්‍ෂේත්‍රයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. පේෂ කර්මාන්ත ව්‍යාපාරය මීට අවුරුදු තිහකට කලින් ඉතාමත් ඉහළ ජනපි‍්‍රය ස්ථානයක තිබුණේ. එජාප ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ මේ සියලු කර්මාන්ත බිංදුවට බිඳ වැටුණා. අපි ආයෙත් ග්‍රාමීය කර්මාන්තවලට ඉහළ යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට ග්‍රාමීය කර්මාන්තය යළිත් ගොඩනඟන්න පුළුවන්කම තිබෙනවා කියලා.

* මේ වෙද්දී ඔබේ පාර්ලිමේන්තු දේශපාලනයට අවුරුදු විස්ස සම්පූර්ණ වෙලා තියෙනවා. මේ අවුරුදු විස්සක දේශපාලන ගමන ගැන අද ඔබට හිතෙන්නේ මොන විදිහටද ?

ඇත්තටම මම දේශපාලනයට එන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. පසුව සිදු වූ අකටයුතුකම් මගේ අසල්වැසියන්ට පාක්ෂිකයන්ට සිදුවූ අසාධාරණකම් හින්ද තමයි මට දේශපාලනයට එන්න හිතුණේ. 1977 දී මම නෙමෙයි වාරියපොළ ආසනයට ඡන්දය ඉල්ලුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියදාස මහත්මයා. එතුමාට මම විශාල වශයෙන් උදවු කළා. 1977 පරාජයෙන් පස්සේ මට දේශපාලනය නිසා බැට කන්න සිද්ධ වුණා. මගේ ව්‍යාපාර සියල්ල විනාශ වුණා. විරුද්ධ පාක්ෂිකයන් මගේ කඩ පවා මංකොල්ල කාලා විනාශ කළා. එදා ශ්‍රීලනිප පාක්ෂිකයෙකුට පාරේ යන්න බැරි තත්ත්වයකුයි තිබුණේ. ඒ තරමටම එජාපයේ රාජ්‍ය භීෂණය බරපතල විදිහට පැවතුණා.

මේ හැම කාර්ණයක්ම මගේ දේශපාලන ආගමනයට බලපෑවා. මං මුලින්ම දේශපාලනයට ආවේ 1989 දී තිබුණ මහ මැතිවරණයේදී. ඒ මැතිවරණයේදී ගම්සභාවකටත් තරග නොකළ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට පත්වීමට අවස්ථාව ලැබුණා. මට වාරියපොළ ආසනයේ සංවිධායක ධූරය ලැබුණේ 1980 දී. 1989 වසරේ ඉඳල අද දක්වාම කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

මට අද විශාල සංතෝෂයක් තියෙනවා අපේ දේශපාලන අරමුණු ජයගැනීමට පුළුවන්කම ලැබීම පිළිබඳ. අපි අවුරුදු දාහතක් දුක් විඳලා බිහිකරගත් ප්‍රගතිශීලී දේශපාලනයේ ප්‍රතිඵල අද වෙද්දි මුළු රටම ජයග්‍රාහී විදිහට භුක්ති විඳීනවා.

* මුළු රටේම දේශපාලන පෙරළියකට මුල පිරුණේ 1993 දී තිබුණු පළාත් සභා මැතිවරණයේදී එහිදී වයඹ මහ ඇමැති ධූර අපේක්ෂකයා ලෙස තරඟ කළේ ඔබ. ඒ පිළිබඳ සිහිපත් කිරීමක් කළ හැකිද ?

මට බණ්ඩාරනායක මැතිනිය පළාත් සභා මැතිවරණයට තරග කරන්න කියලා ඉල්ලා සිටියේ ටෙලිපෝන් එකෙන්. එතුමිය ඒ වෙද්දී විදේශ ගතවෙලා හිටියේ. එහිදී මැතිනියගේ ඉල්ලීම පිළි අරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා පළාත් සභාවලට ආවේ මාත් අමරසිරි දොඩංගොඩ මහත්මයාත් විතරයි.

මේ මැතිවරණයේදී අපිට බස්නාහිර පළාත් සභාව ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සමඟ දකුණේදී හා වයඹ පළාතේදී එජාපය පරාජය කරන්න අපිට පුළුවන්කම ලැබුණා. එහිදී ඇති වූ එකඟතාවයට අනුව වයඹ මහ ඇමැතිවරයා ලෙස ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා පත්වුණා. දකුණට අමරසිරි දොඩම්ගොඩ මහතා පත්වුණා.

වයඹ පළාත් සභා ඇමැතිවරයෙක් ලෙස මටත් අවස්ථාවක් ලැබුණා. එජාපයේ 17 අවුරුද්දක ශාපය පරාජය කරලා අලුත් ජනතා යුගයක් බිහිකරන්න පුළුවන්කම ලැබුණේ මේ විදිහටයි.

1994 මහ මැතිවරණයේදී වාර්තාගත මනාපයක් ලබාගෙන යළිත් පාර්ලිමේන්තු යන්නත් නියෝජ්‍ය ඇමැතිධූර ලබා ගන්නත් මට පුළුවන් වුණා. 1999 දී වයඹ පළාත් සභාවට නැවත වතාවක් තරග කළා පාර්ලිමේන්තුªවෙන් ඉවත් වෙලා. ඒ අවස්ථාවේදී වයඹ මහ ඇමැති ධූරයට පත්වුණා.

2000 දී නැවතත් පාර්ලිමේන්තුවට ආවා. ග්‍රාමීය කර්මාන්ත ඇමැති ධූරයට පත්වුණේ 2004 අවුරුද්දේ ඉඳලා. මට අද විශාල සංතෝෂයක් තියෙනවා අපේ පක්ෂයේ නායකයා රට බේරා ගත්තා කියලා. ඒ ජයග්‍රහණයට දේශපාලන වශයෙන් අපිටත් දායක වෙන්න ලැබුණා.
read more “ඉදිරි අවුරුදු හයටත් මේ රජය පත්කර ගන්න ජනතාව කැමැතියි ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා ප්‍රවර්ධන ඇමැති, වාරියපොළ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක එස්.බී. න”

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රතිවාදි ගම් දෙකක වැසියන් ගල්ගසා ගැනීමේ සිරිතට තහංචි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සියවස් ගණනාවක් තිස්සේ පවත්නා ප්‍රතිවාදී ගම්මාන දෙකක පිරිස් ඔවුනොවුනට ගල් ගසා ගැනීමේ සම්ප්‍රදාය බලධාරීන් විසින් තහනම් කැර තිබේ.

බොහෝ විට සහභාගිවන්නන්ට තුවාල ගෙන දෙන හා සමහරවිට මරණය පවා සිදුවන “ගොක්මාර් උත්සවය” නම් මෙම ගල්ගසා ගැනීම සිදු කරන්නේ දෙගං මැද්දේ පිහිටි ගඟ මැද නැගුනු ගසක් අත්පත් කැර ගැන්මට ගම්මාන දෙකේ කණ්ඩායම් උත්සාහ කිරීම සමගය.

ගම්මාන දෙකට අයත් තරුණ පෙම්වතුන් යුවළක් පැනයාමට තැත්කිරීමේ දී දෙපාර්ශවයේම අය ගල් ගසා ඔවුන් මරණයට පත්කිරීම අනුස්මරණය කිරීමට මෙම ගල් ප්‍රහාර එල්ල කැර ගැනීමේ සිරිත පවත්වන බව පැවසී තිබේ.

හිමියා මිය ගිය පසු බිරිය ඔහුගේ දර සෑයට පැන ජීවිතය පූජා කරන සති පූජාව ද දැන් තහනම්ව ඇති බැවින් මෙම අමානුෂික සිරිත ද තහනම් කරන බව බලධාරීන් කියා ඇත.

අදාළ ගොත්මාර් උත්සවයට පිරිමි පමණක් සහභාගි වන අතර වාර්ෂිකව අගෝස්තු හෝ සැප්තැම්බරයේ දී එය පැවැත්වීම සිරිතව තිබිණි.

ගඟ මැද නැගුණු ගසේ ඇති ධජයක් ගලවා ගන්නා පුද්ගලයා අයත් ගම්මානය මෙම උත්සවයේ දී ජයග්‍රහණය අත්පත් කර ගන්නා බවත් දුර්ගා දෙවියන් යදිමින් සිදුකරන ගල් ගසා ගැනීමෙන් ඇතිවන තුවාල සුව වීමට පසුව ඔවුන් පූජනීය අළු ගල්වන බවත් සඳහන් ව තිබේ.

පසුගිය කාලයේ තුවාල ලත් වුනට අවශ්‍ය ප්‍රතිකාර විදි සපයමින් බලධාරීන් ද ඊට අනුග්‍රහය දැක් වුවද කීපවරක් ම මරණ සිදුවීම නිසා ගල් වෙනුවට රබර් බෝල ආදේශ කිරීමට ගත් ප්‍රයත්න ප්‍රතික්ෂේප වීමෙන් පසු දැන් මෙසේ තහනම් කැර තිබේ.
read more “ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රතිවාදි ගම් දෙකක වැසියන් ගල්ගසා ගැනීමේ සිරිතට තහංචි”

ජැක්සන්ගේ අවසන් සති කීපය දැක්වෙන චිත්‍රපටයක් ලොව පුරා ඔක්: 28 දා සිට

”සංදර්ශන – ආගමන සංචාරයක්” සඳහා පුහුණු වෙමින් මයිකල් ජැක්සන් සිය අවසන් සති කීපය ගත කළ අයුරු දැක්වෙන චිත්‍රපටයක් ඔක්තෝබර් 28 දා සිට දෙසතියක කාලයක් ලොව පුරා ප්‍රදර්ශනය කැරෙන බව සෝනි පික්චර්ස් ආයතනය ප්‍රකාශ කැර තිබේ.

ජැක්සන්ගේ ජනපි‍්‍රය ගීයකින් උපුටා ගැනුනු පද පෙළක් වන “දිස් ඊස් ඉට්” නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටයෙන් මින් පෙර කිසි දිනක දක්නට නොලැබුණු ආකාරයෙන් ජැක්සන් අව්‍යාජවම දැකිය හැකි බව ප්‍රකාශ වී ඇත.

මෙම අසාමාන්‍ය චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමට මාසයකට කලින් සැප්තැම්බර් 27 දා සිට ඊට අදාළ ප්‍රවේශපත් අලෙවි කරනු ඇති බව සඳහන්ව තිබේ.

ඉකුත් ජූලි 13 දා ලන්ඩනයෙන් ඇරඹීමට නියමිත වූ සංදර්ශන මාලාවක් සඳහා අප්‍රේල් හා ජූනි මාසවල ඔහු පුහුණුවන අයුරු දැක්වෙන දුලබ ගණයේ චිත්‍රපටයක් ලෙස “දිස් ඊස් ඉට්” හැඳින්වී තිබේ.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා කෙනී ඔටේගාය. මෙය මයිකල් ජැක්සන් ලෝලීන්ට ඔහුගෙන් පිරිනැමෙන ත්‍යාගයක් ලෙස ඔහු හඳුන්වයි.
read more “ජැක්සන්ගේ අවසන් සති කීපය දැක්වෙන චිත්‍රපටයක් ලොව පුරා ඔක්: 28 දා සිට”

මහා පරිමාණ තලෙයිබාන් ප්‍රහාර නෑ: අඩු ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයක්: ඇෆ්ගන් ජනපතිවරණය නිමවෙයි

අඩු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම, තලෙයිබාන් ප්‍රචණ්ඩත්වය සහ දූෂණ චෝදනා මධ්‍යයේ පෙරේදා (20 වෙනිදා) ඇෆ්ගනිස්තානයේ පැවති ජනාධිපතිවරණය නිම විය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ප්‍රජාව පවසන්නේ මැතිවරණය සාර්ථක වූ බවයි.

තලෙයිබාන් තර්ජන නොතකා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ඡන්දදායකයන් ජනාධිපති කර්සායගේ පැසසුමට ලක්විය. ඡන්දය පැවති ඊයේ දිනය එරටට “ආඩම්බර විය හැකි මෙන්ම සෞභාග්‍ය උදාකර දිය හැක දිනයක්” ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

මහා පරිමාණ දරුණු තලෙයිබාන් ප්‍රහාරයකින් තොරව මැතිවරණය පැවැත්වීම ජනාධිපති ඔබාමා ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්වී තිබේ.

තවදුරටත් භේද භින්නවීමෙන් තොරව සියලුම දේශපාලන නායකයන් රට ඉදිරියට ගෙන යනු ඇති බව ඇෆ්ගන් වැසියන්ගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේද අපේක්ෂාව බව, ඇෆ්ගනිස්තානයේ සිටින ජගත් සංවිධාන නියෝජිතයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති වරණයේ මුල් වටයේ ප්‍රතිඵල සති අන්තයේදී නිකුත් වනු ඇතැයි අපේක්ෂිතය. එහෙත්, දෙවෙනි වරට ඡන්ද ගණන් කිරීමට සිදුවුවහොත් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට සති හයක් ගතවනු ඇත.

මිලියන 17 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණද, ප්‍රකාශිත ඡන්ද 50% කටත් අඩු බව විචාරකයෝ පවසති. 2004 ජනාධිපතිවරණයේදී 70% ක් ඡන්දය ප්‍රකාශ කරන තිබිණි.

තලෙයිබාන් බලකොටු වන කන්දතා ඇතුලු දකුණුදිග ප්‍රාන්තවල ඡන්දය ප්‍රකාශකර තිබූ සංඛ්‍යාව 10% කටත් වඩා අඩු බව වාර්තාවේ.

උතුරුදිග බග්ලාන් නගරයේ ඇති වූ ගැටුමකින් සටන්කාමීන් 30ක් සහ කාබුල්හි වෙඩි තැබීමකින් තවත් සටන්කාමීන් දෙදෙනෙකු මියගොස් තිබේ. රටපුරා පැවති ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා සාමාන්‍ය වැසියන් 26 දෙනෙකු මියගොස් ඇත.
read more “මහා පරිමාණ තලෙයිබාන් ප්‍රහාර නෑ: අඩු ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයක්: ඇෆ්ගන් ජනපතිවරණය නිමවෙයි”

දහම් පාසල් නඟා සිටුවා ගුණ ගරුක සමාජයක් බිහි කරලීම රජයේ වෑයමයි ඇමැති නිර්මල කොතලාවල කොස්ගුලන දී කියයි

මුළු රටේම පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කර ලෝකය ජය ගත හැකි අධ්‍යාපනයක් ලබා දෙමින් දහම් පාසල් නගා සිටුවා ඒ මගින් ගුණ ගරුක ජන සමාජයක් සාර ධර්ම වලින් පිරිපුන් පරපුරක් බිහි කරැලීම රජයේ වෑයම බවත් අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.


අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතා දහම් පාසල් සිසුවියකට නිල ඇඳුම් ලබා දුන් අවස්ථාව
ඡායාරූපය පාලින්ද නුවර විශේෂ මාකෙළියේ සේන

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා පාලින්දනුවර කොස්ගුලන ගංගාරාම විහාරස්ථානයේ පැවැති දහම් පාසල් නිල ඇඳුම් කට්ටල ලබා දීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ගුණතිලක මහතාගේ දැඩි කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් කොස්ගුලන ගංගාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසල් දරු දැරියන්ට මෙම නිල ඇඳුම් කට්ටල බෙදා දීම අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

රවීන්ද්‍ර ගුණතිලක මන්ත්‍රීවරයා වැඩ කරන්න පුළුවන් දක්ෂ තරුණයෙක්. පක්ෂ පාට ගැන හිතුවේ නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණත් දැන් අපිත් සමග ඉන්නවා.

වෙනත් පක්ෂයක් නියෝජනය කළත් තමන් මෙතෙන්ට පත් කළ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න රටට ආදරය කරන කෙනෙක් හැටියට දැන් අපිත් සමග සිටිනවා. මෙම දහම් පාසල් දරු දැරියන්ට නිල ඇඳුම් ලබා දෙන්න මේ අවස්ථාව එළැඹුනේ ඒ නිසයි.

කොස්ගුලන ගංගාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසලට පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමට කඩිනමින් පියවර ගන්නවා.

පාලින්දනුවර කොස්ගුලන ගංගාරාම විහාරාධිපති වලකඩ මහින්ද තිස්ස හිමි

ජනාධිපති තුමා එඩිතර නායකයෙක්. යුද්ධයට නිර්භීතව මුහුණ දුන්නා. නොසැලී ක්‍රියා කළා. මේ රට බේරා ගන්න යුද්ධය කරන ගමන් ගම දිහා බැලුවා. ගම දියුණු කළා. පාසල් නගා සිටුවන්න ක්‍රියා කළා. මේ ගමට රැස්වීමක් තියන්න තැනක් තිබුණේ නෑ. අද මේ රැස්වීම පවත්වන්න පුළුවන් මේ සදහම් ප්‍රජා ශාලාව හැදුණේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළක් නිසයි.

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ගුණතිලක මහතා හා තවත් කීප දෙනෙක් මෙම අවස්ථාවේදී අමතා අදහස් පළ කළහ.
read more “දහම් පාසල් නඟා සිටුවා ගුණ ගරුක සමාජයක් බිහි කරලීම රජයේ වෑයමයි ඇමැති නිර්මල කොතලාවල කොස්ගුලන දී කියයි”

නිවෙසක සිහිනය සැබෑ කර ගන්න අර්ථ සාධක අරමුදලේ සාමාජිකයනට පොලී රහිතව 30%ක දීමනාවක්

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට නිවසක් සාදාගැනීම සඳහා සිය දායක මුදලින් සියයට 30 ක් දීමනාවක් ලෙසින් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සේවක අර්ථ සාධක අරමුදල (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා එම දීමනාව ණයක් ලෙස නොව පොලී අය නොකරන දීමනාවක් ලෙසින් සාමාජිකයින්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අවධාරණය කළේය.

අරමුදලේ ඇති සාමාජිකයින්ගේ දායක මුදල් වලින් සියයට 30ක් ලබාගැනීමට ඉඩ දෙන්නේ නිවසක් ඉදිකර ගැනීමට බව කී ඇමැතිවරයා සාමාජිකයාගේ ශල්‍යකර්ම වැනි වෛද්‍ය අවස්ථා සඳහා අරමුදලින් මුදල් ලබාදීමට පියවර ගන්නා බවත් සාමාජිකයාට වාසි රැසක් ලැබෙන රක්ෂණ යෝජනා ක්‍රමයක් ද ආරම්භ කරන බව පැවැසීය.

සාමාජිකයාට සිය දායක මුදල් ප්‍රමාණය සහිත ගිනුම සිය ජංගම දුරකථනය මගින් ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව කී ඇමැතිවරයා දායක මුදල් සඳහා ගෙවන පොලී අනුපාතයද ඉහළ නංවන බව කීය.
read more “නිවෙසක සිහිනය සැබෑ කර ගන්න අර්ථ සාධක අරමුදලේ සාමාජිකයනට පොලී රහිතව 30%ක දීමනාවක්”