බෞද්ධ පොත-පත සුරකින්න අධි ලේඛනාගාරයක්

බෞද්ධ ග්‍රන්ථ ආරක්ෂා කැර ගැනීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධ අධි ලේඛනාගාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 90 වැනි සංවත්සරයට පෙර මේ ලේඛනාගාරය ආරම්භ කිරීමට බෞද්ධ සම්මේලනය පියවර ගෙන තිබේ.

බෞද්ධ සම්මේලනයට විශාල සේවයක් කළ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා නමින් මේ ලේඛනාගාරය ආරම්භ කරන බව සභාපති ජගත් සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.