රජයේ විශ්‍රාමිකයනට දඹදිව යන්න පහසුකම්

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා දඹදිව වන්දනා කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මාස 06ක විශ්‍රාම වැටුප ඇපයට තබා ගෙන ගුවන් ටිකට්පත් හා අනෙකුත් පහසුකම් ලබා ගෙන දඹදිව ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමිකැර දෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ. ඒ. තිලකරත්න මහතා පැවැසීය.

මේ පිළිබඳව ක්‍රියා කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කැර ඇති බවද කී තිලකරත්න මහතා, රජයේ විශ්‍රාම ගිය 46,000 ක් පමණ වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ අවස්ථාව උදාකැර ගත හැකි බවද පැවැසීය.