කොටි යුද උපකරණ පැට වූ කන්ටේනර් 6ක් සොයා ගනී

කොටි ත්‍රස්තවාදීන් පුදුකුඩුඉරුප්පු වනයේ සඟවා තිබූ බෝම්බ සැකසීමට ගන්නා ද්‍රව්‍ය, ඉටිපන්දන් හා රුධිර සාම්පල් තැන්පත් කරන නල ඇතුළු තවත් යුද උපකරණ රැසක් සහිත කන්ටේනර් හයක් පෙරේදා (17) මධ්‍යම පළාත් බුද්ධි තොරතුරු ඒකකය මඟින් සොයාගෙන තිබේ.

මේ අතර එම ප්‍රදේශයේ හා විශ්වමඩු සහ වෙල්ලමුල්ලි වයික්කාල් ඇතුළු ප්‍රදේශ කීපයක තිබී විවිධ වර්ගයේ ජීව පතොරොම් 197335 ක් (එක් ලක්ෂ අනූහත් දහස් තුන්සිය තිස් පහක්) අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සැකසූ බෝම්බ 463 ක් හා ග්‍රෙනේඩ් ලෝන්චර් හා එස්. එම්. ජී. ඇතුළු ගිනිඅවි 35 ක් සමඟ තවත් යුද උපකරණ තොගයක් 57 සේනාංකය සහ දෙක, අට කාර්ය සේනාංක මගින් එදිනම අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

යුද හමුදා භට පිරිස් සොයා ගත් බෝම්බ, ගිනිඅවි හා යුද උපකරණ අතර ක්ලේමෝ, යුද ටැංකි නාශක බෝම්බ, මෝටාර් බෝම්බ, පීඩන බෝම්බ ඇතුළු බෝම්බ වර්ග ද ගිනි අවි අතර ටී 56, පිස්තෝල, මෝටාර් අවි හා එම් 16, එස්. එම්. ජී. සහ ග්‍රේනේඩ් ලෝන්චර් ද විවිධ අවි කොටස් ද ඇතුළු උපකරණ රැසක් තිබී ඇත.

මධ්‍යම පළාත් බුද්ධි ඒකකය මඟින් මෙසේ සොයාගෙන ඇති කන්ටේනර් පිළිබඳ තොරතුරු අත්අඩංගුවේ පසුවන සැකකරුවන් කීපදෙනෙකු හෙළිකර තිබෙන අතර ඒවායේ තිබී සොයාගත් ඉටිපන්දන් මෙරට නිෂ්පාදනය කළ ඒවා බව හඳුනාගෙන ඇත.

තවදුරටත් මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම්වල යෙදෙන ආරක්ෂක බල ඇණි විසින් ඉකුත් කාලයේ ත්‍රස්තවාදීන් සඟවා ඇති බවට විශ්වාස කෙරෙන අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන නිෂ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව