රුපියල් කෝටි 680ක් වටිනා ව්‍යාපෘති හතරකට අනුමැතිය


රුපියල් කෝටි 680 ක් වටිනා ආයෝජන ව්‍යාපෘති 4 ක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට සමාගම් හතරකට අනුමැතිය ලබා දී තිබේ.

මේ අනුව සුළං බල විදුලි උත්පාදනාගාර දෙකක්, නැව්බඩු ගබඩා පර්යන්ත ගොඩනැගිල්ලක් සහ ඉරාන ආයෝජන අනුග්‍රහයෙන් නිවාස සංකීර්ණයක්ද ඉදි කෙරෙනු ඇත.

මේ සඳහා වන ගිවිසුම් වලට අස්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පසුගියදා සිදු කෙරුණි. මේ යටතේ සුළංබළ විදුලි උත්පාදන බලාගාර දෙක පුත්තලමේද, නැව්බඩු ගබඩා පර්යන්ත ගොඩනැගිල්ල ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිතය.

ඉරාන ආයෝජන අනුග්‍රහයෙන් ඉදිකෙරෙන නිවාස සංකීර්ණය රාජගිරියේද ඉදිකෙරේ. මෙම නිවාස සංකීර්ණය අඩු ආදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින් ඉදිකිරීමට නියමිත වේ.