හැඳුනුම්පත අනිවාර්යයි

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා ද ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකයා පිළිගත් අනන්‍යතාවයක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ප්‍රකාශ කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති පූජ්‍ය/පූජක හැඳුනුම්පත මගින් ඡන්දදායකයාට තම අනන්‍යතාවය ඉදිරිපත් කළ හැකිය.

ඉහත සඳහන් හැඳුනුම්පත් අතුරින් කවර හැඳුනුම්පතක් හෝ නොමැති ඡන්දදායකයන්ට විශේෂයෙන් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පතක් ලබාගත යුතු බව දිශානායක මහතා ප්‍රකාශ කරයි.

තාවකාලික හැඳුනුම්පත් සඳහා මෑතකදී ගත් අඟල් 1 1/4ඔ1 ප්‍රමාණයේ වර්ණ හෝ කළු සුදු පිටපත් දෙකක් තමා පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි හෝ වතු අධිකාරි වෙත ලබා දිය යුතු අතර මේ සඳහා කිසිදු මුදලක් අය නොකැරේ. අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 01 දින