පුදුකුඩිඉරිප්පුවෙන් තවත් අවි රැසක්

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී යුද හමුදාවේ කාර්ය සාධක බළකා 8 හි රණවිරුවන් සිදුකරන ලද මෙහෙයුමක දී පුද්ගල නාශක බෝම්බ 8063 ක්, ආර්. පී. ජී. අවි 4 ක් ඇතුළු අවි ආයුධ රැසක් සොයාගෙන තිබේ.

පෙරේදා (18) මේ අවි තොගය සොයා ගෙන ඇති අතර මෙහිදී කිලෝ 15 ක්ලේමෝ බෝම්බයක්, ටී. 56 අවි 51 ක්, ටී 81 අවි 03 ක්, ආර්.පී.ජී. අවි 04 ක්, එස්. එම්. ජී. අවියක්, සාමාන්‍ය ක්ලේමෝ බෝම්බ 08 ක්, ජී.පී.එම්.ජී පතරොම් 2820 ක්, ටී. 56 පතරොම් 350 ක්, මිලිමීටර් 40 අත්බෝම්බ විදිනයක් (ග්‍රෙනේඩ් ලෝන්චර්), මිලිමීටර් 60 මෝටාර් අවියක් සහ එම අවි බැරලයක්, ආර්. පී. ජී. පතරොම් 11ක් හා එම චාජර් 08 ක්, 12.7 පතරොම් 170 ක්, මෝටාර් ෆියුස් 27 ක්, එල්.ටී.ටී.ඊ කැප් සහ නිල ඇඳුම් ඇතුළු දෑ එහිදී සොයාගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේ ය.

කාර්ය සාධක බළකා 2 විසින් ටී. 56 පතරොම් 2400 ක්, මිලිමීටර් 120 මෝටාර් ප්ලේට්ස් තොගයක් ද පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී සොයාගෙන තිබේ. මේ අතර කාර්ය සාධක බළකා 8 හි රණවිරුවකු පුද්ගල නාශක බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබේ.

කිලිනොච්චියේ අඩම්පන් ප්‍රදේශයේ දී හමුදාව විසින් ප්‍රදේශය ගිනි ගන්නා තර්මෝ බැරික් අවියක්, ආර්.පී.ජී බෝම්බ 10 ක්, අත් බෝම්බයක්, එම්.පී.එම්.ජී අවි 02 ක් සහ අත්බෝම්බයක් සොයා ගෙන තිබේ.