
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය මිනීමැරුමක් බවට නිව්යෝර්ක් අධිකරණය විසින් තීන්දු කර තිබේ.
ජැක්සන්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා වූ කොනාඩ් මරේට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබුණි.
පසුගිය දිනවල ඔහු කළ පාපොච්චාරණවලට අනුව මේ චෝදනාව එල්ල කෙරුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මයිකල් ජැක්සන්ට ප්‍රොපිල් නමැති ඖෂධය දුන් බව වෛද්‍ය මරේ පිළිගෙන තිබේ.
මේ නිසා ඉදිරි දින කිහිපය තුළදී වෛද්‍ය කොනාඩ් මරේව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.