දරුවන් විකිණීමට ගොස් වැඩ වරදී

දරුවෙකු අලෙවි කිරීමට තැත් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් හලාවතදී අත්අඩංගුවට පත් වූහ.

ගම්පොල උනම්බුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා හලාවත නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පොලිසිය පැවසීය.

සැකකරුවන් විසින් අලෙවි කිරීමට උත්සාහ දරනු ලැබුවේ ඔවුන්ගේ ඥාති දරුවකු බව පරීක්ෂණ වලදී හෙලි වී තිබේ.

අවුරුදු එකහමාරක් පමණ වයසැති එම දරුවා දැනට පොලීසිය භාරයේ ආරක්ෂිතව පසුවෙයි.

මේ අතර බිළිදියක් අලෙවි කිරීමට තැත්කළ බව කියන කාන්තාවක් ඇතළු සැකකරුවෝ පස් දෙනෙක් ඊයේ ගාල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට පත් වූහ.

ගාල්ල පොලිස්, කාන්තා හා ළමා කාර්යාංශය පැවසුවේ බිළිදියගේ මිත්තණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගත් බවය.

පසුගිය 9 වැනිදා ගාල්ල මහමෝදර රෝහලේදී උපත ලැබූ බිළිදිය ඊට දින 4 කට පසුව ඇගේ මව විසින් රුපියල් දහසක මුදලකට අලෙවි කරනු ලැබ ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණවී තිබේ.

පසුව එම බිළිදිය ඉමදූව ප්‍රදේශයේ නිවසක සිටියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.