හික්කඩුවෙන් කරාපිටියට නව බස් සේවයක්

දකුණු පළාතේ ග්‍රාමීය මඟී ප්‍රවාහන පහසුකම් වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ හික්කඩුවේ සිට කරාපිටිය දක්වා නව බස් සේවාවක් ලබා දීම පසුගිය දිනෙක සිදු වි ය.
මෙම බස් සේවාව හික්කඩුවෙන් ආරම්භ වේ. අනතුරු ව තිරාණගම, පිංකන්ද, අඹගහ හන්දිය, දොඩන්දූව, තෙලිකඩ, වක්වැල්ල, හපුගල සහ කහදූව හරහා කරාපිටිය දක්වා ධාවනය කෙරේ.

බස් සේවාව අරම්භ කිරීමට පෙර කරාපිටිය රෝහලට යාම සඳහා බස් රථ 03කින් ගමන් කිරීමට සිදු වි ය. එහෙත් මෙම සේවාව ආරම්භ කිරිමත් සමඟ ම තනි බස් රථයකින් තම ගමන් පහසුව සලසා ගැනීමට ජනතාවට හැකි ව තිබේ.

මෙතෙක් පොදු මඟී ප්‍රවාහන පහසුකම් නො මැති කම හේතුවෙන් අපහසුතාවයට පත් එම ප්‍රදේශයේ පාසල් සිසුන්ට හා සේවය සඳහා යන ගාල්ල ප්‍රදේශවාසීන්ට මෙම සේවාව මඟින් මහත් පිටුවහලක් අත්වෙනු ඇතැයි ඔවුන් විස්වාස කෙරේ.

නව බස් රථ ආරම්භ කරන අවස්ථාවට දකුණු පළාත් ප්රිධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා හා මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.