"බලපෑම්වලට යටවී අවතැන්වූ ජනතාව මුදාහැරිය නොහැකියි" වෙස්‌වලාගත් කොටින් රැසක්‌ තවමත් සරණාගත කඳවුරුවල ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

කොටි ත්‍රස්‌තවාදීන් විශාල සංඛ්‍යාවක්‌ දැනට සාමාන්‍ය වැසියන් මෙන් වෙස්‌වලාගෙන උතුරේ සරණාගත කඳවුරුවල සිටින බවත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම්වලට යටවී ඔවුන් මුදාහරිනු ලැබුවහොත් යළි රජයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට පටන් ගනු ඇති බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ "දිවයින" ට පැවැසීය.

අවතැන්වූවන්a දෙලක්‍ෂ අසූදහසක්‌ ඔවුන්ගේ කැමැත්තට එරෙහිව කඳවුරුවල රඳවාගෙන සිටින බවට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක්‌ හෙළාදකිමින් ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ රටේ ආරක්‍ෂාවට සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක්‌ සමඟ විපක්‍ෂය දේශපාලන ක්‍රීඩාවක යෙදී සිටින බවයි.

වෙස්‌වලාගත්

විශේෂයෙන් වන්නිය නැගෙනහිර කොටසේ අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක්‌ වළදමා තිබෙනවා. ඔවුන් අතට ඒවා පත්වීමට ඉඩ තැබුවහොත් නැවත ප්‍රහාර එල්ල කරනවාට සැකයක්‌ නැහැ. එල්. ටී. ටී. ඊ. ය පරාජයට පත්වුණේ මාස ස්‌වල්පයකට උඩදී බව විපක්‍ෂයට සහ ඇතැම් ජනමාධ්‍යවලට අමතක වෙලා. නන්දිකඩාල් කලපුවේදී කොටි නායකයන් මරා දැමුවාට පසුව මේ වනතෙක්‌ම එකම ප්‍රහාරයක්‌වත් එල්ල නොවුණේ රජය ගෙන ඇති ආරක්‍ෂක පියවරවල් නිසයි. ආරක්‍ෂක ක්‍රියාමාර්ග ලිහිල් කරනු ලැබුවහොත් බෝම්බ පිපිරෙන්නට පටන් ගනීවි. එතකොට ඔය විවේචනය කරන අයම රජයට ඉල්ලා අස්‌වන්නැයි කියාවි යෑයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

උතුරේ අවතැන් කඳවුරුවල සිටින සාමාන්‍ය වැසියන් මුදාහැරීම ඉක්‌මන් කළයුතු යෑයි ද ඒ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු යෑයි ද විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෑතදී ප්‍රකාශ කළේය. අහිංසක ජනතාව ලක්‍ෂ ගණනක්‌ කඳවුරුවල රඳවාගෙන සිටින බවට රජය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්‌කරමින් විපක්‍ෂ නායකවරයා පැවැසුqවේ විපක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක සහභාගි වූ පක්‍ෂයේ ආසන සංවිධායකයන්ගේ හමුවකදීය.