ඉන්දියාවේ සංචාරය අඩුකරන්න - සෞඛ්‍ය අමාත්‍යංශය

h1n1 වෛරසය වසංගතයක් ලෙස පැතිර යන ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කිරීම හැකිතාක් දුරට අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ, මේ වන විට ඉන්දියාවේ මුම්බායි නුවර ඇතුළු නගර කිහිපයක මෙම රෝගය වසංගතයක් ලෙස පැතිර යන බවය.

වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය උපදෙස් දෙන්නේ, අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉන්දියාවේ සංචාරය නොකරන ලෙසය.

මීට අමතරව තායිලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ ද මෙම රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් පවතී.

එම රටවල ද සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස ඇය සඳහන් කළාය.

දැනට h1n1 වෛරසය අසාදනය වූ පුද්ගලයින් 70 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබේ.