නිපුණ රාමනායකට පහර දුන්නැයි පොලීසියේ 9ක් අද අධිකරණයට

මාලබේ, තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන නිපුණ රාමනායක සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් 9 දෙනෙකු හා සිවිල් පුරවැසියකු අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ද, අද දින නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා පැවැසීය.