ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශාල ණයක් රටට ලැබුණා. මේ මුදල ලැබීමත් සමඟ ඇති වී ඇති තත්ත්වය ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද ?
අපේ රට වෙනුවෙන් අමෙරිකන් ඩොලර් බිලියන 2.6 ක ණය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් වෙන් කර අවසන්. එහි මුල් ගෙවීමත් දැනට කරල තියෙන්නෙ, දෙවැනි ගෙවීමත් දැන් කරන්න ළඟයි. ඒ නිසා මේ ගැන වාද – විවාද කිරීම අවශ්‍ය නෑ. ඒක තමයි යථාර්ථය. දැන් අපි බලන්න ඕන මේකෙන් ලැබෙන ප්‍රතිඵල දිහා. පළමු වන ප්‍රතිඵලය ඉතාම පැහැදිලිව සංඛ්‍යා ලේඛන ඇතිව අපට පෙන්වා දෙන්න පුළුවන්.
ඒ මේ කාලය තුළ අපේ විදේශ සංචිතය ඇ. ඩො. බිලියන 3.2 දක්වා ගිහින් තියෙනවා. තවමත් අපට ලැබිල තියෙන්නෙ මුළු ණය මුදලෙන් ඇ. ඩො. 300ක් විතර. එහෙම නම් සංචිතයේ ඉතිරි ප්‍රමාණය ආර්ථික ගනුදෙනු ඔස්සේ මේ රටට ගලාඑන විදේශ විනිමය ඒ තත්ත්වය ඇති වෙන්න මූල්‍ය අරමුදලෙන් අපට දෙන ලද සහතිකය ඉතාමත් ම වැදගත් වුණා.
අපේ ආර්ථික කළමනාකරණය පිළිබඳව ලැබුණු සහතිකයක් ලෙසත් මෙය සලකන්න පුළුවනි. අපත් සමඟ ම වගේ් මෙවැනි ණය මුදලක් ඉල්ලා සිටි බංග්ලාදේශයට මුදල් ලැබුණේ ගිය සුමානෙ. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ආර්ථික ක්ෂේත්‍රයෙන් අපට උදවු කරන්න ධ් ර් ජ් එකටත් එතරම් අසීරු නොවුණ බවයි. දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න ඇති වුණා .
ඒත් කිසි රටක් අපට එරෙහිව ඡන්දය දුන්නේ නෑ. කලින් මධ්‍යස්ථ වුන ඡපානය , ඉතාලිය වගේ් රටවල් අපිත් එක්ක ඡන්දය දෙද්දි යුරෝපා හවුලේ සමහර රටවල් ඡන්දය දීමෙන් වැළැකුණා. යෝජනාව සම්මත වුණා. මේකෙන් පෙනෙන්නෙ ලෝකයේ ඉහළ ම මූල්‍ය කළමනාකරණ හා විමර්ශනය කරන ආයතනය වන ධ් ර් ජ් එකෙන් තාක්ෂණික වශයෙන් ඉහළම මට්ටමේ සහතිකයක් අපට ලැබුණ බවයි.
මේ ඔස්සේ ලංකාව තුළ ආයෝජනය කරන අයත් වැඩි වෙලා තියෙන බව පෙනෙනවා. ආයෝජන කිරීම සඳහා අපේ රටේ ඇති වාතාවරණය විමසා බැලූ ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්’ නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනය අපේ ස්ථාවරභාවය පිළිබඳ දෙන ලද ලකුණු ඕ සිට ඕ ++ දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ අලුත්ම තත්ත්වය. මේ ආදී සෑම විමර්ශනයකින් ම පෙනෙන්නෙ තත්ත්වය හොඳ අතට හැරී ඇති බවයි.
මේ විදිහට අපේ රටට අලුතින් මුුදල් ගලාඑන මාර්ග හඳුනාගන්න පුළුවන් ද ?
ප්‍රධානතම අර්බුද සමය තුළ අපේ බැඳුම්කර ආදියේ අයෝජන කර තිබූ විදේශිකයන් ඒ මුදල් ආපසු රැගෙන ගියා. දැන් ආපහු සල්ලි අරන් එනවා. අර්බුදකාරී වාතාවරණය යටතේ ඇ. ඩො . මිලියන 600 ක් විතර රටින් පිටට ගියා. ලෝක නීතියට අනුව මුදල් දාපු අය ආපසු ඉල්ලුවාම අපි ඒ මුදල් දෙන්න ඕන. එහෙම මුදල් ආපසු ගත්ත අය දැන් යළිත් එනවා. ඔවුන් විතරක් නෙමෙයි අලුත් අයත් එනවා. ඒ නිසා ධ් ර් ජ් එකෙන් ලැබුණු පළමු වාරිකය තරම් ප්‍රමාණයක් ඇ. ඩො. 300 ක් එක් දවසකින් ලංකාවට ආවා. දවසින් දවස අපේ විදේශ විනිමය තත්ත්වය හොඳ අතට හැරෙනවා.
මේ ණය මුදල විවේචනය කරන සමහරු කියන්නේ මේ මුදල් පාවිච්චි කරන්න බැහැ. ඒවා නිකම්ම හිර කරල තියෙන්නෙ කියලා ..?
ඕක හරිම බොළඳ තර්කයක්නෙ . ඒක මම කියපු කරුණු වලිනුත් පෙනෙනවා. මේ වගේ මුදලක් නොලැබුණා නම් අපට වෙන්නෙ මාස 3 ක විදේශ විනිමය සංරක්ෂණය කරන්න. අපි සංචාරක ව්‍යාපාරය ආදිය හරහා උපයාගත් විනිමය යොදවන්න. නමුත් දැන් මේ මුදල් සංචිතවල ස්ථාවරව තියෙන නිසා අපට ලැබෙන මුදල් සුදුසු පරිදි පරිහරණය කරන්න පුළුවන් .
අනික ඩොලර් බිලියන 2.6 ක් අපට ලැබෙන්නෙ සියයට එකේ පොලියට. සාමාන්‍යයෙන් ලෝකයේ වෙළෙඳාම් කරන්නේ සියයට පහේ පොළියට. ඒ නිසා මේක ඉතා සහනදායි ණයක්. මේ ලැබෙන මුදල් සියයට පහේ පොළියට වෙනත් තැනක තැන්පත් කළ හැකි ද කියන එක ගැනත් අපට අවධානය යොමු කරන්න පුළුවනි. එතකොට ණය ගෙවනවා විතරක් නෙමෙයි, රටට ආදායමකුත් ගලා එනවා. එවිට ණය මුදල ලේසියෙන්ම ගෙවා දැමිය හැකි ආර්ථික ක්‍රියාදාමයක් කරා යොමුවිය හැකියි.
මේ ණය මුදල ලැබීමත් සමඟ ඇතිවිය හැකි වර්ධනයන් පිළිබඳ යමක් සඳහන් කළ හැකි ද ?
එකක් තමයි , තෙල් මිල දරන්න පුළුවන් මට්ටමක දෝලනය වෙමින් තිබීම. ඒත් එක්කම යටිතල පහසුකම් නැංවීම සඳහා අපකළ ආයෝජන ප්‍රතිඵල ලබා දෙමින් තියෙනවා. හොඳම නිදසුන නොරෙච්චෝලේ මෙගාවොට් 300 ක් ලබා දෙන පළමු පියවර සම්පූර්ණ වන විට, ඉතිරි 300 සඳහා මුදල් ලබා දෙන්න චීනය දැන් සුදානම්.
සැලසුම්ගත කාල පරිච්ඡේදයටත් වඩා ඉක්මනින් මේ වැඩ කෙරීගෙන යනවා. කොත්මලේ බලාගාරයේ වැඩත් අවසන් වෙමින් තියෙන්නෙ. මේ රටේ විදුලිබල ඉල්ලුම වාර්ෂිකව 10% කින් වැඩි වෙනවා. රටේ ආර්ථික වේගය වාර්ෂිකව 6% , 7% කින්වත් පවත්වා ගන්න නම් විදුලි බල සැපැයුමක් වාර්ෂිකව 10% ක්වත් ඉහළ දැමිය යුතුයි. මීට කලින් ඔය 10% ට යන්න බැරිවුණා. නමුත්, දැන් ඒ මට්ටමත් අභිබවා අපට ඉදිරියට යාමට හැකි වෙනවා.
විදුලිබල සේවකයන් කවුරුන් හෝ මේ වෙලාවෙ කලබල කරනවා නම් එය ජනතාවට ද්‍රෝහී වීමක්. ක්‍රමයෙන් ගොඩනඟා ගෙන එද්දී ආයෙම වළකට තල්ලු කිරීමක් තමයි ඒවයින් වෙන්නෙ. මෙහෙම කලබල කරන අය විදුලි බල මණ්ඩලය කළමනාකණය අතින් සාර්ථක ආයතනයක් බවට පත් කරනවා ට කිසිදාක කැමැති නැහැ. මොක ද එතකොට දූෂණයටත් ඉඩක් නැහැ. ඇත්තටම දැන් එහි සේවකයො අතිරික්තයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට පමණක් බඳවාගෙන තිබුණා නම් ඒ පිරිසට දැන් වගේ දෙගුණයක් පඩි ගෙවන්න වුණත් තිබුණා. ජනතාවට ලාභෙට විදුලිය දෙන්නත් තිබුණා.
සමහර රාජ්‍ය ආයතනවලට දේශපාලන හේතුන් මත සාඩින් ටින් පුරවනව වගේ මිනිස්සු පිරවීම නිසා අර්බුද ඇති වුණා.
විදුලිය ප්‍රගතියෙන් ඇත් වෙමින් තිබිය දී වරාය – ගුවන් තොටුපොළ - අධිවේගී මාර්ග ආදියත් ඉදිවෙමින් තියෙන්නෙ. රටේ මාර්ග පද්ධතියේ දැඩි විශාල දියුණුවක් ඇතිවෙලා. උතුර – නැඟෙනහිරත් ඒවා ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් තියෙනවා. යටිතල පහසුකම් ඉහළ නැංවීම අතින් හොඳ ප්‍රගතියක් දකින්න පුළුවනි. මීටත් වඩා අපට ආධාර ලබා ගන්නත් පුළුවනි. දැන් අපේ අඳුරු කාලය ගෙවිල අවසන් වෙමින් තියෙන්නෙ. මේ අප කළ ආයෝජනවල ප්‍රතිඵල අත් විඳින කාලය. විශේෂයෙන් ගතවුණු මාස 3 තුළ අපේ ආර්ථිකයේ නව නැම්මක් ඇති වුණා.
සැබෑ ප්‍රතිඵල දකින්න නම් මේ මුදල ලැබුණටම මදී. එය හරියාකාර යොදවා ගැනීමත් සිදුවිය යුතුයි නේද ?
ඔව් , කොපමණ මුදලක් ලැබුණත් එය නිසියාකාරව භාවිතාවට නොයෙදුනොත් එය ජනතාවට , රටට කරන පාඩුවක් , ඒ නිසා මේ මුදල් ලබාගෙන රටේ ආර්ථිකය හරියාකාර මෙහෙයවා ගැනීමත් ඉතාම අවශ්‍යයි. කලින් ණය මුදල් ගැනීම පවා අසීරු වෙලා තිබුණා. නමුත් දැන් අපට ලැබෙනවා මේ වෙලාවේ අති දක්ෂ කළමනාකරණයක් කරා අපි යොමු විය යුතුයි. බලන්න උතුර – නැඟෙනරහිර කටයුතු මොනතරම් හොඳින් කළමනාකරණය කරල තියෙනවද කියලා.
අවංකවම කිව්වොත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ කැපවීම ඒක කවුරුත් පිළිගන්නවා . ඒ වගේ විශේෂ අවධානයක් යොමුවිය යුතු විදුලිබල මණ්ඩලය , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව , දුම්රිය , ලංගම , ආදී ආයතනවල මීට වඩා කළමනාකරණය දියුණු විය යුතුයි. කැපවීමත් අවශ්‍යයයි. වචනවලින් ඔබ්බට , ගණනය කළ හැකි සංඛ්‍යාත්මක ලාභයක් දක්වා ඒවා යා යුතුයි. දූෂණයට - සොරකමට ඉඩ නොතැබිය යුතුයි, දැඩි පරිපාලන තීරණ ගත යුතු නම් ඒවා ගන්න ඕන.
පසුගියදා ජනාධිපතිතුමා පැහැදිලිවම අවධාරණය කළේ රේගුව , දේශීය ආදායම් සහ සුරා බදු කියන සම්ප්‍රදායික ආදායම් මාර්ග 3 ශක්තිමත් කොට රටට ලැබෙන මුදල් ප්‍රමාණය දිය යුතුයි කියලා. ඊට අවශ්‍ය යම් පියවර ද ගෙන තිබෙනවා. මේ නිසා පාලනයක් තිබීම අවශ්‍යයයි. පාඩු ලබන ආයතතන හැමදාමත් පාඩු සහිතව ගෙනියන්න බැහැ. ඒවා ගොඩනැඟීම කළ යුතුයි. නැත්නම් ඒවා පවත්වා ගෙන යාමට වැය වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල්. මේ ආයතන බොහොමයක විශාල සේවක අතිරික්තයක් ඉන්නවා. නමුත් , දැන් ටිකෙන් ටික මේවා හොඳ අතට හැරෙමින් තියෙනවා.
ප්‍රවාහන ඇමැතිතුමා දුම්රිය ලංගම වැනි ආයතන ගොඩගන්න පුදුමාකාර කැපවීමක් කරනවා. පසුගිය කාලයේ පෞද්ගලික බසයකට සේවකයො තුන් දෙනයි නම් ලංගම බසයට සේවකයො 15ක් විතර වෙන්න ලංගම විශාල සේවක පිරිසක් හිටියා. තුන් දෙනාට පඩි ගෙවන්න පුළුවන් මුදලක් උපයලා පහළොවක පඩි දෙන්න කොහොම ද ප්‍රශ්න ඇති’ වෙනවා.
ලංගමට දුම්රියට මුළුමනින්ම මූලික ප්‍රාග්ධනය ආයෝජනය කරන්නෙ රජය බව අපි අමතක නොකළ යුතුයි. වාර්ෂිකව රජය ලංගමට බස් සිය ගණනින් ගෙන්වනවා. දුම්රිය මැදිරි ගෙන්වනවා. මේ නිසා පෞද්ගලික අංශය හා රජය අතර විශාල පරතරයක් තියෙනවා. හැබැයි එහෙම තිබියදීත් මීට වඩා ප්‍රගමනයක් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා.
රට ගොඩනැඟීම සඳහා විශාල ප්‍රයත්නයක් දරමින් සිටින අතර , රටේ යම් යම් අර්බුදත් මතු වි පෙනෙනවා. ඒවා කාලයක් තිස්සේ වර්ධනය වු වා විය හැකියි. නිදසුනක් අධ්‍යාපන කේෂ්ත්‍රයේ අර්බුද මේවා ගැන ඔබේ දැක්ම කෙබඳු ද ?
අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාම යල් පැනපු එකක්. දැන් මේ පුංචි පුංචි අර්බුද දිනපතා පුවත්පත් වල පළ වෙනවා. මේකෙ යටින් තියෙන හරය තමයි පවතින දේ හා යථාර්ථය අතර ගැටීම. මෙතෙක් කල් බලාගෙන සිටියත් තවත් කල් මේ අර්බුදකාරී අධ්‍යාපනය හා වර්තමාන අවශ්‍යතාවට ඒකට යන්න බැහැ. කොතැනදී හරි වෙනසක් කරන්න වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමයේ අඩු පාඩු නිසා රැකියා කරන්න බැරි විශාල පිරිසක් වාර්ෂිකව සමාජයට තල්ලු වෙනවා.
පාසල් අධ්‍යාපනයෙන් නිසි වෘත්තීය දැනුමක් ලැබෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා උසස් පෙළට 250,000 ක් විතර ලියද්දි, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ 17,000ක් විතර. මව්පියො දස වධ විඳලා 10,000 ක් විතර ළමයි පිටරට ඉගෙන ගන්න යවනවා. සෝමාලියාව හැර ඕනෑම රටකට ළමයි යවනවා. මේ ඔක්කොම එකතු කළත් 30,000 ක් විතර. ඉතුරු 220,000 ම නිසි සුදුසුකමක් ලබා ගන්න විදිහක් නැතිව එළියෙ.
ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ විශාල අර්බුද විසඳන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රාජ්‍ය අංශය ගොඩනඟන්න අසීරුයි. නියම දැනුම සහිත පිරිසක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිකළ යුතු වන්නේ ඒකයි. මේ කාරණය පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කළ යුතු මාතෘකාවක්.
අනෙක මේ කාරණයේ දී දේශපාලනඥයාත් අසරණ වෙනවා. මොකද ඔහු දැඩි ස්ථාවරයක සිටියොත් ඡන්ද නැති වෙනවා. ඒ නිසා සමහර දේශපාලනඥයන් තමන්ගේ ප්‍රදේශවල අයගෙන් ඇතැම් ආයතන පුරවනවා. ඒක ප්‍රශ්නයක් . මං මේක වෙන විදිහකට පැහැදිලි කරන්නම්. කොළොන්නාව කියන්නේ තෙල් නගරයක් , ඒත් , ඛනිජ තෙල් සංස්ථාව ඒ ප්‍රදේශයෙ පිට්ටනියක් , ඉස්කෝලයක් වත් හදල තියෙනවා ද? හැබැයි ලෝකයේ තෙල් නිපදවන ජෙඩා , රියා වගේ නගරවල සම්පූර්ණ සේවාවන් , ශුභ සාධන කටයුතු ආදී හැමදේම කරන්නේ ඒ තෙල් සමාගම්. ඔවුන් නගර නිර්මාණය කරනවා. අලංකරණ කටයුතු කරනවා. මැලේසියාවේ පෙට්‍රොනාස් ටවර් කියන්නේ එරට තෙල් ආයතනයේ විශාල ආයෝජනයක්. නමුත් අපට වෙලා තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව තමන්ගේ මුදල් කොළොන්නාවට ආයෝජනය කරනවා වෙනුවට තව තවත් රැකියා දීපු එකේ බර දරාගන්න.
දකුණු පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ජනතාව මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වා වි කියල ඔබ හිතනවා ද?
ඌවෙදි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව අපි කිව්වා. ඒ විදියට ම ලැබුණා. දකුªණෙදිත් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. අපි කතා කළ අර්බුදයෙන් ගොඩ එන්නට නම් ඒක විසැඳුමක් තමයි.
ප්‍රාදේශීය සංවර්ධනය , පළාත් සභාවල ප්‍රධාන අරමුණ පළාත් බදව ප්‍රාදේශීයව දියුණුවක් ඇති කරන එක. හොඳට දියුණු කරන්න පුළුවන් සම්පත් බහුලම පළාත දකුණ. ඛනිජ සම්පත් , ජෛව විවිධත්වය , සංචාරක කර්මාන්ත ය , නොයෙක් ප්‍රවාහන පහසුකම් ආදිය නිසා දකුණ විශේෂයි’ නව වරාය , ගුවන්තොටුපළ ඉදිවෙමින් තියෙනවා.
අනාගතය සම්බන්ධයෙන් ආදර්ශවත් ප්‍රාදේශීය සංවර්ධනයක් දකුණෙන් ඇති කළ හැකියි. ඒ කියන්නෙ ප්‍රාදේශීය සංවර්ධන මොඩලයක්. අනෙක දකුණේ ජනතාවට වර්තමාන ලෝකයක් සමඟ බද්ධවීමට ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ ඡන්දෙදි දකුණේ ජනතාවට තීරණය කරන්න තියෙන්නේ. මේ නව සංවර්ධන සැළැස්මට තමන් අනුගත වනවාද කියන කාරණයයි.
රජය දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් දකුණට යොමු කරලයි තියෙන්නේ. වරාය , ගුවන් තොටුපළ , අධිවේගී මාර්ග , පමණකුත් නෙවෙයි, අධ්‍යාපන , සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතියෙනුත් ඒ බව පැහැදිලියි. මේ නිසා දකුණ ප්‍රාදේශීය සංවර්ධන මොඩලය බවට පත් කිරීමට තමන්ට ලැබුණු අනගි අවස්ථාව දකුණේ බුද්ධිමත් ජනතාව අත්හරින්නේ නැහැ.