කම්කරු නිලධාරී අයදුම්පත් 31න් අවසන්

කම්කරු දෙපාර්තමේන්තුවට නව දෙමළ මාධ්‍ය කම්කරු නිලධාරීන් බඳවා ගැනීමේ අයදුම් පත් භාර ගැනීම මේ මස 31වන දා අවසන් වේ.

මෙහි තරග විභාගය නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙමඟින් නව කම්කරු නිලධාරීන් 20 දෙනෙකු බඳවා ගැනෙන අතර විවෘත හා සීමිත තරග විභාගයක් ලෙස මෙම විභාගය පැවැත් වේ. දෙමළ භාෂාවෙන් පමණක් මෙම විභාගය පැවැත් වේ.

මෙම විභාගයෙන් තෝරා ගන්නා නිලධාරීන් පත් වීම් ලද දිනයේ සිට අවම වශයෙන් වසර 10ක් උතුරු නැ‍ඟෙනහිර පළාත්වල සේවය කළ යුතුය.

නුවරඑළිය, හැටන්, බදුල්ල, හපුතලේ, ගම්පොළ, නාවලපිටිය, මහනුවර, මතුගම, මාතලේ, කෑගල්ල අවිස්සාවේල්ල, රත්නපුරය සහ පැල්මඬුල්ල යන ප්‍ර‍දේශවල පමණක් පිහිටා ඇති කාර්යාලවල සේවය කිරීමට බැඳී සිටිය යුතුය.