තවත් පිරිසකට බඹරු අනිති

සීගිරිය නැරඹීමට ගිය පිරිසක් අද බඹර ප්‍රහාරයකට ලක්වූහ..

පොලීසිය පැවසුවේ අද පස්වරු 3.45 ට පමණ ඔවුන් මෙම සිද්ධියට මුහුණ දී ඇති බවය.

බඹර දෂ්ඨනයට ලක්වූ පුද්ගලයින් 35 දෙනෙකු සීගිරිය රෝහලට ඇතුළත් කෙරුණු බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය.

ඉන් රෝගීන් පස්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහල වෙත මාරුකර යවා තිබේ..