ශ්‍රී ලංකාවේ නගර අලංකරණයට ඕස්ට්‍රේලියාවෙන් කෝටි 180ක්

මනරම් ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමේ නගර අලංකරණ වැඩපිළිවෙළ සඳහා ඕස්ට්‍රේලියානු සිඩ්නි නගර අලංකරණ වැඩපිළිවෙළ මෙරටට හඳුන්වා දීමට රජය තීරණය කොට තිබේ.

ඕස්ට්‍රේලියානු සිඩ්නි නගර අලංකරණ වැඩපිළිවෙළ මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය රුපියල් කෝටි 180ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත. එහි ප්‍රථම අදියර පාර්ලිමේන්තු වටරවුම අලංකරණ වැඩපිළිවෙළ යටතේ ඇරැඹීමට රජය තීරණය කොට තිබේ.

මේ වැඩපිළිවෙළ අධ්‍යයනය කිරීම සඳහා ඉදිරි සතියේ ශ්‍රී ලංකා දූත පිරිසක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර මහාමාර්ග අමාත්‍යාංශයේ නගර අලංකරණ සභාපති ප්‍රීති වරාවිටගේ මහතා එහි අධීක්ෂණ කටයුතු මෙහෙයවයි.