යාපනයේ සිට මාළු ලොරි කොළඹට

යාපනයේ මත්ස්‍ය අස්වැන්න කොළඹට ප්‍රවාහනය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරවර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සහ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි.
යාපනයේ මහජන පුස්තකාලය අසලදී මත්ස්‍ය අස්වැන්න රැගත් ලොරි රථ පෙළට කොළඹ බලා ගමන් ඇරඹීමට ආණ්ඩුකාරවරයාත් අමාත්‍යවරයාත් සංඥාකිරීමෙන් අනතුරු ව එම රථ ‍යාපනයෙන් ගමන් ආරම්භ කෙළේ ය. මේ අවස්ථාවට‍ යාපනය දිසාපති කේ. ගනේෂ් මහතා සමඟ නිලධාරීන් රැසක් එක්වූහ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාත් ආණ්ඩුකාරවර ජී. ඒ. චන්ද්‍රසිරි මහතාත් දිසාපතිතුමාත් එක් ව ආරක්ෂක අංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් යාපනයේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය නැංවීමට ගත හැකි උපරිම පියවර ගැනීමට කටයුතු කිරීම සඳහා එහි පැවති විශේෂ සාකච්ඡාවකදී ද අවධානය යොමු කෙරිණි.

රජයේ උතුරු වසන්තය වැඩසටහන මඟින් ධීවර ප්‍රජාවගේ යටිතල පහසුකම්වල දැනට තිබෙන අඩුපාඩු සපුරාදීමටද කටයුතු ආරම්භ කර තිබේ.