1989 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ ඇමැති එස්. බී. නාවින්න මහතාගේ පාර්ලිමේන්තු දේශපාලනයට මේ වසරේදී අවුරුදු විස්සක් සම්පූර්ණ වේ. ඔහුගේ විසි වසරක දේශපාලන අත්දැකීම් සහ වර්තමාන දේශපාලන ප්‍රවණතා පිළිබඳ ඇමැති නාවින්න මහතා සමඟ දිනමිණ සිදුකළ සාකච්ඡාවකි මේ.
* ඌව පළාත් සභා මැතිවරණයෙන් රජයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවුණා. දකුණේ පළාත් සභා මැතිවරණය සඳහාත් නාම යෝජනා කැඳවලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයට මුහුණදීමට නිදහස් සන්ධානයේ සූදානම මොනවගේද ?
අපිට මේ මැතිවරණවලදී තරගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල බලකොටු විදිහට තිබුණ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත් ඌව පළාතේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට පුළුවන්කම තිබුණා.
එහෙම තියෙද්දී ප්‍රගතිශීලී දේශපාලනයේ තොටිල්ල විදිහට සැලකෙන දකුණු පළාතේදී අපිට 85% ජයග්‍රහණයක් ලබාගන්න එක අපහසු ඉලක්කයක් නෙමෙයි.
ආණ්ඩුව පාර්ශ්වයෙන් අපි ඉතාමත් හොඳ දක්ෂ අපේක්ෂකයෝ ඉදිරිපත් කරල තියෙනවා. ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ජනපි‍්‍රයත්වය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසා අපිට ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. දකුණු පළාත් සභා මැතිවරණය විතරක් නෙමෙයි ලබන අවුරුද්දේ තිබෙන ජනාධිපතිවරණයකදී මහ මැතිවරණයකදීත් ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්.
අද ජනතාව තුළ ජනාධිපතිතුමා ගැන රජය ගැන විශාල විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ඉස්සර දේශපාලකයෙක් කීවම සමාජය තුළ තිබුණේ එච්චර හොඳ පිළිගැනීමක් නෙමෙයි. ඒත් අද වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒකටත් මූලික කාරණය වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා රටට අත්පත් කරලා දුන්න ජයග්‍රහණයයි.
අද ජනතාවට ඕනෑවෙලා තියෙන්නේ රටට ආර්ථික හා සමාජීය ජයග්‍රහණ ලබා ගැනීම. ඒ වැඩෙත් ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කියලා රටේ බහුතර ජනතාවට විශාල විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ හින්ද තවත් අවුරුදු හයකට මේ රජයටම බලය ලබාදෙන්න මේ රටේ බහුතරයක් තීරණය කරලා තියෙන්නේ. ඉදිරියේදී තියෙන ජාතික මට්ටමේ මැතිවරණයකදී මේ තත්ත්වය ඉතාමත් පැහැදිලි ලෙස දැක ගන්න ලැබේවි.
* මේ මැතිවරණ ක්‍රමය යටතේ එක පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ගන්න අමාරුයි. ඒත් ආණ්ඩුව කියනව ලබන මහ මැතිවරණයෙන් 3/2 ආසන බහුතරයක් ආණ්ඩුවට ගන්න පුළුවන් කියලා..?
මේ යන විදිහට නම් අද තුනෙන් දෙකක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. 2005 ජනාධිපතිවරණයේදී 50.1% න් පටන් ගත්ත ගමන අද වෙද්දී 72% දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ හින්දා මගේ දේශපාලන ගණන් බැලීමට අනුව නම් ලබන මහ ඡන්දෙන් 3/2 බහුතර බලයක් අපිට ගන්න පුළුවන්.
* එජාපය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සමන්විත “නිදහසේ වේදිකාව“ රැස්වීම් මාලාව කුරණෑගලදී කඩාකප්පල් වුණා. මේ ගැන විපක්ෂය ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා...?
අපිට ඔය රැස්වීම් කඩාකප්පල් කරන්න ඕනෑකමක් නැහැ. ආණ්ඩුව නිතරම විරුද්ධ මතවලට ගරු කරනවා. අපිට ඕනෑකමක් නැහැ අනුන්ගේ රැස්වීම් කඩාකප්පල් කරන්න එදා කුරුණෑගලදී සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය එළියට ඒම. ඒ වගේම රණවිරු ජයග්‍රහණ අවතක්සේරු කළ අයට අද ජනතාවගේ විරෝධය එල්ල වෙලා තියෙනවා. මේ සිද්ධියට ඒකත් තදින් බලපාන්න ඇති.
* ජනාධිපතිවරණයක් තියන්නේ නැතිව ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. ජවිපෙ කියන විදිහට ජනාධිපතිවරණයේදී ජවිපෙ හා ජනාධිපතිවරයා අතර ඇති වූ එකඟතාවයේ මූලික කොන්දේසියක් විදිහට තියෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. මේ ගැන ඔබේ අදහස මොකක්ද ?
ප්‍රතිපත්තියක් විදිහට අපි විධායක ජනාධිපති ධූරය පිළිගත්තේ නැහැ. ඒත් යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය සංවර්ධන සංග්‍රාමය අවශ්‍ය ශක්තිය විධායක ජනාධිපති ධූරය නිසා ලැබුණා. යුද්ධය මෙහෙයවද්දී ජනාධිපතිතුමාට විධායක ජනාධිපති ධූරය විශාල ශක්තියක් ලැබුණා.
ඒ නිසා විධායක ජනාධිපති ධූරය තුළ යහපත් ලක්ෂණ රාශියකුත් තියෙනවා. මේ කාරණයේදී මගේ පුද්ගලික මතය මෙයිට වැඩිය කියන්න ඕනේ නැහැ.
හැබැයි ජනතා විමුක්ති පෙරමුණට එකඟතා ගිවිසුම් ගැන කියන්න තියෙන්නේ මොන වගේ අයිතියක්ද කියන එක ප්‍රශ්නයක්. මේ අය එකඟතා ගිවිසුම් කඩලා විපක්ෂයට වෙලා ඉඳලා. හදිසියේම එකඟතා ගිවිසුම් ගැන සිහිවීම පුදුමයට කාරණයක් අද ජවිපෙ මුහුණ දීලා තියෙන සටන් පාඨ හිඟය කොයිතරම්ද කියල මේ කාරණය නිසා හොඳට පැහැදිලි වෙනවා.
* ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කරන්නේ නැතිව වෙනත් කෙනෙකු ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම් කිරීමට නියමිතයි කියල ආරංචි පැතිරෙනවා. මේ වගේ අලුත් අපේක්ෂකයකු යටතේ එජාපයේ පිබිදීමක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා මේ තත්ත්වය ආණ්ඩුවට අභියෝගයක් නෙමෙයිද ?
කොහෙත්ම අභියෝගයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මොන අඩුපාඩු දුර්වලකම් තිබුණත් එජාපයේ අද ඉන්න ජ්‍යෙෂ්ඨම අත්දැකීම් බහුලම පුද්ගලයා ඔහු. එතුමාට දේශපාලන වශයෙනුත් අද ඉන්න එජාපයේ සමහරුන්ට වඩා හොඳ බුද්ධියක් තිබෙනවා. එහෙව් රනිල්ටත් එජාපය ගොඩගන්න බැරිනම් වෙන කෙනෙක් දැම්ම කියල මහා විප්ලයක් වෙන්න විදිහක් නැහැ.
අද ජනාධිපතිතුමා ජනපි‍්‍රයත්වයේ ඉහළම ස්ථානයේ ඉන්නේ. අපි දන්න ඉතිහාසයේදී නම් මේ තරම් ජනපි‍්‍රය නායකයෙක් හිටියේ නැහැ. ඒ හින්ද ඉදිරි අවුරුදු අටේදීත් මේ රටේ නායකයා ජනාධිපතිතුමාම තමයි ඔහු ඉතිහාසයට එකතු වෙන්න වීරත්වයට පත් වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරලා ඉන්නේ. එජාපයේ අද ඉන්න එක්නෙකුටවත් මේ සුදුසුකම් වලින් දහයෙන් පංගුවක් නැහැ. ඉතින් ඒ වගේ දේශපාලන පක්ෂයකට පුළුවන්ද ජනාධිපතිවරණයට මුහුණ දීලා ජයග්‍රහණය කරන්න.
* මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළ දේශීය කර්මාන්තයට හා ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඔබේ අමාත්‍යංශයත් ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා අංශය නියෝජනය කරනවා. මේ තත්ත්වය තුළ ග්‍රාමීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වර්ධනය සඳහා මොන වගේ පියවරක්ද පසුගිය අවුරුදු තුනේදී අරගෙන තියෙන්නේ ?
ග්‍රාමීය කර්මාන්ත ඉහළ නැංවීම යුගයේ අවශ්‍යතාවයක් විදිහට පුළුවන්. ඒ සඳහා අපේ අමාත්‍යංශය වැඩපිළිවෙළෙ රාශියක් ආරම්භ කරලා තියෙනවා. ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා සඳහා අතහිත දීම මගින් දේශීය ආර්ථික ක්‍රමයේ විශාල වර්ධනයක් ඇති කරගන්න පුළුවන්.
ඒත් පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ ග්‍රාමීය කර්මාන්ත ක්‍ෂේත්‍රයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. පේෂ කර්මාන්ත ව්‍යාපාරය මීට අවුරුදු තිහකට කලින් ඉතාමත් ඉහළ ජනපි‍්‍රය ස්ථානයක තිබුණේ. එජාප ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ මේ සියලු කර්මාන්ත බිංදුවට බිඳ වැටුණා. අපි ආයෙත් ග්‍රාමීය කර්මාන්තවලට ඉහළ යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට ග්‍රාමීය කර්මාන්තය යළිත් ගොඩනඟන්න පුළුවන්කම තිබෙනවා කියලා.
* මේ වෙද්දී ඔබේ පාර්ලිමේන්තු දේශපාලනයට අවුරුදු විස්ස සම්පූර්ණ වෙලා තියෙනවා. මේ අවුරුදු විස්සක දේශපාලන ගමන ගැන අද ඔබට හිතෙන්නේ මොන විදිහටද ?
ඇත්තටම මම දේශපාලනයට එන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. පසුව සිදු වූ අකටයුතුකම් මගේ අසල්වැසියන්ට පාක්ෂිකයන්ට සිදුවූ අසාධාරණකම් හින්ද තමයි මට දේශපාලනයට එන්න හිතුණේ. 1977 දී මම නෙමෙයි වාරියපොළ ආසනයට ඡන්දය ඉල්ලුවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියදාස මහත්මයා. එතුමාට මම විශාල වශයෙන් උදවු කළා. 1977 පරාජයෙන් පස්සේ මට දේශපාලනය නිසා බැට කන්න සිද්ධ වුණා. මගේ ව්‍යාපාර සියල්ල විනාශ වුණා. විරුද්ධ පාක්ෂිකයන් මගේ කඩ පවා මංකොල්ල කාලා විනාශ කළා. එදා ශ්‍රීලනිප පාක්ෂිකයෙකුට පාරේ යන්න බැරි තත්ත්වයකුයි තිබුණේ. ඒ තරමටම එජාපයේ රාජ්‍ය භීෂණය බරපතල විදිහට පැවතුණා.
මේ හැම කාර්ණයක්ම මගේ දේශපාලන ආගමනයට බලපෑවා. මං මුලින්ම දේශපාලනයට ආවේ 1989 දී තිබුණ මහ මැතිවරණයේදී. ඒ මැතිවරණයේදී ගම්සභාවකටත් තරග නොකළ මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට පත්වීමට අවස්ථාව ලැබුණා. මට වාරියපොළ ආසනයේ සංවිධායක ධූරය ලැබුණේ 1980 දී. 1989 වසරේ ඉඳල අද දක්වාම කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
මට අද විශාල සංතෝෂයක් තියෙනවා අපේ දේශපාලන අරමුණු ජයගැනීමට පුළුවන්කම ලැබීම පිළිබඳ. අපි අවුරුදු දාහතක් දුක් විඳලා බිහිකරගත් ප්‍රගතිශීලී දේශපාලනයේ ප්‍රතිඵල අද වෙද්දි මුළු රටම ජයග්‍රාහී විදිහට භුක්ති විඳීනවා.
* මුළු රටේම දේශපාලන පෙරළියකට මුල පිරුණේ 1993 දී තිබුණු පළාත් සභා මැතිවරණයේදී එහිදී වයඹ මහ ඇමැති ධූර අපේක්ෂකයා ලෙස තරඟ කළේ ඔබ. ඒ පිළිබඳ සිහිපත් කිරීමක් කළ හැකිද ?
මට බණ්ඩාරනායක මැතිනිය පළාත් සභා මැතිවරණයට තරග කරන්න කියලා ඉල්ලා සිටියේ ටෙලිපෝන් එකෙන්. එතුමිය ඒ වෙද්දී විදේශ ගතවෙලා හිටියේ. එහිදී මැතිනියගේ ඉල්ලීම පිළි අරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා පළාත් සභාවලට ආවේ මාත් අමරසිරි දොඩංගොඩ මහත්මයාත් විතරයි.
මේ මැතිවරණයේදී අපිට බස්නාහිර පළාත් සභාව ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සමඟ දකුණේදී හා වයඹ පළාතේදී එජාපය පරාජය කරන්න අපිට පුළුවන්කම ලැබුණා. එහිදී ඇති වූ එකඟතාවයට අනුව වයඹ මහ ඇමැතිවරයා ලෙස ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා පත්වුණා. දකුණට අමරසිරි දොඩම්ගොඩ මහතා පත්වුණා.
වයඹ පළාත් සභා ඇමැතිවරයෙක් ලෙස මටත් අවස්ථාවක් ලැබුණා. එජාපයේ 17 අවුරුද්දක ශාපය පරාජය කරලා අලුත් ජනතා යුගයක් බිහිකරන්න පුළුවන්කම ලැබුණේ මේ විදිහටයි.
1994 මහ මැතිවරණයේදී වාර්තාගත මනාපයක් ලබාගෙන යළිත් පාර්ලිමේන්තු යන්නත් නියෝජ්‍ය ඇමැතිධූර ලබා ගන්නත් මට පුළුවන් වුණා. 1999 දී වයඹ පළාත් සභාවට නැවත වතාවක් තරග කළා පාර්ලිමේන්තුªවෙන් ඉවත් වෙලා. ඒ අවස්ථාවේදී වයඹ මහ ඇමැති ධූරයට පත්වුණා.
2000 දී නැවතත් පාර්ලිමේන්තුවට ආවා. ග්‍රාමීය කර්මාන්ත ඇමැති ධූරයට පත්වුණේ 2004 අවුරුද්දේ ඉඳලා. මට අද විශාල සංතෝෂයක් තියෙනවා අපේ පක්ෂයේ නායකයා රට බේරා ගත්තා කියලා. ඒ ජයග්‍රහණයට දේශපාලන වශයෙන් අපිටත් දායක වෙන්න ලැබුණා.