ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඪාස කිහිපයකට ගංවතුර තර්ජන මතුව තිබේ.

පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් සරනි අනෝජා ගමගේ මහත්මිය පවසන්නේ ප්‍රදේශයේ නිවාස 300 ක් පමණ ජලයෙන් යටවී ඇති බවය.

පවතින තත්ත්වය හමුවේ කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ද විවෘත කොට ඇත.

ජල ගැලීම් හේතුවෙන් මාර්ග කිහිපයක් යටවී ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ඔරු සේවයක් ක්‍රියාත්මක කරන බව ද ඇය සඳහන් කළාය.