නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිමල් මැදිවක

පොලිස් නිල මාධ්‍ය ප්‍රකාශක ධූරය සඳහා ඊයේ (20) සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පත්කර ඇත.

බස්නාහිර පළාත (දිසාව 3) බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන මැදිවක මහතා පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් නිල ප්‍රකාශක ලෙස මෙසේ පත්කරනු ලැබීය.

මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා මේ මස 13 සිට විශ්‍රාම පූර්වක නිවාඩු ඉල්ලා ඇති බැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර මෙසේ මැදිවක මහතා වෙත බාරදී ඇත.

රංජිත් ගුණසේකර මහතා 2008 මැයි 21 දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වූ අතර ඔහු මේ නොවැම්බර් 13 දා පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිතය.