දුම්රිය හරස් මාර්ගයක නිදා සිටි අයෙකු මරුට

අගෝ: 11 - වනාතවිල්ලුව, මයිලන්කුලම දුම්රිය හරස් මාර්ගයේ නිදා සිටි බව කියන සේවකයෙකු හා ඔහුගේ හිතවතෙකු දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, දුම්රිය සේවකයාගේ හිතවතා බව කියන 17 හැවිරිදි තරුණයෙකු එහිදී මිය ගොස් ඇති බව ය.

ඊයේ රාත්‍රී 11.00ට පමණ පුත්තලමේ සිට එළුවන්කුලම බලා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ඔවුන් දෙදෙනා ගැටී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

අදාළ දුම්රිය සේවකයා බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.