එජාපය වැටී සිටියත් ජරාද වී නැහැ - කරූ

අගෝ: 11 - එක්සත් ජාතික පක්ෂය යම්කිසි ආකාරයකින් වැටී ඇති බවක් දක්නට ලැබුණ ද එය පරාජය වී නොමැති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරිය මහතා පවසයි.

ඔහු සිය පක්ෂ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් ඉවසා සිටින ලෙසය.

මැතිවරණ කොමිසම ස්ථාපනය නොකර පවත්වන මැතිවරණ නිදහස් හා සාධාරණ ඒවා ලෙස හැඳින්විය නොහැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරන එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරිය මහතා පවසන්නේ, 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වන ධනාත්මක බලපෑම රට වැසියන් තේරුම් ගෙන නොමැති බවය.

මේ අතර, පසුගිය දා පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කෙරෙහි තැබූ විශ්වාසය සහ සහයෝගයට නියෝජ්‍ය නායකයා සිය ස්තුතිය පළ කරයි.

එහිදී යහපත් ප්‍රතිඵලයක් පෙන්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ද කරූ ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වත්මන් පාලනය මගින් සිදු කරන වියදම් හා දූෂණ ජනතාවගේ අවධානයෙන් ගිලිහී ඇතැයි විශ්වාස නොකරන බව ද කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි.