"ශ්‍රී ලංකාව සතු ජාතික වනෝද්‍යාන අතරින් ඉතා ම වටිනා වනෝද්‍යානයක් ලෙසට යාල වනෝද්‍යානය නැත්නම් රුහුණු ජාතික වනෝද්‍යානය හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලේ මේ රටේ ක්‍රියාත්මක වුණු ක්‍රස්‌තවාදී ක්‍රියා නිසා මේ උද්‍යානයේ නිසි සංවර්ධනයක් වුණේ නෑ. ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල අරමුදලක් ලැබුණත් නිසි සංවර්ධනයත් කරන්න නො ලැබුණේ ඒ නිසයි. දැන් ඒ කරදර ඉවරයි. අපේ අරමුණ යාල අතුළු අනෙක් සියලූ ම වනෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයින් සඳහා සියලූ පහසුකම් සහිතව සංචාරක කටයුතුවලට ඉඩකඩ සැලැස්‌වීමයි." යනුවෙන් ජුලි 19 දින යාල ජාතික වනෝද්‍යානයේ පැවති මාධ්‍ය හමුවක දී පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසී ය.
මෙහි දී තවදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍ය රණවක මහතා, "ඊයේ අපි ලූණුගම්වෙහෙර නවීන පහසුකම් සහිත නව සංචාරක බංගලා දෙකක් විවෘත කළා. ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේත් උඩවලව ජාතික වනෝද්‍යානයේත් තිබෙන මෙම සංචාරක නිවාස පහසුකම් නිසා දෙස් විදෙස් සංචාරකයින්ට යාල වනෝද්‍යානය අපහසුවක් නැතිව නරඹන්න පුළුවන්.
අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ස්‌තුතිවන්ත වෙන්න ඕනේ පරිසර හානියක් නො කර පරිසරය සංවර්ධනයක් වන අයුරින් වෙහෙරගල ජලාශයත් ලූණුගම්වෙහෙර ජලාශයත් ඉදිකිරිම පිළිබඳව. මෙම ජලාශ දෙකෙන් ගලා යන අතිරික්‌ත ජලය ලූණුගම්වෙහෙර වනෝද්‍යානයත් යාල වනෝද්‍යානයත් පෝෂණය කරන නිසා. ඉදිරි කාලයේ දී වනසතුන්ට ජලය හිඟ වීමක් වෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ වනෝද්‍යානවලින් ගම් වැදී කලබල කරන අලි ඇතුන් අල්ලා ලූණුගම්වෙහෙර අලූතින් ඇති කළ අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයට ගෙනැවිත් උන්ට නිදහසේ ජීවත් වෙන්න කටයුතු සලස්‌වා තිබෙනවා. උඩවලව, යාල යන වනෝද්‍යාන දෙක ලූණුගම්වෙහෙර වනෝද්‍යානය මගින් යා වන නිසා ඉදිරි කාලයේ දී අලි ඇතුන් ඇතුළු අනෙක් සියලූ ම සතුන්ට ආහාර හා ජලය හිඟයකින් තොරව ලබාගන්න ඉඩකඩ ලැබෙනවා. යුද හමුදාව ආරක්‍ෂක තත්ත්වය තහවුරු කර තිබෙන නිසා හෙට සිට ම යාල වනෝද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹීම සිදු කෙරෙනවා ඇති." යනුවෙන් පැවසී ය.