අවසන් මොහොතේ මුහුදින් පැන යැමට සිටි ප්‍රභාකරන්ට ආරක්‍ෂාව සැලසීම සඳහා සූදානම් කර තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 ක් පමණ යොදා තැනූ මරාගෙන මැරෙන බෝට්‌ටු 06 ක් මහනුවර විශේෂ පොලිස් කණ්‌ඩායමක් විසින් වෙල්ලමුල්ලවයික්‌කාල් ප්‍රදේශයේදී පෙරේදා (9 දා) සොයාගෙන ඇත.
වෙල්ලමුල්ලවයික්‌කාල් සහ පුදුකුඩිඉරිප්පු අතර ප්‍රදේශයක වළ දමා සඟවා තිබූ මෙම යාත්‍රා පිළිබඳ මහනුවර ත්‍රස්‌ත විරෝධී විශේෂ විමර්ශන කාර්යාංශයට ලැබුණ තොරතුරු අනුව මේවා සොයාගෙන ඇත.
සී 04 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කි. ග්‍රෑම් 998 ක් යොදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා තනා තිබූ මෙම යාත්‍රාවල මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටල 06 ක්, ආර්. පී. ජී. උණ්‌ඩ 114 ක්, ටී. 56 පතරොම් 1000 ක්, ටී. 56 ගිනි අවියක් තිබී සොයාගෙන ඇත. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් අවසන් මොහොතේ මුහුදින් පැන යැමට තිබූ සැලසුමේදී නාවික හමුදා යාත්‍රා වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම යාත්‍රා සූදානම් කර තිබූ බව අනාවරණය වී ඇත. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මහනුවර ත්‍රස්‌ත විරෝධී විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ කරගෙන යයි.