නින්දෙන් ගොරවන එක මාරාන්තික විය හැකි ලු

නින්දෙන් ගෙරවීම ඇතැම් අවස්ථාවලදී මාරාන්තික රෝග ලක්ෂණයක් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පුද්ගලයෙකු නින්දේදී ගොරවන විට ඔහුගේ පෙනහලුවලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අවම වීම මීට හේතුව බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහි දැක්වෙන්නේ, මේ තත්ත්වය හේතුවෙන් සිරුරට අවශ්‍ය ඔක්සිජන් අඩුවීම නිසා මරණය පවා සිදු විය හැකි බවය.

මෙම රෝග තත්ත්වය ඔබ්ස්ටැක්ට්‍රිව් ස්ලීප් ඇප්නියා ලෙස වෛද්‍ය විද්‍යාවේදී හඳන්වනු ලබයි.

එහෙත් නින්දේදී ගොරවන සෑම පුද්ගලයකු ම මෙම රෝගයට ගොදුරු වූවෙකු නොවන බව වෛද්‍ය මතය වේ.

‌මෙම රෝගය සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා ජාතික රෝහලේ විශේෂ ඒකකයක් ස්ථාපනය කර ඇති බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.