අගෝ. 09 - ඌව පළාත් සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය .
ඒ, පළාතේ සියලු ඡන්ද කොට්ඨාසවල බලය තහවුරු කර ගනිමිනි.
ඌව පළාත් සභාවේ මන්ත්‍රී ආසන 25 ක් හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වුණා.
එම සන්ධානය ඌව පළාත් සභාවේ හිමිකර ගත් මුළු ඡන්ද සංඛ්‍යාව හාර ලක්ෂ දහ අට දහස් නවසිය හයකි.
එය 72.39% ක ඡන්ද ප්‍රතිශතයකි.
ඡන්ද එක් ලක්ෂ විසි නව දහස් එකසිය හතලිස් හතරක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 7 ක් හිමිකර ගත්තේය.
එය ප්‍රතිශතයක් ලෙස 22.32 කි.
ඡන්ද 14639 ක් හිමිකර ගත් ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් හිමිවිය.
අනෙක් මන්ත්‍රී ආසනය හිමිවුනේ කදුරට ජනතා පෙරමුණටය.
එම පක්‍ෂය හිමිකර ගත් මුළු ඡන්ද සංඛ්‍යාව නව දහස් දෙසිය විසි හතකි.
මොණරාගල දිස්ත්‍රික්කයට අයත් මොණරාගල, බිබිල, වැල්ලවාය යන ඡන්ද කොට්ඨාස තුනෙහිම ජය හිමිකර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 9 ක් හිමිකර ගත්තේය.
එම දිස්ත්‍රික්කය තුළ ලැබූ ඡන්ද ප්‍රතිශතය 81.32% කි.
එක්සත් ජාතික පක්ෂය, මොණරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 2 ක් හිමිකර ගත් අතර ප්‍රතිශතය 15.52 කි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 9 ම ජය තහවුරු කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 14 ක් හිමිකර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන ගණන 5 කි.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා කදුරට ජනතා පෙරමුණ එක් මන්ත්‍රී ආසනය බැගින් හිමිකර ගත්තේය.
බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේ, 67.79% ක ඡන්ද ප්‍රතිශතයකිනි.
එක්සත් ජාතික පක්ෂයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමිවූ ඡන්ද ප්‍රතිශතය 25%81 කි.