ජූලි 15 - ලංකාවේ විශාලතම ආර්ථික මධ්‍යස්ථානය ඕමන්තේ ප්‍රදේශයේ ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, උතුරේ හා දකුණේ කෘෂි නිෂ්පාදන හා භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන යන බවය.
අක්කර 20ක භුමි භාගයක ඉදි කෙරෙන මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය හරහා සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.