අන්තරේ දෙදෙනා ඇප මත මුදා හැරෙති

අගෝ: 12 - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනා අද ඇප මත මුදා හැරිණ.

ඒ, එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා සහ තවත් ක්‍රියාකාරිකයෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඔවුන් රුපියල් 1500ක මුදල් ඇප හා රුපියල් 25000ක පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය නියෝග කළාය.

ඔවුන් දෙදෙනා පසුගිය 6 වන දා රක්ෂිත බන්ධණාගාරගත කෙරුණේ, මහජන සාමය කඩ වන අයුරින් ප්‍රකෝපකාරි කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.