අන්තර්ජාතික ආයුර්වේද වෛද්‍ය සමුළුවක් කොළඹදී



ආයුර්වේද සහ වෛද්‍යකර්මයේ ඌනපූරක පද්ධති පිළිබඳ තෙවැනි අන්තර්ජාතික සමුළුව අගෝස්තු මස 17 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත ය.

හැත්තෑවකට ආසන්න ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වන මේ සමුළුව තථාගත් ආයුර්වේද පර්යේෂණ පදනම සහ සංචාරක අමාත්‍යාංශය සමග ඒකාබද්ධ ව සංවිධානය කෙරේ.

ශ‍්‍රී ලංකාවේ සිටින ආයුර්වේද වෛද්‍යවරුන්ට ජාත්‍යන්තර ආයුර්වේද කේෂ්ත‍්‍රය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට මේ සමුළුව අගනා අවස්ථාවක් ඇත.

ආයුර්වේද වෛද්‍ය සංචරණය සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීම මේ සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වමේ ප‍්‍රධාන අරමුණ බව සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ආයුර්වේද සහ වෛද්‍ය කර්මයේ ඌණපුරක පද්ධති පිළිබඳව ජාත්‍යන්තර සමුළුව මීට පෙර පවත්වා තිබෙන්නේ සිංගප්පූරුවේ දී සහ තායිලන්තයේ දී ය.

තථාගත් ආයුර්වේද පර්යේෂණ පදනම 2004 වසරේ දී පිහිටුවන ලද අතර මූලික ආයුර්වේද සංකල්ප සහ මූලධර්ම ඉන්දියාව ඇතුළු ලොව අනෙකුත් රටවල් තුළ ප‍්‍රවර්ධනය කිරීම මේ පදනම පිහිටුවීමේ ප‍්‍රධාන අරමුණ වේ.