උතුරු වසන්තයට කජු අක්කර 20,000ක්


උතුරු වසන්තය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ අක්කර 20,000 ක කජු වගාව නැවත ව්‍යාප්ත කිරිමට ශ්‍රි ලංකා කජු සංස්ථාව පියවර ගෙන ඇතැයි එහි නියෝජ්‍ය සභාපති ප්‍රියනාත් පියදාස මහතා පවසයි.
යුද්ධය පැවැති කාලය දී එල්,ටී.ටී.ඊ..ත්‍රස්තාවාදීන් විසින් මන්නාරම ප්‍රදේශයේ කජු වගා බිම් අක්කර 6000 පමණ විනාශ කර ඇති බවත් ඉන් පසු එම ප්‍රදේශ වල කිසිදු කජු වගාවක් සිදු නොකළ බවත් නියෝජ්‍ය සභාපතිවරයාwww.news.lk වෙත ප්‍රකාශ කළේ ය.

දැනට වසරකට රට තුල නිෂ්පාදනය කරන කජු මෙට්‍රික් ටොන් 11,000 ක් වසර 5ක් තුල මෙ.ටොන් 50,000 දක්වා වැඩි කරගැනීමට බලාපොරොත්තුවන අතර, ලෝකයේ කජු නිස්පාදනය කරන ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රි ලංකාව රැගෙන ඒමට බලාපොරොත්තුවන බව අතිරේක වැවිළි බෝග අමාත්‍යංශය ප්‍රකාශ කරයි