පාලිත කොහොනට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරයක්
එක්සත් ජාතීන්ගේ නව්යොර්ක්හි ශී‍්‍ර ලංකා නේවාසික නිත්‍ය නියෝජිතයා ලෙස විදේශ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පාලිත කොහොන මහතා වැඩ භාරගැනීමට නියමිතය.
දැනට එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තනතුර දරන හිටපු විදේශ ලේකම් ඩබ්.ජී.එස්. පලිහක්කාර මහතා ඉදිරි මාසයේදී ඉන් සමුගැනීමට නියමිත අතර එම ධුරය ස`දහා කොහොන මහතා පත්කෙරේ.
මීට පෙර කොහොන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උසස් තනතුරු කිහිපයක් හෙබවූ අතර 2006 වසරේ එල්ටීටීඊය සම`ග පැවති සාම සාකච්ඡුා ස`දහා ද සහභාගි විය.
විදේශ ලේකම් ධුරයට පෙර ඒ මහතා සාම මහලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කළේය.