
නම් නවයකින් පෙනී සිටිමින් ත්‍රස්තවාදය පතුරවලා
ජාත්‍යන්තර සහායෙන් අපි කේ. පී. ඇල්ලුවා
ආරක්‍ෂක මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
මහින්ද කුලතුංග
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මගින් ආසියානු රටකදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ වත්මන් නායකයා යැයි කියාගත් කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ.
ඔහුගෙන් මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මගින් ප්‍රශ්න කෙරෙමින් පවතින අතර ඔහුට විරුද්ධව ශී‍්‍ර ලංකාවේ පවතින නීතිය යටතේ ක්‍රියා කරන බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල බුද්ධි අංශ විසින් කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් ඇමැතිවරයා එහිදී පැවැසීය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මිත්‍රයන්ගේ දැඩි උදවුවෙන් කේ. පී. අත්අඩංගුවට ගැනීමට හැකි වාතාවරණය සකස් වූ බවත් සමස්තයක් වශයෙන් සියලුම ත්‍රස්තවාදී කටයුතු සහ ත්‍රස්තවාදීන් අවසන් කිරීමට ශී‍්‍ර ලංකා රජයට ශක්තිය තිබෙන බවත් ඇමැතිවරයා කීය.
ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ සංවිධානය අවසන් කර රටේ ජනතාව සතුටින් සිටින අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානයේ වත්මන් නායකයා තමන් යැයි කියා ගනිමින් කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් ලෝකය හමුවේ පෙනී සිටි බවද ඇමැතිවරයා කීය.
මෙය රටේත් ජාත්‍යන්තරයේත් යම් සැක සංඛාවකට තුඩුදුන් අතර මේ වන විට ඔහු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් එම සැකසංකාවද රටේ ජනතාවට නැතිවූ බවත් ඇමැතිවරයා කීය.
කුමාරන් පත්මනාදන්, පත්මනාදන් කුමාරන්, කේ. පී. කුමාරන්, කේ. පී. පත්මනාදන් ආදී නම් නවයකින් පමණ පෙනී සිටිමින් මොහු ලොව වටා ගමන් කරමින් එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර අවි ජාවාරම සහ මුල්‍ය අංශය බාරව ක්‍රියාකර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ආරක්ෂක අංශ මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවත් ඒ මහතා කීය.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කේ. පී. ඉන්දියාවට ද අවශ්‍ය පුද්ගලයකු වන අතර රජීව් ගාන්ධි අගමැතිවරයා ඝාතනය කළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවත් නායකයකු සිටින බවට ලොවට ගෙනදුන් පණිවිඩයෙන් කේ. පී. අත්අඩංගුවට ගැනීමට ලොව රටවල් සහාය ලබාදී ඇති බවත් ඇමැතිවරයා කීය.
ලෝකයේ තිබෙන සම්මුති සහ එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාව කටයුතු කරන නිසා ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සංවිධාන මර්දනය කිරීමට රටවල් සහාය දෙන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේ ය.
කවුරුන් හෝ ශ්‍රී ලංකා රජයට විරුද්ධව ක්‍රියා කරන්නේ නම් ඒ වෙනුවෙන් එයට විරුද්ධව කටයුතු කිරීමටත් ජාත්‍යන්තර සහයෝගය ශී‍්‍ර ලංකා රජයට තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.