දේශගුණික හා කාලගුණික වෙනස්කම් හේතුවෙන් වගා හානි වීම, වගා කටයුතු සඳහා යොදා ගත හැකි භූමිය සීමාකාරී වීම, නිෂ
්පාදනය අඩු වීම වැනි සාධක ද මිනිසාගේ පරිභෝජන රටාව ද ඊට හේතු වූ බව පෙනිණ.
ආහාර හිඟවීම හේතුවෙන් ඒවායේ මිල ගණන් ද ශීඝ්‍ර ලෙස ඉහළ යාම සිදු විය. ආර්ථික අර්බුදය නිසා ලක්ෂ ගණනින් රැකියා අහිමි වූ බලවත් රටවල උදවියට ද එහි දුෂ්කර බලපෑම විඳ ගැනීමට සිදු වූ අතර දියුණු වෙමින් පවත්නා රටවලට එමගින් ඇතිවූ බලපෑම විශාල වේ. ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත් විය.
පිළියම්
මේ රටවල ආහාර නිෂ්පාදනය සීමා වීම හේතුවෙන් බොහෝ රටවල අපනයන සීමා කිරීමට ද පියවර ගත්තේ ය. නිදසුනක් ලෙස සහල් අපනයනය කළ රටවල් ඉන් වැළැකිණ.
එය සහල් ආනයනය කළ රටවල සහල් හිඟයක් ඇති කිරීමට මෙන්ම සහල් මිල ඉහළ දැමීමට ද හේතුවක් විය. යම් ප්‍රමාණයකට එය අපට ද බලපෑවේ ය.
එහෙත් එය අර්බුදයක් දක්වා ගමන් නොකරන පරිදි කළමනාකරණය කර ගැනීමට රජයට හැකි විනි.
නමුත් ලෝක සහල් පර්යේෂණ මධ්‍යස්ථානය පවා පිහිටා ඇති පිලිපීනය ට පවා ආහාර අර්බුදයේ බලපෑම අතිශය පීඩාකාරී එකක් විය.
රජයේ සීමිත සහල් සහනාධාරය ලබා ගැනීම සඳහා දිගු පෝළිම් වල රැඳී සිටි කුඩා දරුවන්ගේ දර්ශනය අනුවේදනීය අත්දැකීමකි.
සහල් ගබඩාවලට ආරක්ෂාව යෙදීමට ද සහල් ප්‍රවාහනය හමුදා රැකවරණ මධ්‍යයේ සිදු කිරීමටද පිලිපීන රජයට සිදු විය.
ලෝක ආහාර අර්බුදය ලොව බොහෝ රටවල අසහනකාරී ගැටලුවක් වූ නමුදු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය එපරිදි වූයේ නැත. එය හුදෙක් වාසනාව නිසා සිදු වූ දෙයක් නොවේ. ලෝක ආහාර අර්බුදයක් පිළිබඳ ලකුණු පහළ වීමටත් පෙරදීම මෙරට තුළ වගා සංග්‍රාමයක් දියත්ව තිබීම එසේ වීමට බලපෑ ප්‍රධාන සාධකයකි.
“අපි වවමු - රට නඟමු” වැඩපිළිවෙළ යටතේ් මහා පරිමාණ කෘෂි වගාවන්ට අමතරව ගෙවතු වගාව කෙරෙහි පවා ජනතාව තුළ විශාල උනන්දුවක් හා මෙහෙයවීමක් ඇති කර තිබිණි. ඉඩ කඩ ඇති පරිදි නිවෙස් වල ගෙවතු වල මිරිස් පැළයක් වත් සිටුවීමට බොහෝ දෙනා යොමු විය. තට්ටු නිවාස වල පවා සීමිත ඉඩ පහසුකම් කළමනාකරණය කර ගනිමින් ආහාර භෝග වගා කෙරිණි.
රටේ පළමුු පුරවැසියා ලෙස ජනාධිපතිතුමාගේ ගෙවත්තේ ද කෘෂිකර්ම ඇමැතිවරයාගේ ගෙවත්තේ ද සරුසාර ලෙස වැඩී තිබූ එළවළු වගාවන් මගින් ලබා දුන් පණිවුඩය රාජ්‍ය තන්ත්‍රය ආදර්ශයෙන්ම මෙකී වැඩ පිළිවෙළට යොමුව ඇති බවයි.
එකී නැඹුරුව ඔස්සේ පාසල්, රෝහල්, කම්හල්, කාර්යාල සංකීර්ණ මාධ්‍ය ආයතන ආදි සෑම තැනක ම හැකි අයුරින් ආහාර බෝග වගා කිරීමේ වැඩපිළිවෙළ දියත්ව ඇති අයුරු දක්නට තිබේ.
සිරකරුවන් පවා තමන්ගේ ආහාරය තම ශ්‍රමයෙන් ලබා ගැනීමේ ව්‍යාපෘතියකට යොමු වෙමින් බන්ධනාගාරයට අයත් ඉඩම් වල වී සහ වෙනත් වගාවන් සඳහා යොමු විය. රටේ සෑම සමාජ තලයක ම පාහේ නොයෙක් මට්ටමින් කෘෂිකර්මය සඳහා ඇතිවූ උනන්දුව ලෝක ආහාර අර්බුදය හමුවේ වුව දෙපයින් සිටින්නට රටට විශාල ශක්තියක් වූයේ එපරිද්දෙනි.
සහනාධාර
මෙහිදී බැහැර කළ නොහැකි තවත් ප්‍රබල සාධකයක් තිබේ. ඒ ලෝක වෙළෙඳ පොලේ පොහොර මිල ගණන් කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබියදී පවා සන්ධාන රජය ගොවි ජනතාවට දිගින් දිගටම පොහොර සහනාධාරය ලබා දෙමින් තිබීමයි.
පොහොර මිටියක් රුපියල් 350 /- බැගින් වී ගොවියාට ලබාදීම වෙනුවෙන් රජය රුපියල් බිලියන ගණනක වැය බරක් දරාගන්නේ එය වියදමක් ලෙස නොව ආයෝජනයක් ලෙස සලකමිනි.
රජය ගොවියාට පොහොර සහනාධාරයක් ලබා දීමට තීරණය කළේ ලෝක ආහාර අර්බුදයක් ඇතිවීමට දෙක තුනකට කලිනි. ගොවියාට එවැනි සහනයක් ලැබීම හේතුවෙන් වී නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බව නොරහසකි.
වී සඳහා හොඳ සහතික මිලක් ද ලැබීමත් පොහොර සහනාධාරයන් හේතුවෙන් පුරන් කුඹුරු යළි අස්වැද්දීම සඳහා ගොවි ජනතාව තුළ ම උනන්දුවක් ඇති විණි. එහි ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබීමට තරම් තත්ත්වය සතුටුදායක වීමයි.
ප්‍රතිඵල
පිලිපීනය ඉන්දුනීසියාව ආදි රටවල ගොවි ජනතාවට සහන ලබාදීම සඳහා පියවර ගත්තේ ආහාර අර්බුදයේ බලපෑම් උත්සන්න වීමත් සමගයි. එහෙත් ශ්‍රී ලංකාව දූරදර්ශී ලෙස මෙහි දී ක්‍රියා කර ඇත.
නැෙඟනහිර සාමකාමී වාතාවරණයක් ඇතිවීමත් සමඟ නැෙඟනහිර පළාතේ වී අස්වැන්න විශාල ලෙස ඉහළ යාම ද සිදු විය. ත්‍රස්තවාදී තර්ජන නිසා පුරන් ව ගිය කුඹුරු අක්කර දහස් ගණනින් යළි අස්වැද්දීමට ගොවීහු පියවර ගත්හ.
දැන් මව්බිම ත්‍රස්තවාදයෙන් මුළුමනින් නිදහස් වී ඇති පසුබිමක උතුරේ සරුසාර පොළව ද රටේ ධාන්‍යාගාරය පොහොසත් කිරීමට සූදානම් ය. අපේ ආහාර භෝග අපි ම සාදා ගන්නා වැඩපිළිවෙළට එය විශාල රුකුලක් වන අතර ආහාර වර්ග සඳහා පිටරටට ඇදෙන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ද ඉන් හැකි වෙයි. එසේම වගාව සඳහා යොමු වීමෙන් මේ පළාත් වල ජනතාවගේ ජීවන මට්ටම ද සතුටුදායක ලෙස වර්ධනය වනු ඇත.
උතුරේ සහන ගම්මානයක ජීවත්වන ගොවි මහතෙකු තම අවට බිම් කඩ වගා කිරීමට යොමු වී සැලකිය යුතු මාසික ආදායමක් ද උපයා ගන්නා බව මාධ්‍යයට පවසා තිබුණේ සතුටිනි. එය ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමට මෙන්ම යුද්ධයේ බිඳ වැටුණු මානසිකත්වය යළි ගොඩනඟා ගැනීමට ද හේතුවෙයි.
කෘෂිකර්මය දිරි ගැන්වීම සඳහා ලබා දෙන නොයෙක් සහන හැරුණු විට ගොවි ජනතාවට විශාල ගැටලුවක් වන ජල පහසුකම් ලබාදීම කෙරෙහි ද රජය යොමුවී සිටීම වැදගත්ය.
මොරගහකන්ද වැනි ව්‍යාපෘති උතුර සශ්‍රික කිරීම සඳහා අනාගතයේ දී විශාල ලෙස දායක වනු ඇත. කාලාන්තරයක් මුළුල්ලේ දකුණේ ගොවීනට තිබූ ගැටලුවක් නිරාකරණය කරමින් වෙහෙරගල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරුණේ නොබෝදා ය.
මහා පරිමාණ කෘෂිකර්මය දිරිගැන්වීම වෙනුවෙන් ද ප්‍රායෝගික වැඩ පිළිවෙළ දියත්ව ඇත. කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් දියත්වන වැඩ පිළිවෙළට අමතරව ‘ජාතික සවිය’ වැනි වැඩ පිළිවෙළ ඔස්සේ ද මහා පරිමාණ බඩ ඉරිඟු වගා ව්‍යාපෘතීන් ඇති කර ඇත. එවැනි පියවර තුළින් බඩ ඉරිඟු ආනයනය මුළුමනින් වළකාගැනීමට තරම් හැකියාව පවතී.
කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ඒ ඒ ප්‍රදේශ වලට ගැළපෙන වගාවන් දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් ද සාර්ථකව ක්‍රියාත්මක ය. ඒ යටතේ ආහාර භෝග පමණක් නොව වැවිලි ක්‍ෂේත්‍රයේ ද උන්නතියක් අපේක්ෂා කෙරේ.
රජයේ වගා සංග්‍රාමය ඔස්සේ ගොවි ජනතාව හැකිතාක් කාබනික ගොවිතැනට නැඹුරු කිරීමටද පියවර ගනිමින් තිබීම සතුටුදායක ප්‍රවණතාවකි. පෞද්ගලික අංශය ද කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය කෙරෙහි නැඹුරු වී සිටීම ජාතික ආර්ථිකයක් ගොඩනඟා ගැනීම පිළිබඳ කාරණයේ දී ඉවහල් වන සාධකයකි.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු නිර්මාණය වී ඇති නව තත්ත්වය තුළ සංචාරක කර්මාන්තය සමග ද එක්ව ගමන් කිරීමට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට හැකිය. එය දෙඅංශයට ම ඵලදායක පියවරක් වන අතර රටේ ආර්ථිකය නැංවීම කෙරෙහි බලපාන කාරණයක් ද වේ.
ආහාර භෝග වගාවට සීමා නොවෙමින් අපගේ පරිභෝජන සංස්කෘතියට අදාළව ආකල්පම ය වෙනස්කම් ඇතිකර ගැනීම ද අවශ්‍ය ය. ආහාර අර්බුදය උත්සන්න වූ පසුගිය වකවානුවේ කිරි පිටි මිල ශීඝ්‍රයෙන් ඉහළ නැගීමත් සමග පිටිකිරි සඳහා ඇති ඉල්ලුම පහත ගියේය.
පසුව පිටි කිරි මිල පහත බැසීමට තරම් එය හේතු විය. දියර කිරි පරිභෝජනය සඳහා රට තුළ වැඩියෙන් යොමුවීමට හැකි නම් පිටි කිරි සඳහා රටින් පිටට ඇදෙන විශාල මුදලක් රට තුළ රඳවා ගැනීමට හැකි වනු ඇත.
එමෙන්ම දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට ද ඉන් හැකි වෙයි. ජාතික ආර්ථිකය නැංවීමෙහි ද එය ප්‍රබල පිටුබලයක් වනු ඇත. අපේ ආහාර බෝග අපට වවා හදා ගැනීම මෙන්ම අපේ දේවල් මිලට ගැනීමට ද පාරිභෝගිකයන් ලෙස අපි යොමු විය යුතු වෙමු.
දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ තුළ යම් යම් ගැටලු තැන් තිබේ නම් ඒවා ද හඳුනා ගනිමින් දේශීය ආහාර සහ වගා සංග්‍රාමය වඩාත් ශක්තිමත් කළ යුතුය.
අතීතයේ දී පෙරදිග ධාන්‍යාගාරය ලෙස ප්‍රකට වූ අපේ රට තුළ යළි ස්වයංපෝෂි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා දරන ප්‍රයත්නය අලුත් රටක් ගොඩනැඟීම පිළිබඳ කාරණයේදී මහඟු පිටුබලයක් වනවා ඇත.
සරල ජීවිතයකට හුරු වෙමු
ඕමල්පේ සෝභිත හිමි - ජාතික හෙළ උරුමය
වර්තමාන පාරිභෝගික රටාව දෙස බලන විට අපට පෙනෙන භයානක ම කරුණ වන්නේ ඉතා ඉක්මනින් ආහාර අර්බුදයකට මුහුණ දෙනවා යන්නයි.
මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ ආහාර බෙදී යාමේ අසමතුලිතතාවයයි. ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් 50%ක් ම පරිභෝජනය කරන්නේ සංවර්ධිත යැයි සම්මත රටවල 10% කටත් අඩු ජන කොටසක්. ඉතිරි 50% පරිභෝජනය කරන්නේ 90% ක ඉතිරි ජන කොටස එයිනුත් දේශපාලන බලය ජන බලය යොදා ගෙන මේ ආහාර සූරාකෑමකට ලක් වෙනවා.
සංවර්ධිත යැයි රටවල වෙසෙන ජන කොටස නිසා අද විශාල පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වෙලා. සංවර්ධිත යැයි සම්මත රටවල පවතින්නේ අධි පෝෂණයක්. අනෙක ආහාර අපතේ යාම විශාල ලෙස සිදුවෙනවා. සිංගප්පූරුව, අමෙරිකාව, වගේ රටවල ප්‍රමාණයට වඩා ආහාර ගෙන අපතේ යවනවා.
තව ද ඛනිජතෙල් වැඩි කලක් නොපවතින බව සොයා ගෙන හමාරයි. එනිසා බලශක්තිය නිපදවීමට උක්, ධාන්‍ය වර්ග යොදාගෙන තිබෙනවා. එතුළින් ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වෙනවා.
එමෙන්ම මස් මාළු පාරිභෝජනයට වැඩි නැඹුරුතාවයක් දැක්වීම තවත් හේතුවක්. මස් කිලෝ එකක් නිපදවීමට ධාන්‍ය කිලෝ සියයක් වැය වන බව සොයා ගෙන තිබෙනවා.
රස තෘෂ්ණාව නිසා කරන විපතක් ඒ.එනිසා මෙම ගැටලුවෙන් ගොඩ ඒමට මම මගේ පැත්තෙන් කළ යුතු දේ සිදු කළ යුතුයි. එහිදී හැකිතාක් දුරට කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය අඩු කළ යුතුයි.
තව ද රස තෘෂ්ණාව පිනවීමට නොයා ලද දෙයින් සතුටු විය යුතුයි. පහසුවෙන් පෝෂණය කළ හැකි සරල ජීවිතයකට හුරු විය යුතුයි. ඇත්ත වශයෙන් ම මෙයයි ලෝකයට දායාද කළ යුත්තේ.
නව කෘෂිකාර්මික විප්ලවයයි මේ සිදු වෙන්නේ
හේමකුමාර නානායක්කාර - කෘෂිකර්ම ඇමැති
ලෝකයේ ආහාර අර්බූදයක් ඇතිවන බව අපට මුලින්ම දැනුම් දුන්නේ 2007 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. නමුත් ඒ ප්‍රකාශය කරන තෙක් කිසිදු සංවිධානයක් මේ ගැන දැනුම් දී තිබුනේ නෑ.
ඊට පසුව අපේ ප්‍රධාන ඇමැති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් සිරිපාල ගම්ලත් මැතිතුමාටත්, මටත් ජනධිපතිතුමා උපදෙස් දුන්නා “අපි වවමු - රට නගමු” වැඩසටහන ආරම්භ කරන ලෙසට, ඒ අනුව අපි මේ වැඩසටහන ආරම්භ කර මුඩු බිම් ලෙස පවතින වගා කළ හැකි භූ®මි සියල්ලම නැවත වතාවක් වගා කිරීම ආරම්භ කළා. මේ වන විට මෙහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර පළාතේ අක්කර එක්ලක්ෂ හැටදාහක් වගා කර තිබෙනවා.
ඊට අමතරව ගෙවතු වගා අංශයද දියුණු කර ඇති අතර ගුණාත්වයෙන් යුතු බීජ ප්‍රමාණත්මක ලෙස ගොවීන්ට ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.
මේ රටේ නව කෘෂි කාර්මික විප්ලවයයි මේ සිදු වෙන්නේ. රට ආහාර වලින් ස්වයංපෝෂිත වී අතිරික්තය අපනයනය කිරීමට ද පියවර ගනිමින් සිටිනවා. ඒවගේම මෙතෙක් කල් වටිනාකමක් නොතිබුණු කොස් දෙල් වගේ බෝගවලට ද නිසි වටිනාකමක් ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.
මේ වන විට පාන් පිටි පරිභෝජනය 50% කින් අඩුවී ඇති අතර ඒක පුද්ගල සහල් පරිභෝජනය 90% - 130% දක්වා වැඩිවීමක් ද සිදුවෙලා. මෙය සුබවාදී ලක්ෂණයක්. තවද කාබනික පොහොර හඳුන්වා දෙමින් ආහාර සුරක්ෂිතතාවයට ගත යුතු සියලු පියවර ගනිමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරනවා.
කෘෂි කර්මාන්තයේ නව පිබිදීමක්
ආචාර්ය රංජිත් බණ්ඩාර - ශ්‍රේෂ්ඨ ආර්ථික උපදේශක
උපාය මාර්ග ව්‍යවසාය කළමණාකරන ආයතනය
ශ්‍රී ලංකාව ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව නිදහස ලැබීමට පෙර සිට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් ගොවි ජනපද ඇතිකර, මහවැලි ව්‍යාපාර තහවුරු කර මේ කටයුත්ත සඳහා අත ගැසුවා. එතුළින් ආහාරවලින් ස්වයංපෝෂිත ඉලක්කයට ළඟාවීමට නොහැකි වුවත් ඊට මෙහා ඉලක්කයකට එනම් අප මත අපට රැඳෙන්න හැකි මට්ටමකට ළඟා වී තිබෙනවා.
එනිසා අපිට ලෝක ආර්ථික අර්බුදය තදින් දැනෙයි කියා හිතන්න අමාරුයි. ඒ සඳහා හේතු කිහිපයක් බලපානවා. ඉන් පළමුවැන්න දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබීම. දෙවැන්න දේශීය කෘෂිකාර්මික අංශයේ නව පිබිදීමක් ඇති වී තිබීම.
එබැවින් ආහාර සුරක්‍ෂිතතාවයෙන් එහාට ගිය ස්වයංපෝෂිතතාවයට යාමට අතිරේක තොග රැස් කර ගැනීම පිළිබඳ ගැටලුව අප ඉදිරියේ තිබෙනවා.
මේ ගැටලුව විසඳා ගැනීමට අවකාශය ලැබුණොත් ආහාර සුරක්‍ෂිතතාවයට යාමට අපහසුවක් නැහැ. එනිසා මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
දිළිඳු බව හා සාගින්නෙන් මිදීමට පිළියමක්
සරත් ප්‍රනාන්දු - මෙහෙයුම්කරු ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
කුඩා පරිමාණ පාරිසරික කෘෂිකර්මය මගින් ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ ප්‍රශ්න ඉතා අඩු වියදමින් පහසුවෙන් හා ඉක්මනින් විසඳිය හැකි බව ශ්‍රී ලංකාවේ අත්දැකීම් රාශියකින් ඔප්පු වී තිබෙනවා.
මෙහිදී අහිතකර විෂ සහිත රසායනික පොහොර, කෘමි නාශක, වල් නාශක භාවිතය ඉවත් කිරීමත් ඛනිජ ඉන්ධන භාවිතය අව ම කිරීමත් කළ හැකියි. කුඩා බිම් කැබලි වගා කරන ගොවීන් රාශීයක් ගම්බ ද ව ජීවත්වන ලංකාවේ මේ ජනතාවගේ ක්‍රියාකරීත්වය ඔස්සේ මෙය කළ හැකි වන අතර එය රටේ ආහාර සුලභතාවය , ආහාර මිල අඩු කිරීම පහසුවෙන් කළ හැකිය.
එබඳු කෘෂිකර්මයක දි රට පුරා තිබෙන භූ®මියෙහි ස්වාභාවික ඵලදායිතාවය ජෛව විවිධත්වය, හා සොබා දහමේ ප්‍රතිඋත්පාදන ශක්තිය යළි ගොඩනැඟිය හැකිය.
මනා හිරු එළිය, වැසි ජලය හා ගහකොළ සුලභතාවය අධික ශ්‍රී ලංකාවේ මෙබඳු සංවර්ධන මාවතක් අනුගමනය කිරිම රටේ සෑම පාරිසරික කෘෂි කර්ම කලාපයක ම කළ හැකි වන අතර එය ඉතා අඩු ප්‍රාග්ධන අවශ්‍යතාවයකින් යුක්තයි.
දැනට ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මගින් කුරුණෑගල, හම්බන්තොට, බදුල්ල හා මොනරාගල ඇතුළු දිස්ත්‍රික්ක 15 ක පමණ ගම් 200 කට අධික සංඛ්‍යාවක මෙය සාර්ථකව ක්‍රියාත්මක වන අතර රටේ සංවිධාන 500 කට අධික සංඛ්‍යාවක් එම කෘෂිකර්මය ව්‍යාප්ත කිරීමෙහි නිරත ව සිටින බව අපගේ සමීක්ෂණ මගින් හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන රජය අපි වවමු රට නඟමු, ගම නැඟුම, ගැමි දිරිය ආදී වැඩසටහන් රාශියකදී මෙම කෘෂි කර්මය කරා යම් නැඹුරුතාවයක් දක්වා තිබෙනවා.
මෙම වැඩසටහන් වඩා සම්පූර්ණ කිරීමත්, නිවැරැදි කිරීමත් ඊට ගැලපෙන රාජ්‍ය ප්‍රතිපත්ති හැඩ ගස්වා ගැනීම සඳහා ඉහත කී ජනතා අත්දැකීම්, නිපුණතා උපයෝගී කර ගැනීම කළ හැකිය. වර්තමාන ලෝක ආර්ථික ගැටලු පාරිසරික ගැටලු, දිළිඳුභාවය හා සාගින්න දුරු කිරිම පිළිබඳ ආදර්ශ විසඳුමක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැඟිය හැකිය.
මේ අත්දැකීම් හා ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , ජාත්‍යන්තර මූල්‍ය හා කෘෂිකර්ම ආයතන සමඟ ගැඹුරු සංවාදයක් හා අධ්‍යයනයක් ගොඩනඟා ගැනීම , විද්‍යාඥයින්, හා විද්‍යා ආයතන වල අවධානය ලබා ගැනීමත් , ඒ පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් ගොඩනඟා ගැනීමත් ආහාර අර්බුදයට විසඳුම් සඳහා වන ප්‍රයත්නයෙහි අරමුණයි.
මේ පිළිබඳව FAO, IFAD වැනි එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම සංවිධාන සමඟ සාකච්ඡා කොට තිබෙනවා.
ආණ්ඩුවේ පෙර සූදානම නිසා අපි ජය ගත්තා
මහින්ද අබේසුන්දර දිනමිණ ප්‍රධාන කර්තෘ
ලෝක ආහාර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අභීත ව නැඟී සිටින්නේ ආණ්ඩුව පෙර සූදානමක සිටින බැවිනි.
‘අපි වවමු - රට නගමු’ තේමාව යටතේ දේශනාවට පමණක් නොව ක්‍රියාවට ද වෙන්කෙරුන වැඩ සටහනක් අරලියගහ මන්දිරයේ සිට ඈත එපිට ගම්මානයේ ගැමි ගෙවත්ත දක්වා වර්ධනය වීමෙන් ආහාර අර්බුදයට මුහුණ දීමට අපට හැකි විය.
ඉදිරි කාලයේදී එය තව තවත් වර්ධනය වූ විට ශ්‍රී ලංකාවට තවත් වාසිදායක වනු ඇත.