වනවාසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අගෝ: 10 - වනවාසල, තෙලඟපාත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

පෑලියගොඩ පොලිසීය පැවසුවේ, අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව තෙලඟපාත ප්‍රදේශයේ බෝක්කුවක් අසල තිබී එම මළ සිරුර සොයා ගත් බවය.

මෙම ඝාතනය කිසියම් ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදු කරනු ලැබුවා ද යන්න පිළිබඳව සැක මතු වී ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයාගේ මුදල් පසුම්බිය තුළ තිබූ හැඳුනුම් පතකින් හෙළි වී ඇත්තේ, ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.