h1n1 ආසාදිත තවත් තිදෙනෙකු හඳුනා ගැනේ

අගෝ: 10 - h1n1 වෛරසය අසාදනය වූ තවත් පුද්ගලයින් තුන් දෙනෙකු හඳුනාගෙන ඇතැයි අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය අධිකාරී අනුර සේනානායක මහතා පවසයි.

ඔවුන්ගෙන් දෙදෙනෙකු මැද පෙරදිග සිට හා තවත් අයෙකු එංගලන්තයේ සිට පැමිණි අය බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ දක්වා එම වෛරසය අසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 68 දෙනෙකි.

වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ, මේ වන විට වෛරසය අසාදිත 5 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවය.