දකුණු ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනේ

අගෝ: 10 - දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලය සඳහන් කළේ, මේ මස 17 වන දා දක්වා අයදුම්පත් භාරදිය හැකි බවය.

දකුණු පළාතේ රාජ්‍ය සේවකයින්ට මාතර, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත තම ආයතනවල ප්‍රධානීන් හරහා එම අයදුම්පත් භාර දිය හැකි බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය.