ඩෙංගු මර්දනයට ජෛව පාලන ක්‍රමයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා දිවයිනට පැමිණි කියුබානු විශේෂඥයෝ සිය පරීක්‍ෂණ අවසන් කළහ.
ඒ අනුව බී.ටී.අයි බැක්ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිතය පිළිබඳ සිය නිර්දේශ කියුබානු විශේෂඥයින් විසින් අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙනු ලැබේ.
ඊට අනුව බීටීඅයි භාවිතය පිළිබඳ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ නිගමනයකට පැමිණෙන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරල් වෛද්‍ය පාලික මහීපාල මහතා පවසයි.
කියුබානු විශේෂඥයෝ හම්බන්තොට, මහනුවර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිය පරීක්‍ෂණ ක්‍රියාත්මක කළහ.