පොලිස් නිලධාරීන් රිමාන්ඩ්

අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු ඊයේ සවස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ අනුව ලබන 26 වෙනිදා තෙක් රක්‍ෂිත බන්ධානාගාරයෙහි රඳවා තැබෙනු ඇත.

ඊයේ උදෑසන ලුනාව සහ රත්මලාන ප්‍රදේශවලින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමෙන් පසු ප්‍රදේශයේ හටගත් නොසන්සුන් තත්ත්වය මත කෙරුණු පරීක්‍ෂණවලට අදාළව එම පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනිණ.

තරුණයින් දෙදෙනාගේ ඝාතන පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.