අගුලාන රත්වෙයි : පොලිස් මුරපලට ත් අලාභ

අඟුලාන ප්‍රදේශයේ හටගත් උණුසුම් තත්ත්වයෙන් පසු එහි පොලිස් මුරපලේ නිලධාරීන් වෙනත් ස්ථානවලට මාරු කර යැවූ බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා ඊතලයට පැවසීය. සිද්ධිය පිළිබඳ පරික්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ. සාක්‍ෂ ඇත්නම් අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට‌ හමුවට පමුණුවන ලෙස ප්‍රදේශය භාර නි.පොලිස්පතිවරයාට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය. පොලිසිය භාරයට ගත්තේ යැයි කියන තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමග ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගැනිණ.