අමාත්‍යාංශ ගණන ඉදිරියේදී අඩු වේවි - ජනපති ලේකම්

ඉදිරි ආණ්ඩුවකදී අමාත්‍යාංශ සංඛ්‍යාව අඩු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යාංශ විශාල සංඛ්‍යාවක් තිබීම ප්‍රයෝජනයක් නොවන බවට ජනාධිපතිවරයා ද අදහස් කරන බව ය.

එහෙත් දේශපාලන හේතු මත එවැනි අමාත්‍යාංශ සංඛ්‍යාවක් ඇති කිරිමට සිදුවූ බවත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ලලිත් වීරතුංග මහතා කියා සිටී.

කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කුරුණෑගල දිසා ලේකම් කාර්යාලයේදී පෙරේදා (11) පැවැතිරැස්වීමක් අමතමින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය.