ජනපති අපේක්ෂකත්වය පෙන්වා එස්.බී. නිහඬ කිරීමේ කොන්ත්‍රාත්තුවක්
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක එස්.බී. දිසානායක මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන බවට ප්‍රචාරය කොට ඔහු නිහඬ කිරීමේ කොන්ත්‍රාත්තුවක් එජාප නායකයාගෙන් රාළහාමිගේ මාධ්‍ය ඒකකයට භාරදී තිබේ. සති අන්ත පුවත්පත් මඟින් මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසද පක්ෂ නායකයා උපදෙස් දී ඇත.
රනිල් - මංගල සන්ධානය පිළිබඳවත් එජාප අභ්‍යන්තර අර්බුදය පිළිබඳවත් එස්.බී. දිසානායක මහතා දරුණු ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත්, ඔහු නිහඬ කිරීමට ඇති එකම ක්‍රමය එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන බවට ප්‍රචාර කිරීම බවත්, පක්ෂ නායකවරයා සඳහන් කොට ඇත.
කොළඹ 07 පිහිටි කාර්යාලයකදී පැය දෙකක් පුරා පවත්වා ඇති මෙම රහස්‍ය සාකච්ඡාවේදී තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත්, ඊට එජාපේ ප්‍රබලයන් කිහිප දෙනෙකු හා ඔවුනට හිතවත් මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී ඇති බවත් දැන ගැනීමට තිබේ.
ඊට අමතරව එජාප කැරලිකාර මන්ත්‍රීවරයන්ගේ පෞද්ගලික තොරතුරු හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ඔවුන් යන එන තැන් පිළිබඳව සොයාබලන ලෙස එහිදී මාධ්‍යවේදීනට උපදෙස් දී ඇත.