බෙල්ලන්විල මහා පෙරහර අද


බෙල්ලන්විල රජ මහා විහාරයේ රන්දෝලි මහා පෙරහර අද (15) දින රාත්‍රියේ උත්සවාකාරයෙන් වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙවර සධාතුක කරඬුව වැඩම කරවනු ලබන්නේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා විසිනි.

පහතරට, උඩරට නැටුම් සහ වෙනත් නැටුම් අංග රාශියකින් මෙවර රන්දෝලි මහා පෙරහර සමන්විත වේ.

නැදුන්ගමුවේ රාජ ඇතුළු විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් මෙවර මහා පෙරහරේ ගමන් කිරීමට නියමිතය.

මෙවර පවත්වනු ලබනුයේ 59 වැනි මහා රන්දෝලි පෙරහරයි. පසුගිය වසර කිහිපයේ ආරක්ෂක හේතූ®න් මත පෙරහර ඉතා චාම්ව පවත්වනු ලැබිණි.

රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වීමෙන් පසුව මහ රන්දෝලි පෙරහර මෙවර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි සහ විහාරාධිපති බෙල්ලන්විල සෝමරතන හිමිවරු පවසති.