පොලිස් අධිකාරි වාස් ගුණවර්ධනට ස්ථාන මාරුවක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ.

පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මේ මාරු කිරීම සිදු කරනු ලැබුවේ ඊයේ (14) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේදී පහරදීමක් සිදුවී තිබූ අතර වාස් ගුණවර්ධන මහතාගේ ඥාතීන්ට සහ ඒ මහතාට එරෙහිව ඒ සම්බන්ධව චෝදනා එල්ල වී තිබුණි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සම්බන්ධව පුළුල් පරීක්ෂණ පැවැත්වෙයි. එම පරීක්ෂණ නිසා වාස් ගුණවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මාරු කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ හිස්වූ තනතුරට පොලිස් අධිකාරි සේනාරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයා ලෙස පත්කර තිබේ.