වීදි දරුවන් වැටලීම අද සිට

අගෝ: 12 - වීදි දරුවන් අත්අඩංගුවට ගෙන ළමා නිවාසවලට යොමු කිරීමේ විශේෂ වැටලීම් අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසයි.

අදාළ ළමුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම එහි අරමුණය.

දරුවන් නගරවල වීදි ආශ්‍රීතව ජීවත් වීමෙන් ඔවුන්ගේ අනාගතය අවදානමට ලක් වීම මෙන් ම විවිධ සාමාජීය හා සෞඛ්‍ය ගැටලු ඇති වන බව පොලිසිය පෙන්වා දෙයි.

වීදිවල සිටින ඇතැම් දරුවන්ගේ දෙමව්පියන් ද මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව පසුගිය කාලයේ කළ සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඒ අනුව, අධිකරණ නියෝග මත අද සිට වීදි දරුවන් ළමා නිවාසවලට යොමු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇත.

එම දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද සකස් කර ඇති බව පොලිසිය සඳහන් කළේය