සීනි, පරිප්පු මිල පාලනය ඉවතට

අප්‍රේල් 30 - සීනි, පරිප්පු සහ වටානා යන භාණ්ඩවලට රජය පැනවූ පාලන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.

මිල ඉහළ යන භාණ්ඩ රජය මගින් ආනයනය කර සැපයීමට ද ක්‍රියා කරන බව ඔහු පැවසීය.