ජවිපෙට තුන්වැනි තැනත් නෑ
මැතිවරණ ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණට හිමිවී තිබූ තීරණාත්මක තෙවැනි ස්ථානය ඌව පළාත් සභා මැතිවරණයේදී අහිමි වී තිබේ. මෙවර ඌව මැතිවරණ ප්‍රතිඵල අනුව බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙහිම තීරණාත්මක තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ ප්‍රතික්ෂේපිත ඡන්දවලටය. දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය අනුව ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 34424 ක් වන විට ජනතා විමුක්ති පෙරමුණට හිමිවී ඇත්තේ ඡන්ද 14639 ක් පමණි.