සම්බා ආනයනය කිරීමට යයි

මැයි 30 - වහා ම ක්‍රියාත්මක වන පරිදි සම්බා සහල් ආනයනය කිරිමට රජය තීරණය කර ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, සම්බා සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ දැමීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වන බවය.

වෙළෙඳ පොළේ සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඊට වැඩි මිලට සම්බා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.