උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමේ අවස්ථාවක්

අගෝ: 12 - උල්කාපාත වර්ෂාවක් දැක බලා ගැනිමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට හෙට අලුයම උදා වේ.

පර්සීඩ් නමින් හැඳින්වෙන මෙම උල්කාපාත වර්ෂාව අද සිට අනෙකුත් රටවලට ද දැකගත හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යඥ සරාජ් ගුණසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට එය දිස් වන්නේ, හෙට උදෑසන 4.00ත් 5.00ත් අතර කාලයේදී ය.